Live 24

January 29, 2026
☀️Clear sky, 27°C
January 29, 2026
☀️Clear sky, 27°C
  • Home
  • උණුසුම් පුවත්
  • මන්නාරම අධිකරණය අසළ වෙඩි තැබීමේ සිද්ධියට හමුදා සෙබළෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට
Image

මන්නාරම අධිකරණය අසළ වෙඩි තැබීමේ සිද්ධියට හමුදා සෙබළෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

මන්නාරම අධිකරණ සංකීර්ණය ඉදිරිපිට සිදුකළ වෙඩි තැබීමේ සිද්ධියට, යුද හමුදා සෙබළෙකු අ‍ැතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අතර ආබාධිත යුද හමුදා හිටපු සාමාජිකයකු ද වන බවයි පොලීසිය සඳහන් කළේ.

අදාළ ඝාතන සඳහා යොදාගත් පිස්තොල ගිනි අවියද සොයාගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු විසින් පසුගියදා (16) උදෑසන මන්නාරම අධිකරණයේ විභාග වන නඩු කටයුත්තක් සඳහා ඉදිරිපත් වීමට පැමිණෙමින් සිටි පිරිසක් ඉලක්කකොට වෙඩි තැබීමක් සිදු කර තිබුණා.

ඒ, මන්නාරම අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී යි.

එහිදි පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර කාන්තාවක අ‍ැතුළු තවත් අයකු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබුවා.

එලෙස ජිවිතක්ෂයට පත්වුයේ මන්නාරම, උයිලන්කුලම, නොච්චිකුලම පදිංචි සෙල්වකුමාර් සුදාහරන් නොහොත් ජූඩ් නැමති 42 හැවිරිදි පුද්ගලයකු සහ සවරියාන් අරුල් නැමති 61 හැවිරිදි පුද්ගලයෙක්.

මන්නාරම අධිකරණය අසලදී පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කිරීම සහ තවත් දෙදෙනකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස කටයුතු කළ නාරාහේන්පිට යුද හමුදා රෝහලේ සෙබළකු ඇතුළු තිදෙනකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා ප්‍රකාශ කළේ.

Releated News

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026
අද හවස 2න් පසුව තැන තැන ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.  උතුරු, උතුරු-මැද සහ වයඹ…

Jan 24, 2026
ඔස්කාර් ඉතිහාසය අලුත් කළ ‘Sinners’ : නිර්දේශ 16ක් ලබාගනිමින් ටයිටැනික් වාර්තාවත් බිඳ දමයි

ලෝක සිනමාවේ අති උත්කර්ෂවත්ම සම්මාන උළෙල ලෙස සැලකෙන ඔස්කාර් (Oscars) සම්මාන ඉතිහාසයේ වැඩිම නිර්දේශ සංඛ්‍යාවක් ලබාගත් චිත්‍රපටය ලෙස…

Jan 24, 2026
රත්‍රං මිල තවත් පහළට

මෙරට රත්‍රං මිල ඊයේ (28) දිනට සාපේක්ෂව රුපියල් 2000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ…

Jan 23, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *