අමෙරිකාව අසරණ කළ ගිනි කුණාටුව

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් අවට ඇති වූ ළැව් ගින්න මේ වනවිට හොලිවුඩ් කඳුකර ප්‍රදේශය දක්වා පැතිරී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

හොලිවුඩ් කඳුකරයේ ගින්න වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත්, එය පාලනය කිරීමට ඇති හැකියාව ‘ශුන්‍ය’ බවත් වාර්තා වනවා.

ලොස් ඇන්ජලීස් ඉතිහාසයේ වඩාත් විනාශකාරී ළැව් ගින්න ලෙසින් මෙය සැලකෙන අතර, මේ හේතුවෙන් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් ඇති බවට මේ වනවිට තහවුරු වී තිබෙනවා.

මෙම තත්ත්වය ලොස් ඇන්ජලීස්වලට අමතරව අසල්වැසි ප්‍රාන්තවලටද බලපා ඇති අතර, අවම වශයෙන් ළැව් ගිනි පහක් පැතිර යමින් පවතින බව වාර්තා වනවා.

කෙසේ නමුත් ඉන් ළැව් ගිනි තුනක් සම්පූර්ණයෙන්ම පාලනය කර නොමැති අතර, මේ හේතුවෙන් 137,000කට වැඩි පිරිසක් ඉවත් කිරීමට බලධාරීන් පියවරගෙන තිබෙනවා.

පසුගිය අඟහරුවාදා ඇරඹුණු ළැව් ගින්න මේ වනතුරුම ඇවිලෙන්නේ නොනවතින සුළං ප්‍රවාහයත් සමගින්.

ගිනි කුණාටුවක් ලෙසින් ලොස් ඇන්ජලීස් නගරාධිපතිනි කරෙන් බාස් මෙම ළැව් ගින්න හඳුන්වා තිබෙනවා.

බලන බලන සෑම තැනකම ගින්න වන අතර, ඒ හේතුවෙන් නගරයට බියජනක ආලෝකයක් එක්කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

සීඝ්‍රයෙන් පැතිරෙන මෙම ළැව් ගින්න පාලනය කිරීමට හෙලිකොප්ටර් මගින් ජලය හෙලීම සිදුවුවත්, දැඩි සුළං නිසා එය මුළුමනින්ම නිවා දැමීමට හැකියාවක් ලැබී නැහැ.

හොලිවුඩ් පුරවරයේ සුප්‍රකට නළු නිළියන් ඇතුළු සිනමා ශිල්පීන්ගේ නිවහන් පිහිටි ප්‍රදේශවලින්ද ඔවුන්ට ඉවත්වන ලෙස ලොස් ඇන්ජලීස්හි ගිනි නිවන දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

සුප්‍රකට ඔස්කාර් සම්මාන උළෙල පැවැත්වෙන ඩොල්බි තියටර් නැත්නම් ඩොල්බි රඟහල පිහිටා තිබෙන්නේ මෙම ප්‍රදේශයේයි.

මෙම වසරේ ඔස්කාර් සම්මාන උලෙළේ නාමයෝජනා ඉදිරි සතියේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇති වුවත්, ළැව් ගින්න හේතුවෙන් එය දැනටමත් දින දෙකකින් කල්දමා තිබෙනවා.

ලොස් ඇන්ජලීස් පුරවරයට බටහිර දෙසින් පිහිටි ධනකුවේරයන්ගේ පාරාදීසයක් වූ පැලිසේඩ්ස් ප්‍රදේශයේ නිවාස සියල්ල පාහේ මේ වනවිට ළැව් ගින්නෙන් විනාශයට පත්ව තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

සුප්‍රකට සැන්ටා මොනිකා සහ මලිබු අතර පැතිරුනු පැලිසේඩ්ස් ළැව් ගින්න නතරවී ඇත්තේ පැසිෆික් සාගර වෙරලාසන්නයට පැමිණීමෙන් අනතුරුවයි.

මේ හේතුවෙන් පැසිෆික් සාගර වෙරලාසන්නයේ පිහිටි නිවාසද ළැව් ගින්නෙන් වීනාශ වී තිබෙනවා.

මෙම ළැව් ගිනි නිසා ඇති වූ මූලික හානිවල ආර්ථික පාඩුව අමෙරිකානු ඩොලර් බිලියන 50ක ඉක්මවන බවට වාර්තා වනවා.

ගිනි නිවන භටයින් දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් මෙම ලැව් ගිනි නිවීම සඳහා යෙදවුවත් එම සංඛ්‍යාවද ප්‍රමාණවත් නොවන බවයි පැවසෙන්නේ.

මේ හේතුවෙන් අවට ප්‍රාන්ත 06කින් කැලිෆෝනියා ප්‍රාන්තය වෙත අතිරේක ගිනි නිවන රථ 250ක් සහ ගිනිනිවන භටයින් දහසක් පමණ රැගෙනවිත් තිබුණා.

කැලිෆෝනියා ළැව්ගින්නෙන් නිවාස අහිමිවූ පිරිස් අතර හොලිවුඩ් පුරයේ ප්‍රකට සිනමා ශිල්පීන් සහ ප්‍රකට පුද්ගලයින් රැසක් සිටිනවා.

බිලී ක්‍රිස්ටල්, පැරිස් සිල්ටන්, ජේම්ස් වුඩ්, ජෙනිෆර් ඇනිස්ටන්, බ්‍රැඩ්ලි කූපර්, ටොම් හෑන්ක්ස්, රීස් විදර්ස්පූන්, ඇඩම් සැන්ට්ලර් සහ මයිකල් කීටන් ද ඒ අතර වනවා.

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect