Live 24

Friday
January 10, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Friday
January 10, 2025
Image

බහාලුම් රථ 1000කට ආසන්න ප්‍රමාණයක් වරායේ හිරවෙලා

ආනයනික බහාලුම් නිෂ්කාශනයේ පවතින ප්‍රමාදය හේතුවෙන් බහාලුම් ප්‍රවාහන රථ 800 – 1000ක් අතර ප්‍රමාණයක් වරාය තුළ රැදී සිටින බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති සනත් මංජුල මහතා ඊයේ (9) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පෙන්වා දුන්නේ, වරාය අධිකාරිය සහ රේගු දෙපාර්තමේතුවේ කලමනාකාරීත්වයේ පවත්නා දුර්වලතා හේතුවෙන් මෙලෙස ආනයනික බහාලුම් රථ නිෂ්කාශනය ප්‍රමාදවීමට හේතු වී ඇති බවයි.

මේ හේතුවෙන් බහාලුම් රථ නිෂ්කාශනය කරගැනීමට ඇති තදබදය හේතුවෙන් සතියකට ආසන්න කාලයක් රියදුරන්ට වරාය තුළ රැඳී සිටීමට සිදුව ඇති බවද ඒ මහතා පවසනවා.

මේ අතර බහාලුම් නිෂ්කාශනය ප්‍රමාදවීම හේතුවෙන් ආනයනික භාණ්ඩවල මිල ද 20%කින් පමණ ඉහළ යා හැකි බවයි වාප්පු සේවක සංගමය පවසන්නේ.

එම සංගමයේ නියෝජ්‍ය සභාපති ඒ.ජේ.එම්. ජවුෆර් මහතා පවසා සිටියේ, බහාලුම් ප්‍රමාදය හේතුවෙන් ආයතන කිහිපයකට ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවීම ඊට හේතුව බවයි

Releated News

ලයිට් බිල දැන්ම අඩු කරන්න බැහැ – බලශක්ති ඇමති

විදුලිය බිල අඩු කිරීම දවසින් දෙකෙන් කළ නොහැකි බවත් විදුලිය බිල අඩු කරන්නේ වසර තුනක් ඇතුළත බව බලශක්තිය…

Jan 10, 2025
කටුනායක ගුවන්තොටුපළේ සිට මාකුඹුරට බස් රථ සේවාවක්

ශ්‍රී ලංකා මණ්ඩලය විසින් කටුනායක ගුවන්තොටුපළ සහ මාකුඔුර – බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අතර සුඛෝපභෝගී බස් රථ සේවාවක් අද…

Jan 10, 2025
අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හී ලැව් ගිනි තවත් උග්‍ර අතට

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හී පැතිරී යන ලැව් ගිනි තවත් උග්‍ර වී තිබේ. ඒ හේතුවෙන් පුද්ගලයින් 05 දෙනෙකුට දිවි අහිමි…

Jan 9, 2025
විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

2025 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අද (09) පර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. අදාළ පනත් කෙටුම්පත…

Jan 9, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *