Live 24

January 28, 2026
🌤️Mainly clear, 29°C
January 28, 2026
🌤️Mainly clear, 29°C
  • Home
  • Sinhala
  • රාජ්‍ය සේවකයින්ට සුබ ආරංචියක්
Image

රාජ්‍ය සේවකයින්ට සුබ ආරංචියක්

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට කඩිනමින් පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ, ඒ සඳහා මේ වනවිටත් මූලික අධ්‍යයනයන් ආරම්භ කර ඇති බවයි.

වෘත්තීය සමිති ඉල්ලීම්, ඇතැම් රජයන් විසින් ගත් විවිධ තීරණ හේතුවෙන් රාජ්‍ය සේවකයින්ගේ එක් එක් ශ්‍රේණි අතර දැඩි වැටුප් විෂමතාවක් නිර්මාණය වී ඇති බව ඔහු පෙන්වා දෙනවා.

අමාත්‍යවරයා පැවසුවේ, ඇතැම් රාජ්‍ය සේවක වැටුප් විෂමතාවන් 1992 වසරේ සිට හටගෙන ඇති බවයි.

මෙවැනි තත්ත්වයක් යටතේ රාජ්‍ය සේවකයින්ට අසාධරණයක් නොවන පරිදි වැටුප් විශමතා ඉවත් කිරීම දැඩි සංකීර්ණ තත්වයක් බව ද මහාචාර්ය චන්දන අබේරත්න මහතා ප්‍රකාශ කළා.

මෙම ගැටලුව විසඳීම සඳහා මුදල් අමාත්‍යංශය සමග ද මේ වනවිට සාකච්ඡා කිහිපයක් පවත්වා තිබෙනවා.

Releated News

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026
අද හවස 2න් පසුව තැන තැන ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.  උතුරු, උතුරු-මැද සහ වයඹ…

Jan 24, 2026
ඔස්කාර් ඉතිහාසය අලුත් කළ ‘Sinners’ : නිර්දේශ 16ක් ලබාගනිමින් ටයිටැනික් වාර්තාවත් බිඳ දමයි

ලෝක සිනමාවේ අති උත්කර්ෂවත්ම සම්මාන උළෙල ලෙස සැලකෙන ඔස්කාර් (Oscars) සම්මාන ඉතිහාසයේ වැඩිම නිර්දේශ සංඛ්‍යාවක් ලබාගත් චිත්‍රපටය ලෙස…

Jan 24, 2026
ගෙදර යන්න සූදානම්  – අගමැති හරිනි

අග්‍රාමාත්‍ය ධුරයේ වෙනසක් සිදුවිය යුතු බවට රටේ ජනතාව තීරණය කළ පසු තමා ඉන් ඉවත් වීමට සූදානම් බව අග්‍රාමාත්‍ය,…

Jan 24, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *