වේයන්ගොඩ නිධානයේ අලුත්ම තත්ත්වය

වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආධාරයෙන් කොටස් කිරීමේ කටයුතු දහවල් දොළහට පමණ ආරම්භ වුණා.

මෙම දැවැන්ත ගල් කුට්ටිය ඊයේ පස්වරුවේ විශාල දොඹකරයක ආධාරයෙන් ගොඩ ගැනීමට උත්සාහ ගත්තද  තිබූ තැනින් හැරවීමට වඩා දෙයක් කිරීමට නොහැකි වුණා.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම නවතා අධිකරණයට කරුණු වාර්තාකර ලබාගත් නියෝග මත මෙසේ අද තුන්වෙනි දිනයටත් කැණීම් කටයුතු සිදු කෙරුණා.

අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරී ප්‍රසාද් ප්‍රනාන්දු මහතා මෙම තත්ත්වය හමුවේ ගතයුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් භූ විද්‍යා පතල් කැණීම් කාර්යාංශය පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතනයන්හි නිලධාරින් සමග සිදු කළ සාකච්ඡාවකින් පසු මෙම ගල් කුට්ටිය කැඩීමට පියවර ගැනුණා.

අදාල නිලධාරීන් මෙම ස්ථානය වටා රැස් වී සිටිමින් එය නිරීක්ෂණය කරමින් පවතින අතර පොලිස් අපරාධ ස්ථාන පරක්ෂක නිලධාරීන් විසින් එහි ඡායාරූපගත කිරීමේ කටයුතුද කරමින් පවතිනවා.

වේයන්ගොඩ වඳුරව රාජමහා විහාරයට සමීපව අධිවේගී මාර්ග රක්ෂිතයේ පිහිටි මෙම ස්ථානයේ නිධන් වස්තු ඇති බවට ඇතැමුන් තුළ මත පවතිනවා.

ඒ අනුව අදාළ ස්ථානයේ නිධන් වස්තු සොයා වරින් වර කැණීම් කළ බව කියන චීවරධාරියෙකු ඇතුළු නව දෙනෙකු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.

අවස්ථා 10ට අධික සංඛ්‍යාවකදි මේ ආකාරයෙන් කැණීම් සිදුකළ පිරිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර අධිකරණය අදාළ ස්ථානය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ කැණීම් කිරීමට අත්තනගල්ල අධිකරණය නියෝග කර ඇත්තේ මෙම ස්ථානයේ නිරන්තරයෙන් නිධන් හෑරීම් සිදු කිරීම ගැන සැලකිල්ලට ගනිමින්.

ඒ අනුව භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අධීක්ෂණය යටතේ රාජ්‍ය නිලධාරීන් හා මහජනතාව ඉදිරියේ අදාළ ස්ථානයේ කැණීම් සිදුකරන ලෙසයි අධිකරණය නියෝග කර තිබුණේ.

මෙම කැණීම සැලකෙන්නේ මෙරට රාජ්‍ය ආයතනවල මැදිහත්වීමකින් සිදු කෙරෙන පළමු නිධන් හැරීම ලෙසයි.

මෙවන් පසුබිමක ඊයේ සිදුකළ කැණීම් පස්වරු 5ට පමණ අවසන් කළ අතර ඒ වන තෙක්ම එම ස්ථානයෙන් නිධානයක් වැනි කිසිවක් හමුවී තිබුණේ නැහැ.

අද පෙරවරුවේ එම කටයුතු යළි ආරම්භ කෙරුණේ අධිකරණ නියෝග මතයි.

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect