Live 24

February 17, 2026
☁️Overcast, 26°C
February 17, 2026
☁️Overcast, 26°C
  • Home
  • News
  • යාපනේ මාලිමා විජයග්‍රහණය පිටුපස චරිත දෙකක්..!
Image

යාපනේ මාලිමා විජයග්‍රහණය පිටුපස චරිත දෙකක්..!

යාපනේ මාලිමා විජයග්‍රහණය පිටුපස චරිත දෙකක්..! 

මෙවර ජනාධිපතිවරණයේ දී යාපනය දිස්ත්‍රික්කය ජය ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික ජන බලවේගය සමත් විය. 

පසුගිය ජනාධිපතිවරණයේ දී යාපනය දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගයට ලැබී තිබුණේ ඡන්ද 27,086 ක් පමණි. එය ප්‍රතිශතයක් ලෙස 7.29% කි. 

ජනාධිපතිවරණයේ දී එතරම් අඩු ඡන්ද සංඛ්‍යාවක් ලබා සිටි ජාතික ජන බලවේගය ඉන් මාස දෙකකටත් අඩු කාලයක දී පවත්වන ලද පාර්ලිමේන්තු මැතිවරණයේ දී යාපනය දිස්ත්‍රික්කයෙන් ඡන්ද 80,830 ක් ලබා ගත්තේ ය. ප්‍රතිශතයක් ලෙස එය 24.85% ඡන්ද ප්‍රමාණයකි. 

මෙතරම් විශාල ජයග්‍රහණයක් යාපනය දිස්ත්‍රික්කය තුළ ලබා ගැනීමට ජාතික ජන බලවේගයට හැකි වූවේ ප්‍රධාන චරිත දෙකක අප්‍රතිහත ධෛර්යය සහ කැපවීම මත යැයි වාර්තා වේ. 

එම චරිත දෙක වන්නේ, බිමල් රත්නායක සහ රාමලිංගම් චන්ද්‍රසේකරන් ය. 

ජනාධිපතිවරණය අවසන් වීමෙන් පසුව, ඔවුන් දෙදෙනා යාපනයේ නතර වී මහමැතිවරණය සදහා සූදානම් වී ඇති බව පැවසේ. 

ජනාධිපතිවරණයත් මහ මැතිවරණයත් අතර කාලයේ දී ඔවුන් දෙදෙනා විශාල රැස්වීම් ප්‍රමාණයක් යාපනයේ පවත්වා ඇති අතර, එම රැස්වීම් සදහා විශාල තරුණ පිරිසක් සහභාගීවී ඇති බවද පැවසේ. 

යාපනයේ පැවති අවසන් රැස්වීම සදහා ජනාධිපති අනුර ක-ුමාර දිසානායක මහතා සහභාගී වූ අතර, එම රැළියට අති විශාල ජනතාවක් සහභාගී වී සිටි බව නිරීක්ෂණය කළ හැකි විය. 

මෙම රැස්වීම සදහා අනුර කු-මාර දිසානායක ජනාධිපතිවරයාට අවශ්‍යනම් හෙලිකොප්ටරයකින් පැමිණිය හැකි වුවත්, එය ඡන්ද රැස්වීමක් බැවින් ජනාධිපතිවරයා එම ගුවන් ගමන ප්‍රතික්ෂේප කර තිබෙන බවද වාර්තා වේ. 

Releated News

හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනයේ 12ක් පෝරකයට

පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා නිට්ටඹුව නගරයේ දී පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ  12…

Feb 11, 2026
කතානායකට අල්ලසෙන් පරීක්ෂණයක්

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව බාරදී ඇති දූෂණ වංචා චෝදනා පිළිබඳ පැමිණිල්ල සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා…

Feb 8, 2026
පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පතට එරෙහි පෙත්සමක්

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් මූලික අයිතිවාසිකම් කඩවන බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත…

Feb 5, 2026
කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *