Live 24

February 17, 2026
☁️Overcast, 26°C
February 17, 2026
☁️Overcast, 26°C
  • Home
  • Local
  • නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි
Image

නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.

‍අද පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දීම ආරම්භ කළේය.

ඒ අනුව පළමුවෙන්ම අග්‍රාමාත්‍ය ධුරය වෙනුවෙන් ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුනි.

ඒ අනුව නව අමාත්‍ය මණ්ඩලය පහතින් දැක්වේ.

01. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය – අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය

02. විජිත හේරත් – විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය

03. මහාචාර්ය චන්දන අබේරත්න – රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය

04. නීතිඥ හර්ෂණ නානායක්කාර – අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය

05. සරෝජා සාවිත්‍රි පෝල්රාජ් – කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය

06. කේ.ඩී. ලාල්කාන්ත –  කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය 

07. අනුර කරුණාතිලක – නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය

08. රාමලිංගම් චන්ද්‍රසේකරන් – ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය

09. මහාචාර්ය උපාලි පන්නිලගේ – ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජාව සවිබලගැන්වීමේ අමාත්‍ය

10. සුනිල් හඳුන්නෙත්ති – කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය

11. ආනන්ද විජේපාල – මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය

12. බිමල් රත්නායක – ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය

13. මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි – බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය

14. වෛද්‍ය නලින්ද ජයතිස්ස – සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය

15. සමන්ත විද්‍යාරත්න – වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය

16. සුනිල් කුමාර ගමගේ – තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය

17. වසන්ත සමරසිංහ – වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය

18. මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන – විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය

19. මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු – කම්කරු අමාත්‍ය 

20. ඉංජිනේරු කුමාර ජයකොඩි – බලශක්ති අමාත්‍ය

21. වෛද්‍ය ධම්මික පටබැඳි – පරිසර අමාත්‍ය

Releated News

හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනයේ 12ක් පෝරකයට

පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා නිට්ටඹුව නගරයේ දී පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ  12…

Feb 11, 2026
කතානායකට අල්ලසෙන් පරීක්ෂණයක්

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව බාරදී ඇති දූෂණ වංචා චෝදනා පිළිබඳ පැමිණිල්ල සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා…

Feb 8, 2026
පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පතට එරෙහි පෙත්සමක්

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් මූලික අයිතිවාසිකම් කඩවන බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත…

Feb 5, 2026
කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026
1 Comments Text
  • Blue Techker says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Blue Techker Great information shared.. really enjoyed reading this post thank you author for sharing this post .. appreciated
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *