මෙරට ගබඩා කර ඇති සියලු වී තොග පිළිබඳ සමීක්ෂණ වාර්තාව අද (28) ජනාධිපතිවරයාට භාර දෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් ඇතුළු පිරිසක් විසින් ඊයේ (27) හා පෙරේදා (26) එම සමීක්ෂණ කටයුතු වී ගබඩා බහුල ලෙස ඇති පොළොන්නරුව, අනුරාධපුර සහ අම්පාර දිස්ත්‍රික්කවල සිදුකරනු ලැබුවේ ය.
සුළු හා මධ්‍ය පරිමාණ මෙන්ම මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ ගබඩා ද එහිදී විශේෂ පරීක්ෂාවට ලක්කර ඇත.
සුළු හා මධ්‍ය පරිමාණ සහල් ව්‍යාපාරිකයින් සමග පසුගිය සිකුරාදා පැවති හමුවකින් පසු අම්පාර සහ පොළොන්නරුව ඇතුළු දිස්ත්‍රික්කවල වී තොග පරීක්ෂා කරන්නැයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දෙනු ලැබුවේ ය.









