මහ මැතිවරණයට අදාළව ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පොලිසියට ලැබී ඇති පැමිණිලි ගණන 8 කි.
මේ අතර මැතිවරණයට අදාළව පැමිණිලි 290 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.
එම සියලුම පැමිණිලි මැතිවරණ නීති උල්ලංඝණය සම්බන්ධයෙන් ලැබී තිබේ.
මේ අතර, මැතිවරණ නීතී කඩවන අවස්ථාවලදි ඊට එරෙහිව කටයුතු නොකරන පොලිසිය ඇතුළු නිලධාරින්ට එරෙහිව විනය ක්රියාමාර්ග ගන්නා බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා සඳහන් කළේ ය.