Live 24

February 12, 2026
☁️Overcast, 27°C
February 12, 2026
☁️Overcast, 27°C
  • Home
  • Local
  • කබ්රාල් ඇතුළු පහකට අධිකරණයේ පෙනි සිටින්නැයි නියෝග
Image

කබ්රාල් ඇතුළු පහකට අධිකරණයේ පෙනි සිටින්නැයි නියෝග

ග්‍රීක බැඳුම්කර ගනුදෙනුවට අදාළව හිටපු මහ බැංකු අධිපති අජිඩ් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු පස් දෙනෙකුට ලබන මස 10 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ(26) නියෝග කළා.

අල්ලස් කොමිසම මෙම නඩුව පවරා ඇත්තේ දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටියදී ග්‍රීක රජය නිකුත් කළ භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමෙන් රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින්.

මීට පෙර මෙම ගනුදෙනුවට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර නඩු පැවරූ අතර කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල්වරයා අධිචෝදනා පත්‍ර අත්සන් තැබූ දින වකවානු සම්බන්ධයෙන් ඉදිරිපත් කළ තාක්ෂණික දෝෂය මත විත්තිකරුවන් නිදහස් කළා.

තාක්ෂණික දෝෂය නිවැරදි කරමින් කොමිසම පසුගිය අගෝස්තු 21 වැනිදා නැවත නඩු පැවරීමට පියවර ගෙන තිබුණා.

මේ අනුව ඊයේ (26) සිතාසි නිකුත් කෙරුණේ මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, හිටපු නියෝජ්‍ය අධිපති ධර්මසේන ධීරසිංහ, දොන් වසන්ත ආනන්ද සිල්වා, චන්ද්‍රසිරි ජයසිංහ පණ්ඩිත සිරිවර්ධන සහ එම්.ඒ. කරුණාරත්න යන විත්තිකරුවන්ටයි.

Releated News

හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනයේ 12ක් පෝරකයට

පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා නිට්ටඹුව නගරයේ දී පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ  12…

Feb 11, 2026
කතානායකට අල්ලසෙන් පරීක්ෂණයක්

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව බාරදී ඇති දූෂණ වංචා චෝදනා පිළිබඳ පැමිණිල්ල සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා…

Feb 8, 2026
පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පතට එරෙහි පෙත්සමක්

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් මූලික අයිතිවාසිකම් කඩවන බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත…

Feb 5, 2026
කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *