Live 24

January 28, 2026
🌤️Mainly clear, 29°C
January 28, 2026
🌤️Mainly clear, 29°C
Image

මග නැගුමෙන් ඉදිකිරීම් සමාගමට කෝටි 15ක් ගෙවීම නවතයි

මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක ‘මග නැගුම’ ආයතනය මඟින් නීතියට පටහැණිව යමින් 2k නමැති ඉදිකිරීම් සමාගමට රුපියල් මිලියන 150ක (කෝටි 15) මුදලක් ගෙවීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කළේය.

අදාළ මුදල් ගෙවීම අනුමත නොකිරීම මත පදනම් වෙමින් මග නැගුම අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරීමට මීට පෙර පැවති රජය ගත් තීරණයකට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉකුත්දා (24) කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය කෙරිණි.

මෙම ඉදිකිරීම් සමාගමට ගෙවීමට ඇති මුදල් ගෙවා අවසන් කර තිබියදී තවත් රුපියල් මිලියන 150ක් මෙසේ ගෙවන ලෙස හිටපු බලධාරීන් බලපෑම් එල්ල කර ඇති අතර මේ සම්බන්ධයෙන් මග නැගුම අධ්‍යක්ෂ මණ්ඩලය මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය දැනුම්වත් කර කරුණු ඉදිරිපත් කර තිබේ. ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය මේ මුදල නො‍ගෙවීමට තීරණය කර තිබේ. මේ සිදුවීම මත මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඉවත් කර පසුව වැඩබලන සභාපති ධුරයට පත් වූ එවකට අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මග නැගුම අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැර තිබේ.

මුදල් ගෙවීමට විරුද්ධ වීම පදනම් කර ගනිමින් අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරීමට විරුද්ධව මග නැගුම විධායක අධ්‍යක්ෂ මහේෂ් වික්‍රම මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබූ අතර එම පෙත්සම යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර, ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ ඉකුත්දා (24) කැඳවීය. ඒ අනුව මීළඟ නඩු දිනය දක්වා එකී ගෙවීම් අත්හිටුවන ලෙස සහ පෙර පැවැති තත්ත්වය වෙනස් නොකර අදාළ තනතුරු ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීමට කටයුතු කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය වගඋත්තරකාර පාර්ශ්වයන්ට නියෝග කළේය.

ලබන වසරේ පෙබරවාරි මස 11 වැනිදා පෙත්සම නැවත කැඳවීමට තීරණය කෙරිණි. ‘මග නැගුම’ ආයතනයේ විධායක අධ්‍යක්ෂවරයකු වන මහේෂ් වික්‍රම මහතා විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබිණි. මාර්ග සංවර්ධන අධිකාරිය, හිටපු මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන, එම අමාත්‍යාංශ ලේකම්, නීතිපතිවරයා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවෝ වෙති.

පෙත්සම්කරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ කනිෂ්ක විතාරණ මහතා පෙනී සිටි අතර ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා ‘මග නැගුම’ ආයතනය වෙනුවෙන් පෙනී සිටියේය.

නීතිඥ චතුර ගල්හේන මහතා 2k සමාගම වෙනුවෙන් පෙනී සිටියේය.

Releated News

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026
අද හවස 2න් පසුව තැන තැන ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.  උතුරු, උතුරු-මැද සහ වයඹ…

Jan 24, 2026
ඔස්කාර් ඉතිහාසය අලුත් කළ ‘Sinners’ : නිර්දේශ 16ක් ලබාගනිමින් ටයිටැනික් වාර්තාවත් බිඳ දමයි

ලෝක සිනමාවේ අති උත්කර්ෂවත්ම සම්මාන උළෙල ලෙස සැලකෙන ඔස්කාර් (Oscars) සම්මාන ඉතිහාසයේ වැඩිම නිර්දේශ සංඛ්‍යාවක් ලබාගත් චිත්‍රපටය ලෙස…

Jan 24, 2026
රත්‍රං මිල තවත් පහළට

මෙරට රත්‍රං මිල ඊයේ (28) දිනට සාපේක්ෂව රුපියල් 2000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ…

Jan 23, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *