Live 24

February 12, 2026
☁️Overcast, 27°C
February 12, 2026
☁️Overcast, 27°C
  • Home
  • Local
  • නාගරික සංවර්ධන අධිකාරිය ලක්ෂ2960ක් වතුරේ යවලා
Image

නාගරික සංවර්ධන අධිකාරිය ලක්ෂ2960ක් වතුරේ යවලා

නාගරික සංවර්ධන අධිකාරිය විසින් රාජගිරිය උබේසේකරපුර, අරුණෝදය මාවතේ ඇළ රක්ෂිතයේ අනවසර පදිංචි පවුල් 350ක් සඳහා තට්ටු 20කින් යුත් නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට සැලසුම් කර පසුව තට්ටු 02ක් පමණක් සම්පූර්ණ කර තිබියදී, නිවාස යෝජනා ක්‍රමය අතරමග නතර කර ඇති බවට නවතම විගණන වාර්තාවකින් අනාවරණය වනවා.

ඒ වෙනුවෙන් වැය කරන ලද රුපියල් ලක්ෂ 2960ක වියදම නිෂ්කාර්ය වී ඇති බව එම විගණන වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා.

එම විගණන වාර්තාවේ සඳහන් වන පරිදි, මෙම ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත වියදම රුපියල් ලක්ෂ 19238.5ක්.

මෙම නිවාස ව්‍යාපෘතිය 2020 වර්ෂයේ මැයි මස 05 වන දින ආරම්භ කර ඇති අතර, 2023 ඔක්තෝබර් 30 අවසන් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කර තිබුණා.

එහෙත් එම විගණන වාර්තාවේ සඳහන් වන පරිදි කොන්ත්‍රාත්කරුවන් 10දෙනෙකුගේ දුර්වල ක්‍රියාකාරිත්වය සහ කොන්ත්‍රාත්කරුවන්ට මුදල් ගෙවීම නාගරික සංවර්ධන අධිකාරිය මගින් ප්‍රමාද වීම නිසා 2022 මාර්තු 29 ව්‍යාපෘතිය අතරමග නතර කර තිබෙන බවයි සඳහන් වන්නේ.

මේ වන විට ව්‍යාපෘතියට රුපියල් ලක්ෂ 2960ක මුදලක් වැය කර තිබූ බව විගණනය මගින් හෙළි කර ඇති අතර, මෙම ව්‍යාපෘතියේ මහල් දෙකක් පමණ සාදා නතර කර ඇති අතර, ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය මගින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව විගණනය මගින් අනාවරණය වි තිබෙනවා.

සැප්තැම්බර් මස 23වන දින නිකුත් කරන ලද නවතම විගණන වාර්තාවකින් මේ බව අනාවරණය වනවා.

Releated News

හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනයේ 12ක් පෝරකයට

පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා නිට්ටඹුව නගරයේ දී පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ  12…

Feb 11, 2026
කතානායකට අල්ලසෙන් පරීක්ෂණයක්

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව බාරදී ඇති දූෂණ වංචා චෝදනා පිළිබඳ පැමිණිල්ල සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා…

Feb 8, 2026
පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පතට එරෙහි පෙත්සමක්

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් මූලික අයිතිවාසිකම් කඩවන බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත…

Feb 5, 2026
කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *