Live 24

February 12, 2026
☁️Overcast, 26°C
February 12, 2026
☁️Overcast, 26°C
  • Home
  • Sinhala
  • මන්ත්‍රීලා 85ක් පැන්ෂන් නැතුව ගෙදර
Image

මන්ත්‍රීලා 85ක් පැන්ෂන් නැතුව ගෙදර

නවක මන්ත්‍රීවරුන්  සහ මන්ත්‍රීවරියන් 85 දෙනකුට පාර්ලිමේන්තුව කල්තියා විසුරුවා හැරීමත් සමග  විශ්‍රාම වැටුප අහිමිවූ  බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

මන්ත්‍රීවරයකු විශ්‍රාම වැටුප හිමිවීමට නම්  පාර්ලිමේන්තුවේ වසර පහක මුළු නිල කාලයම  සම්පූර්ණ කළ යුතුවේ.

නව වැනි පාර්ලිමේන්තුවේ නිල කාලය සාමාන්‍ය පරිදි අවසන් වීමට නියමිතව තිබුණේ ලබන වසරේ අගෝස්තු මස 8 වැනිදාය.

මෙසේ විශ්‍රාම වැටුප  අහිමිවූ මන්ත්‍රීවරු අසූ පස් දෙනාට විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුද  ඇතුළත් වෙති.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප්  හිමිවන්නේ 1977 අංක 1 දරන මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනතේ විධි විධාන අනුවය.

වසර පහ සම්පූර්ණ කරන මන්ත්‍රීවරයකුට මන්ත්‍රී  වැටුපෙන් තුනෙන් එකක මුදලක් විශ්‍රාම වැටුපක් ලෙස හිමි වනු ඇත.

වසර දහයක් සම්පූර්ණ කරන මන්ත්‍රීවරයකුට හිමි වන්නේ  මන්ත්‍රී වැටුපෙන් තුනෙන් දෙකක මුදලක විශ්‍රාම වැටුපකි.

මේ අතර  මන්ත්‍රීවරුන්ට හිමිව තිබූ මන්ත්‍රී වැටුප සහ  අනෙකුත් වරප්‍රසාද සියල්ලද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග  අහෝසිවී  ගියේය.

Releated News

හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනයේ 12ක් පෝරකයට

පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා නිට්ටඹුව නගරයේ දී පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ  12…

Feb 11, 2026
කතානායකට අල්ලසෙන් පරීක්ෂණයක්

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව බාරදී ඇති දූෂණ වංචා චෝදනා පිළිබඳ පැමිණිල්ල සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා…

Feb 8, 2026
පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පතට එරෙහි පෙත්සමක්

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් මූලික අයිතිවාසිකම් කඩවන බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත…

Feb 5, 2026
කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *