Live 24

Thursday
November 21, 2024
loader-image
temperature icon 27°C
broken clouds
Thursday
November 21, 2024
Image

පොහොට්ටුවෝ මට ඡන්දෙ දීලා නැහැ

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයා මේ බව පවසා තිබුණේ පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී.

පොදු ජන පෙරමුණේ ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් තමාට සහාය දීම සඳහා පැමිණියද ඔවුන් සමග ජනතාව පැමිණ නැති බවත් පොහොට්ටුවේ බහුතර පිරිස අනුර දිසානායක වෙනුවෙන් ඡන්දය පාවිච්චි කර තිබෙන බවත් පවසා තිබෙනවා.

ඒ අනුව ඊළඟට කළ යුතුව ඇත්තේ මහ මැතිවරණයට සූදානම් වීම බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කර තිබෙනවා.

එහිදී එක්සත් ජාතික පක්ෂ නිලධාරීන් මෙන්ම පාක්ෂිකයන් අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ මහ මැතිවරණය සඳහා අලියා ලකුණින් ඉදිරිපත් වීම සුදුසු බවයි.

ජනාධිපතිවරයාද එම අදහස අනුමත කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මහ මැතිවරණය සඳහා සෑම දිස්ත්‍රික්කයකින්ම අලුත් මුහුණු හතරක්වත් ඉදිරිපත් කළ යුතුව බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසු බව සඳහන්.

Releated News

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන සමාලෝචනයට අදාල සාකච්ඡා ආරම්භ වෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන සමාලෝචනයට අදාල සාකච්ඡා ආරම්භ වෙයි..! ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ඊයේ දිනයේ දී දිවයිනට පැමිණි අතර, විස්තීර්ණ…

Nov 19, 2024
“රාජ්‍ය බලය සහ රාජ්‍ය සම්පත් අවම ලෙස අවභාවිතා වූ මැතිවරණයක්..!”

රාජ්‍ය බලය සහ රාජ්‍ය සම්පත් අවම ලෙස අවභාවිතා වූ මැතිවරණයක්..!” ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් කියයි.  පසුගියදා අවසන් වූ මහමැතිවරණය, මෙරට මැතිවරණ ඉතිහාසයේ, රාජ්‍ය…

Nov 19, 2024
රවී කරුණානායක ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාව නම් කර තිබේ. පක්ෂ ආරංචි මාර්ග…

Nov 18, 2024
යාපනේ මාලිමා විජයග්‍රහණය පිටුපස චරිත දෙකක්..!

යාපනේ මාලිමා විජයග්‍රහණය පිටුපස චරිත දෙකක්..!  මෙවර ජනාධිපතිවරණයේ දී යාපනය දිස්ත්‍රික්කය ජය ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන්…

Nov 18, 2024

Leave a Reply

Your email address will not be published. Required fields are marked *