2025 වසරේ පෙබවාරි මාසය වනවිට වාහන ආනයනය සඳහා පනවා ඇති සීමා සියල්ල ලිහිල් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙන බව අමාත්‍ය අලි සබ්රි සිය X ගිණුමෙහි සටහනක් තබා තිබෙනවා.
විදේශ සංචිත සැලකියක යුතු වර්ධනයක් පෙන්වීම සහා රුපියල ශක්තිමත්වීම ඊට හේතුව වන බවත් ආර්ථික යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය ගත් අඛණ්ඩ උත්සහායක ප්‍රතිඵලය මෙය වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
අලි සබ්‍රි සටහන් කල X ගිණුමෙහි සටහන පහතින්,
"With the significant improvement in forex reserves and the strength of the rupee, the Cabinet of Ministers has decided to lift all vehicle import ban/restrictions by February 2025. This decision is part of our ongoing efforts to restore normalcy in the economy and meet the needs…
— M U M Ali Sabry (@alisabrypc) September 13, 2024
