Live 24

February 13, 2026
Partly cloudy, 25°C
February 13, 2026
Partly cloudy, 25°C
Image

කෙහෙළිය ට ඇප දුන්න හේතුව

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදාහැරීම සම්බන්ධයෙන් මාස 6කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි 08වන සැකකරු වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, 07වන සැකකාර සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ හේරත් කුමාර, 12වන සැකකාර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිළධාරී වෛද්‍ය විජිත් ගුණසේකර යන අය ඇප මත මුදාහැරීමට මළිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඊයේ (11) නියෝග කළා.

ඒ, ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ යළි කැඳවූ අවස්ථාවේදී.

ඒ අනුව සැකකරුවන් දැඩි මානසික ආතතියකට ලක්වී ඇති බවත් දරුණු මානසික රෝගී තත්ත්වයකට මුහුණ පා ඇති බවත් නිගමනය කළ මහෙස්ත්‍රාත්වරිය වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50ක මුදල් ඇප දෙකක් මත සැකකරුවන් මුදා හැරියා.

නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ලක්මිණි ගිරිහාගම මෙනෙවිය සැකකරුවන් සම්බන්ධව රජයේ වෛද්‍ය මණ්ඩලය විසින් ලබාදුන් නිර්දේශ ඇතුළත් වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළා.

ඇප නියමවූ සැකකරුවන් සියදිවි නසා ගැනීමේ අවදානමක් ඇති බවත්, දරුණු මානසික රෝගී තත්ත්වයකට මුහුණු දී ඇති බවත් ඔවුන්ගේ හෘද රෝගී තත්ත්වයන් උත්සන්නව ඇති බවට වෛද්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බව එම වෛද්‍ය මණ්ඩල වාර්තා අනුව සනාථ වී තිබෙනවා.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නිතිඥ අනුජ ප්‍රේමරත්න මහතා සඳහන් කළේ සිය සේවාදායකයා සියදිවි නසා ගැනීමේ ප්‍රවණතාවයක් හා පසුකම්පන තත්ත්වයක් ඇති බවත් එවැනි සියදිවි නසා ගැනීමකට තැත් කරන රෝගියෙකු බලා ගැනීමට බන්ධනාගාර රෝහලේ පහසුකම් නැති බවත් අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළා.

තවද පුර්ණ අබාධිත තත්ත්වයට පත්විය හැකි බවත් එම තත්ත්වය රජයේ රෝහලක සුව කිරීමට නොහැකි බවත් නීතිඥවරයා පෙන්වාදී තිබුණා.

ඊට විරෝධය පෑ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පෙන්වා දුන්නේ 2019 වසරේදී ලබා ගත් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර ඇති බවත් එවා වසර පහක් පැරණි එවා බවයි.

එමෙන්ම 8වන සැකකරු එසේ ඉදිරිපත් කර ඇත්තේ ඉදිරි වසර 10කදී ඇති විය හැකි රෝග වාර්තාවක් බවත් වර්තමාන තත්ත්වය තුළදී එම රෝගවලින් නොපෙළෙන බවත් ඇය පැවසුවා.

තවද වර්තමාන රෝගී තත්ත්වය වෛද්‍ය මණ්ඩලය වෙත පෙන්වා දීමට සැකකරු අසමත් වී ඇති බවද ඇය මෙහිදී සඳහන් කර තිබුණා.

මෙවන් තත්ත්වයක් මත සැකකරුට ඇප ලබාදීමට හැකියාවක් නැති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පෙන්වා දුන් බව සඳහන්.

එබැවින් අමාත්‍යවරයා බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර කිරීමට නොහැකි නම් අධිකරණ නිරීක්ෂණය යටතේ කොළඹ ජාතික රෝහලට හෝ අංගොඩ ජාතික මානසික වෛද්‍ය විද්‍යායතනයට යවා එම මානසික ප්‍රතිකාර සහ හෘද රෝගී ප්‍රතිකාර ලබාදීමට කටයුතු කර ලෙස ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එහිදී මහෙස්ත්‍රාත්වරිය පවසා සිටියේ, අවුරුදු 71 වයසේ පසුවන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සැලකිය යුතු රෝගවලින් පීඩාවිඳින බව අධිකරණයට නිරීක්ෂණය වන බවත් දැනට මාස 07කට අධික කාලයක් බන්ධනාගාරගතව සිටීම බැහැර කළ නොහැකි කරුණක් බවත්ය.

එමෙන්ම 08වන සැකකරුගේ රෝගී තත්ත්වය ක්‍රමානුකූලව උත්සන්න වන බව වෛද්‍ය වාර්තා අනුව නිරීක්ෂණය වන බවද මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළා.

ඒ අනුව ඉදිරිපත්ව ඇති වෛද්‍ය නිර්දේශ සුවිශේෂි කරුණු ලෙස සලකා සැකකරුවන් ඇප මත නිදහස් කරන බව මහෙස්ත්‍රාත්වරිය පැවසුවා.

පසුගිය නඩු වාරයේදී අංගොඩ මානසික රෝග විද්‍යාතනය වෙත යොමු කළ පළමු සැකකාර සුදත් ජානක නමැත්තා ඊයේ දින අධිකරණයට ඉදිරිපත් නොකළ අතර සෙසු සැකකරුවන් තිදෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළා.

එහිදී පළමු වන සැකකාර ඖෂධ සමාගම් සැපයුම් හිමිකරු සුදත් ජානක ප්‍රනාන්දු සම්බන්ධයෙන් දින 14න් 14ට රෝග වාර්තා ඉදිරිපත් කරන ලෙස අංගොඩ මානසික රෝහලට නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය සැකකරු නඩුව සඳහා පෙනී සිටීමට සුදුසු තත්ත්වයට සුව වූ පසු ඔහුව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළා.

මෙම සිද්ධිය සම්බන්ධව සැකකරුවන් 11 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අතර මේ වනවිට 10 දෙනෙකු ඇප මත මුදාහැර තිබෙනවා.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමයක් යටතේ මෙරටට ගෙන්වූ ඖෂධ නිසා ජීවිත අවදානම් තත්ත්වයට පත් කිරීම සහ රජයට කෝටි ගණනක පාඩුවක් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලා අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා සහ සිවිල් සංවිධාන එකමුතුව කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම විමර්ශන කටයුතු ආරම්භ කළා.

Releated News

හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනයේ 12ක් පෝරකයට

පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා නිට්ටඹුව නගරයේ දී පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ  12…

Feb 11, 2026
කතානායකට අල්ලසෙන් පරීක්ෂණයක්

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව බාරදී ඇති දූෂණ වංචා චෝදනා පිළිබඳ පැමිණිල්ල සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා…

Feb 8, 2026
පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පතට එරෙහි පෙත්සමක්

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් මූලික අයිතිවාසිකම් කඩවන බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත…

Feb 5, 2026
කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *