Live 24

February 13, 2026
Partly cloudy, 25°C
February 13, 2026
Partly cloudy, 25°C
  • Home
  • Local
  • අරුන්දිකගෙන් පොලීසිය ප්‍රකාශයක් අරන්
Image

අරුන්දිකගෙන් පොලීසිය ප්‍රකාශයක් අරන්

රුපියල් ලක්ෂ 30ක මුදල් වංචාවක් පිළිබඳව ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන්  රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතාගෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ඊයේ (09) පැය 5කට අධික කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබා ගෙන තිබෙනවා.

මෙම සිද්ධිය සමබන්ධයෙන් මෙතෙක් සිදුකර ඇති විමර්ශනවලින් හෙළිදරවූ තොරතුරු මත අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණ වූ රාජ්‍ය අමාත්‍යවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙකු බව කියන වයික්කාලේ පදිංචි රොසාන් සේනානායක සහ කොච්චිකඩේ පදිංචි මොහොමඩ් අලි නමැත්තන් මේ  වන විට  මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා විසින් ලක්ෂ 10 බැගින්වූ පුද්ගල ඇප මත මුදාහැර තිබෙනවා.

මෙලෙස ඇප මත මුදාහරිනු ලැබුවේ වංචා කළ මුදලින් ලක්ෂ 15 ක් සම්බන්ධීකරණ නිලධාරියා සහ තැරැව්කරු විසින් රුපියල් 50000 ක් පැමිණිලිකාරියට ගෙවීමෙන් අනතුරුව බවයි වාර්තා වෙන්නේ.

පැමිණිලිකාරිය විමර්ශනයේදී ලබාදී ඇති තොරතුරු අනුව මොහොමඩ් නමැත්තා විසින් රාජ්‍ය අමාත්‍යවරයා මාර්ගයෙන් ඔස්ට්‍රේලියාවට යා හැකි බව පවසා අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් හඳුන්වාදීම සිදු කර තිබෙනවා.

ඉන්පසු පැමිණිලිකාරිය විසින් සම්බන්ධිකරණ ලේකම්වරයා ලබාදුන් ඔහුගේ සහ අමාත්‍යවරයාගේ නමින් ඇති බැංකු ගිණුම් දෙකකට මෙම වසරේ ජනවාරි මස 05දා සහ 22දා රුපියල් ලක්ෂ දොළහක් සහ හාරලක්ෂ අනූපන්දහසක මුදලක් තැන්පත් කර ඇති අතර, අතර මැදියා අතට ලක්ෂ දොළහක මුදලක් ලබාදී ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.

අමාත්‍යවරයා විදේශ ගතවන දිනයේදී ඔහු සමග ප්‍රභූ පර්යන්තයෙන් ගුවන්තොටු පොළට ඇතුළු වන ලෙස මෙම කාන්තාවට උපදෙස් ලබාදී ඇති අතර නියමිත දිනයේදී මෙම කාන්තාව ඥාතීන් සමග ගුවන්තොටුපොළට පැමිණ සිටියදී තමාගේ පිටුපසින් පැමිණෙන ලෙස අමාත්‍යවරයා උපදෙස් දී ඇති බවද සඳහන්.

කෙසේවෙතත්, ලේඛනවල ගැටලුවක් හේතුවෙන් මෙම කාන්තාවට ගුවන්යානය වෙත ගමන්කිරීමට ආගමන විගමන නිලධාරීන් විසින් අවසර ලබාදී නොමැති බවද විමර්ශන වලදී අනාවරණය වූ බව පොලීසිය පවසනවා.

පොරොන්දු වූ පරිදි ඔස්ට්‍රේලියාවට යාමට අවස්ථාව ලබා නොදුන් නිසා තමාගෙන් ලබාගත් මුදල් ආපසු ගෙවන ලෙස සැකකරුවන් ගෙන් සිදු කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් වින්දිත කාන්තාව විසින් මීගමුව කොට්ඨාසයේ වංචා විමර්ශන අංශයට පැමිණිල්ලක් සිදු කර තිබුණා.

සම්බන්ධීකරණ නිලධාරියාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී තම ගිණුමට තැන්පත් කළ ලක්ෂ 15ක මුදල තමන් විසින් රාජ්‍ය අමාත්‍යවරයාට ලබා දුන් බව ඔහු ප්‍රකාශ කර ඇති බවද පොලීසිය සඳහන් කරනවා.

මීගමුව කොට්ඨාසයේ වංචා විමර්ශන අංශය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කිරීමට නියමිතයි.

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පවසා සිටියේ තමා ඉදිරියේදී  ස්වාධීනව කටයුතු කරන බවයි.

ජනාධිපතිවරයාට සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හැකිනම් එක්ව කටයුතු කරන ලෙසත්, අත්දෙක එකතු කර එම ඉල්ලීම සිදු කරන ලෙසත් ඔහු එහිදී සඳහන් කළා.

අරුන්දික ප්‍රනාන්දු මහතා මෙහිදී තවදුරටත් පවසා සිටියේ, ස්වාධීන මන්ත්‍රීවරයෙක් වශයෙන් මේ වන විට ගොඩනැඟී ඇති අශුද්ධ සංවිධානය විරුද්ධව  එයපරාජයට පත් කළ හැකි ඕනෑම අයෙකු සමඟ සාකච්ඡා කරන බවයි.

කෙසේවෙතත්, ඊට පසුදින ඔහු රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන මැති ඇමතිවරුන් විසින් පිහිටුවා ගනු ලැබූ පොදු ජන එක්සත් නිදහස් පෙරමුණ එළි දැක්වීමේ උත්සවයට සම්බන්ධ වී ඇති බවද දක්නට ලැබුණා.

Releated News

හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනයේ 12ක් පෝරකයට

පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා නිට්ටඹුව නගරයේ දී පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ  12…

Feb 11, 2026
කතානායකට අල්ලසෙන් පරීක්ෂණයක්

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව බාරදී ඇති දූෂණ වංචා චෝදනා පිළිබඳ පැමිණිල්ල සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා…

Feb 8, 2026
පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පතට එරෙහි පෙත්සමක්

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් මූලික අයිතිවාසිකම් කඩවන බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත…

Feb 5, 2026
කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *