Live 24

February 13, 2026
Partly cloudy, 25°C
February 13, 2026
Partly cloudy, 25°C
  • Home
  • Local
  • අතීතය මතක් කළ නාමල්
Image

අතීතය මතක් කළ නාමල්

තමන් සැමවිටම ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, රට සංවර්ධනය සදහා නිසි වැඩපිළිවෙලක් සිය පක්ෂය මඟින් හඳුන්වා දී ඇති බවය.

මූතුර් ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින් නාමල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

“අපි පැහැදිලිවම ප්‍රතිපත්ති ගරුක දේශපාලන පක්ෂයක්. එදා මේ නැගෙනහිර ජනතාවගේ ජීවත්වීමේ අයිතිය ලබාදුන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. එල්.ටී.ටී.ඊ ත්‍රස්තාවදයට කොටුවෙලා, අනාගතය පිළිබඳ බලාපොරොත්තු රහිතව වැඩිහිටියෝ ජීවත් වුණේ. නිදහස ලබාදුන්නා පමණක් නෙමෙයි අද නාවික, ගුවන් කෙන්ද්‍රස්ථානයක් බවට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය, සේරුවාවිල පරිවර්ථනය වෙමින් පවතිනවා. අනෙක් පැත්තෙන් සංචාරක ව්‍යාපාරයට ප්‍රමුඛස්ථානයක් ලැබෙන නැගෙනහිර පළාතේ සංචාරක කේන්ද්‍රස්ථානයක් විදියට මේ ප්‍රදේශය සංවර්ධනය කළා. අපිට ඒ සැලැස්ම තිබුණා. මම නිර්මාණය කරන රාජ්‍ය තුළ සංචාරක ව්‍යාපාරය කේන්ද්‍රකර ගෙන ත්‍රිකුණාමල වරයා කේන්ද්‍ර කරගෙන සංචාරක නෞකා රැගෙන එන මධ්‍යස්ථානයක් බවට ත්‍රිකුණාමලය පරිවර්ථනය කරන්න. සියලු සංස්කෘතීන් ආරක්ෂා කරන ගමන් තරුණයින් අපේක්ෂා කරන අනාගතයක් ගොඩනගන්න අවශ්‍ය ප්‍රතිපත්ති තීන්දු අපි ගන්නවා.”

Releated News

හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනයේ 12ක් පෝරකයට

පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා නිට්ටඹුව නගරයේ දී පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ  12…

Feb 11, 2026
කතානායකට අල්ලසෙන් පරීක්ෂණයක්

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව බාරදී ඇති දූෂණ වංචා චෝදනා පිළිබඳ පැමිණිල්ල සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා…

Feb 8, 2026
පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පතට එරෙහි පෙත්සමක්

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් මූලික අයිතිවාසිකම් කඩවන බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත…

Feb 5, 2026
කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *