ලක්ෂ 220 අභිලාෂ දිනවන්න රටට උත්තර සපයන්න අපි එක් වුණා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ඓතිහාසික යුග මෙහෙවරකට මුල පුරන අවස්ථාවේ ලක්ෂ 220කගේ අභිලාෂ සාක්ෂාත් කිරීමේ අරමුණු ඇතිව දුක කදුල වේදනාව තේරෙන කුප්‍රකට වංචනික දේශපාලන රටාවෙන් බැහැර වී ජනතාව උත්තර සපයන සන්ධානයක් ආරම්භ කළ බවත් ලක්ෂ 220 ජන දුක නිවාලන්නට බිහි වූ මේ සමගි ජන බලවේගය රටේ සංවර්ධනය වෙනුවෙන් කැපවෙන බවත් කුමන භාෂාවක් කතා කළත් කුමන පක්ෂයකට ඇතුළත් වුවත් හැමෝගේම අපේක්ෂාව නොබෙදුනු රටක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

හොද පෞරුෂයක් ඇති විශිෂ්ඨ මාතෘ භූමියක් නිර්මාණය කළ යුතු බවත් ජාති ආගම් කුල වශයෙන් රටක් ලෙස බෙදී ඇති බවත් මේ බෙදුනු දේශය මතු පරපුරට දායාද කළ නොහැකි නිසා මේ රට මුදවා ගත යුතු බවත් බෙදීම ඉදිරි පරම්පරාවට දායාද කරන වැඩපිළිවෙළ නැති කර මතු පරපුරට ශක්ති සම්පන්න දේශයක් ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම පෞද්ගලික අභිලාෂ පැත්තකට දමා පරාර්ථකාමී සංකල්පයම පෙරදැරි කර ගෙන ශ්‍රී ලංකාව අංක 1 ට ගෙන ඒමට එකතු වීම සතුටට කරුණක් බවත් රට ගොඩනගන එකමුතුව යන ගමනේ පළමු පියවර මෙසේ තැබූ බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

සමගියෙන් බිහි වූ රට විනාශ කරන්නට බෙදන්නට විවිධ අවස්ථාවල මේ එකමුතුභාවය නැති කරන්න ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ලැජ්ජා නැති ලෙස කටයුතු කරන බවත් මේ සන්ධානය බාර් පර්මිට්වලට වරදාන වරප්‍රසාදවලට ලබා ගන්න හැදුවත් මේ ජරා ජීරණ වූ රට බංකොලොත් රට බංකොලොත්භාවයෙන් මුදවා ගන්නා බවත් සමගි ජන බලවේගයේ වරදාන වරප්‍රසාද වලට රට පාවා දෙන අය නොමැති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

2024 ජනාධිපතිවරණය සහ ඉදිරි මැතිවරණ සඳහා සමගි ජන බලවේගයට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන සන්ධානය සමඟ පසුගිය දා එක් වු අනෙකුත් පක්ෂ රාශියක් සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම අද (8) උදේ 9ට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී සිදු විය.

සමගි රටක් සැමට ජයක් යන තේමාව පෙරටු කර ගත් මෙම සම්මුතිය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, වතුකරයේ ජනතාව නියෝජනය කරණ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය (TPA), ශ්‍රී ලංකා මහජන පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ආදී පක්ෂ රැසක සාමාජිකයන් රැසක් සමඟ මෙම සම්මුතියට එළැඹීණි.

ඒ සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රාවුෆ් හකීම් මහතා , ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා , කම්කරු ජාතික පෙරමුණේ නායක පලනි දිගම්බරම් මහතා , කදුරට ජනතා පෙරමුණේ නායක රාධක්‍රිෂ්ණ මහතා , නිදහස් ජනතා සභාවේ නායක ඩලස් අලහප්පෙරුම මහතා , ජි.එල් පීරිස් මහතා , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා , පුරවැසිකම බහුජන ව්‍යාපාරයේ නායක අර්ජුන රණතුංග මහතා, රාමසාමී රාජේන්ද්‍රන්, ඊ. එල්. බී. සබීල්, විජය සුරේන්ද්‍රම් රමේෂ්, ජනරල් මහේෂ් සේනානායක සහ දේවිකා කොඩිතුවක්කු මහත්මිය ද අත්සන් තැබූ අතර සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ද අත්සන් තැබී.

බංකොලොත්භාවයෙන් මිදී නිදහස් නිවහල් දේශයක් ලෙස නැවතත් ලෝකයේ අංක 1 බවට අප රට පත් කිරීමේ ගමනට නායකත්වය දීම මෙහි මූලික අරමුණු වන අතර මීට අදාල ප්‍රතිඥාවද ලබා දීම අද දින සිදු විය.

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect