බන්දුල රනිල්ගෙ පැත්තට හැරෙයි

කඩා වැටුණු රට එම විනාශයෙන් බේරාගැනීම සඳහා ජාතික වැඩපිළිවෙළක් නීතිගතකර ඇති එකම නායකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා හෙයින් ඉදිරි ජනාධිපතිවරණයේදී වර්තමාන ජනාධිපතිතුමාට තම සහයෝගය පළ කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා හෝමාගමදී ඊයේ (29) දින පැවසීය.

මේ රට නැවත ගොඩගැනීමට ශක්තියක් සහ දැක්මක් ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බැවින් තමන් ඒ තීරණය ගනු ලැබූ බව ද හෙතෙම කීවේය.

ඇමැතිවරයා මේ බව පැවසුවේ පළමුවරට රට දිනවමු හෝමාගම අපේ තීරණය මැයෙන් හෝමාගමදී ඊයේ (29) සවස පැවැති ජන රැළියකට සහභාගී වෙමිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ගන්නා තීන්දුව අනුව ඇමැතිවරයා හෝමාගම ජනතාවට සිය තීන්දුව දැනුම් දීම සඳහා මේ රැළිය පැවැත්විය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේද කීය.

රට ගොඩනැ‍ඟීම සඳහා අත්සන් කරල තිබෙන ගිවිසුම් 2048 වනතුරු රැකීමට අවශ්‍යයි. ඒ සඳහා වගකිව යුතු ඇමැතිවරු ලෙස 2048දී සංවර්ධන රටක් ලෙස දැකීමට අවශ්‍ය නම් එය එලෙසින් කරන බවට සහතිකයක් දිය හැකි එකම නායකයා වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණයි. අද රට තියන තැනට ගෙනාපු අත්දැකීම පළපුරුද්ද සහිත තීන්දු තීරණ ගැනීමේ දී වැනෙන්නේ නැතිව සෘජු තීරණ ගත හැකි ජනාධිපතිවරයාට මම මගේ සහාය පළ කරනවා.

අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කිව්වා පක්ෂ පාට බලන්නැතුව ජනාධිපතිවරයාට සහයෝගය පළ කරමු කියලා. මෙතෙක් දවස් ඒ පිළිබඳ තීන්දු තීරණ නොගෙන සිට අද දිනයේ දී මධ්‍යම කාරක සභාව රැස් කෙරෙව්වා. ඒ අවස්ථාවේ දී එහි ලේකම් සාගර කාරියවසම් මහතා යෝජනාවක් ඉදිරිපත් කළා ඡන්ද පත්‍රිකාවේ පොහොට්ටුව සලකුණ තිබිය යුතු බැවින් පොහොට්ටුවෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවට. ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයාගේ නමක් ගමක් කිසිවක් කිව්වේ නෑ. පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් පත් කළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කළා. ඒ අවස්ථාවේ දී මධ්‍යම කාරක සභිකයන් වන මමත් අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග රමේෂ් පතිරණ, කාංචන විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක වැනි එකොළොස් දෙනකු ඊට විරුද්ධව ඒ යෝජනාව කරන්න එපා අපි ඔක්කොම එකතුවෙලා මේ රට නැවත වතාවක් ඔසවා තැබීමේ කාර්යය සඳහා මේ වතාවට පමණක් හැමෝගෙම පොදු අපේක්ෂකයා විදිහට ස්වාධීනව ඇප තැන්පත් කර ඇති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දිය යුතු බව කිව්වා. ඒ පිළිබඳ ඡන්ද වීමසීමේදී අපි එකොළොස් දෙනෙක් විරුද්ධ වුණා. දෙවැනි යෝජනාව ලෙස ඉහත යෝජනාවට පක්ෂ නොවන සහ වෙනත් ඕනෑම අපේක්ෂකයකුට සහාය දෙන සියලුම පොහොට්ටු සාමාජිකයන්ට තරාතිරම නොබලා විනය පරීක්ෂණ කරන බවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී අපි කිසිවකු ඊට විරුද්ධතාව පළ කළේ නෑ. අපි සියලු දෙනාම ඒ විනය පරීක්ෂණ යෝජනාවට පක්ෂ වූවා.

අපි මේ රටේ ජනතාවගේ නූල් පොටක්වත් හොරකම් නොකළ, ජාතියේ දේපළ අඩු කරන්න කිසිදු සම්මාදමක් නොවුණ, මත්පැන් බලපත්‍රයකට අත්සන් නොකළ, එක්කෝටි පනස් ලක්ෂයකට පමණ විකිණීමට හැකි බස් රථ මාර්ග බලපත්‍ර ලබාදිය හැකි අමාත්‍යවරයෙක්.

පොසොන් උත්සවය ඉවරවෙන කොට පොසොන් කූඩු ගහපු ප්‍රදේශයේ තැබෑරුම් දෙකක් විවෘත වුණා. ශාසනාරක්ෂක මණ්ඩලය කිව්වා ගාමිණි ජයසූරිය මැතිතුමා ඉඩ නොදීපු ප්‍රතිපත්තියට ඔබතුමා ඉඩදෙන්න එපා කියලා. මම ඇවිල්ලා කිව්වා පිටිපන අපි හදපු අවුකන ප්‍රතිමා වහන්සේ ඉදිරියෙන් තිබෙන මේ තැබෑරුම් වැහුවේ නැත්නම්

මම තීරණයක් ගන්නවා කියලා. දැන් ආණ්ඩුව ඒ තැබෑරුම් දෙක ආණ්ඩුව වහලා තියෙනවා කියන එකත් මම මේ වෙලාවේදී මතක් කරනවා.

ඥාතීන්ට හිතවතුන්ට කිසිදු බලපත්‍රයක් ලබා නොදුන් ඇමැතිවරයකු ලෙස රටට ණය නැති මිනිහෙක් ලෙස, රටයි ජනතාවයි අගාධයට නොදැමිය හැකි නිසා වෙනත් කිසිදු අපේක්ෂකයකුට සහාය දීමක් සිදුකළ නොහැකි නිසා වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට මම තීරණය කළා” යැයි ද පැවැසීය.

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect