Live 24

December 1, 2025
Partly cloudy, 28°C
December 1, 2025
Partly cloudy, 28°C
  • Home
  • Politics
  • බන්දුල රනිල්ගෙ පැත්තට හැරෙයි
Image

බන්දුල රනිල්ගෙ පැත්තට හැරෙයි

කඩා වැටුණු රට එම විනාශයෙන් බේරාගැනීම සඳහා ජාතික වැඩපිළිවෙළක් නීතිගතකර ඇති එකම නායකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා හෙයින් ඉදිරි ජනාධිපතිවරණයේදී වර්තමාන ජනාධිපතිතුමාට තම සහයෝගය පළ කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා හෝමාගමදී ඊයේ (29) දින පැවසීය.

මේ රට නැවත ගොඩගැනීමට ශක්තියක් සහ දැක්මක් ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බැවින් තමන් ඒ තීරණය ගනු ලැබූ බව ද හෙතෙම කීවේය.

ඇමැතිවරයා මේ බව පැවසුවේ පළමුවරට රට දිනවමු හෝමාගම අපේ තීරණය මැයෙන් හෝමාගමදී ඊයේ (29) සවස පැවැති ජන රැළියකට සහභාගී වෙමිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ගන්නා තීන්දුව අනුව ඇමැතිවරයා හෝමාගම ජනතාවට සිය තීන්දුව දැනුම් දීම සඳහා මේ රැළිය පැවැත්විය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේද කීය.

රට ගොඩනැ‍ඟීම සඳහා අත්සන් කරල තිබෙන ගිවිසුම් 2048 වනතුරු රැකීමට අවශ්‍යයි. ඒ සඳහා වගකිව යුතු ඇමැතිවරු ලෙස 2048දී සංවර්ධන රටක් ලෙස දැකීමට අවශ්‍ය නම් එය එලෙසින් කරන බවට සහතිකයක් දිය හැකි එකම නායකයා වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණයි. අද රට තියන තැනට ගෙනාපු අත්දැකීම පළපුරුද්ද සහිත තීන්දු තීරණ ගැනීමේ දී වැනෙන්නේ නැතිව සෘජු තීරණ ගත හැකි ජනාධිපතිවරයාට මම මගේ සහාය පළ කරනවා.

අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කිව්වා පක්ෂ පාට බලන්නැතුව ජනාධිපතිවරයාට සහයෝගය පළ කරමු කියලා. මෙතෙක් දවස් ඒ පිළිබඳ තීන්දු තීරණ නොගෙන සිට අද දිනයේ දී මධ්‍යම කාරක සභාව රැස් කෙරෙව්වා. ඒ අවස්ථාවේ දී එහි ලේකම් සාගර කාරියවසම් මහතා යෝජනාවක් ඉදිරිපත් කළා ඡන්ද පත්‍රිකාවේ පොහොට්ටුව සලකුණ තිබිය යුතු බැවින් පොහොට්ටුවෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවට. ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයාගේ නමක් ගමක් කිසිවක් කිව්වේ නෑ. පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් පත් කළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කළා. ඒ අවස්ථාවේ දී මධ්‍යම කාරක සභිකයන් වන මමත් අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග රමේෂ් පතිරණ, කාංචන විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක වැනි එකොළොස් දෙනකු ඊට විරුද්ධව ඒ යෝජනාව කරන්න එපා අපි ඔක්කොම එකතුවෙලා මේ රට නැවත වතාවක් ඔසවා තැබීමේ කාර්යය සඳහා මේ වතාවට පමණක් හැමෝගෙම පොදු අපේක්ෂකයා විදිහට ස්වාධීනව ඇප තැන්පත් කර ඇති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දිය යුතු බව කිව්වා. ඒ පිළිබඳ ඡන්ද වීමසීමේදී අපි එකොළොස් දෙනෙක් විරුද්ධ වුණා. දෙවැනි යෝජනාව ලෙස ඉහත යෝජනාවට පක්ෂ නොවන සහ වෙනත් ඕනෑම අපේක්ෂකයකුට සහාය දෙන සියලුම පොහොට්ටු සාමාජිකයන්ට තරාතිරම නොබලා විනය පරීක්ෂණ කරන බවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී අපි කිසිවකු ඊට විරුද්ධතාව පළ කළේ නෑ. අපි සියලු දෙනාම ඒ විනය පරීක්ෂණ යෝජනාවට පක්ෂ වූවා.

අපි මේ රටේ ජනතාවගේ නූල් පොටක්වත් හොරකම් නොකළ, ජාතියේ දේපළ අඩු කරන්න කිසිදු සම්මාදමක් නොවුණ, මත්පැන් බලපත්‍රයකට අත්සන් නොකළ, එක්කෝටි පනස් ලක්ෂයකට පමණ විකිණීමට හැකි බස් රථ මාර්ග බලපත්‍ර ලබාදිය හැකි අමාත්‍යවරයෙක්.

පොසොන් උත්සවය ඉවරවෙන කොට පොසොන් කූඩු ගහපු ප්‍රදේශයේ තැබෑරුම් දෙකක් විවෘත වුණා. ශාසනාරක්ෂක මණ්ඩලය කිව්වා ගාමිණි ජයසූරිය මැතිතුමා ඉඩ නොදීපු ප්‍රතිපත්තියට ඔබතුමා ඉඩදෙන්න එපා කියලා. මම ඇවිල්ලා කිව්වා පිටිපන අපි හදපු අවුකන ප්‍රතිමා වහන්සේ ඉදිරියෙන් තිබෙන මේ තැබෑරුම් වැහුවේ නැත්නම්

මම තීරණයක් ගන්නවා කියලා. දැන් ආණ්ඩුව ඒ තැබෑරුම් දෙක ආණ්ඩුව වහලා තියෙනවා කියන එකත් මම මේ වෙලාවේදී මතක් කරනවා.

ඥාතීන්ට හිතවතුන්ට කිසිදු බලපත්‍රයක් ලබා නොදුන් ඇමැතිවරයකු ලෙස රටට ණය නැති මිනිහෙක් ලෙස, රටයි ජනතාවයි අගාධයට නොදැමිය හැකි නිසා වෙනත් කිසිදු අපේක්ෂකයකුට සහාය දීමක් සිදුකළ නොහැකි නිසා වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට මම තීරණය කළා” යැයි ද පැවැසීය.

Releated News

බස්නාහිර පළාත් හා අමාත්‍ය ධූරය සඳහා ප්‍රබල මාධ්‍ය හිමිකරුවෙක් තරගයට

ලබන වසරේ අප්‍රේල් මස පැවැත්වීමට නියමිත පළාත් සභා මහ මැතිවරණය සඳහා තරග වැදීමට ප්‍රබල මාධ්‍ය හිමිකරුවෙකු මහා අමාත්‍ය…

Oct 10, 2025
හර්ෂ ඉලුක්පිටියට වසර දෙකක සිරදඬුවම්

ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය ලබා…

Sep 23, 2025
අයවැය සඳහා වාහන ආනයනකරුවන්ගෙන් යෝජනා කිහිපයක්

ඔටෝ මොබයිල් සහ විද්‍යුත් උපකරණ කර්මාන්ත සම්බන්ධයෙන් පූර්ව අයවැය සාකච්ඡාවක් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය…

Sep 17, 2025
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕනෙ

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සංවාදය ඉදිරියට ගත යුතු බව ඉඩම් හා කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩි. ලාල්කාන්ත මහතා පවසනවා.…

Sep 17, 2025
3 Comments Text
  • temp mail valid says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Temp mail This is my first time pay a quick visit at here and i am really happy to read everthing at one place
  • ibomma says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    I do not even know how I ended up here but I thought this post was great I do not know who you are but certainly youre going to a famous blogger if you are not already Cheers
  • Vitazen Keto acv Gummies says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Vitazen Keto Gummies I really like reading through a post that can make men and women think. Also, thank you for allowing me to comment!
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *