දේශබන්දු හිටියොත් මැතිවරණය සාමකාමිව තියන්න වෙන්නේ නෑ‘‘ – හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

දේශබන්දු තෙන්නකොන් මහතා පොලිස්පතිධූරයේ සිටියානම් ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපති මැතිවරණය සාමකාමීව පැවැත්වීමට සිදු නොවන බවත් දේශබන්දු තෙන්නකොන් මහතා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවක කළ කාල සීමාවේදී විවිධ ම්ලේච්ඡ කටයුතු වලට සම්බන්ධ වී ඇති බවත් මිනිස්සුන්ගේ මානව අයිතිවාසිකම් කඩවන ආකාරයටත් දේශබන්දු තෙන්නකොන් මහතා කටයුතු කර ඇති බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහතා පැවැසීය.

අද (25) පැවැති විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මේ බව පැවැසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මෙසේ පැවැසීය.

‘‘ව්‍යවස්ථාදායක සභාව දේශබන්දු තෙන්නකොන් මහතාට ලබාදුන්න පොලිස්පතිධුරය බලරහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණට තීන්දුවක් ලබාදුන්නා. පාර්ශ්ව 9 ක් ඉදිරිපත් කළ පෙත්සම් විභාගයට ගැනීමෙන් පසුව තමයි ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව ලබාදීමට කටයුතු කළේ. ඒ පෙත්සම්කාර පාර්ශ්ව 9 අතර සමගි ජනබලවේගය නියෝජනය කරමින් මමත් සිටිනවා.

දේශබන්දු තෙන්නකොන් මහතාගේ පොලිස්පති ධූරය අභියෝගයට ලක් කළේ , පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුගේ ක්‍රියා කලාපය සහ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් හේතුවෙන්. ඒ අනුව ඔහුට වින්දිත පාර්ශ්වයට දඩ මුදලක් ද ගෙවන ලෙස අධිකරණය නියෝග කළා.

ඒ වගේම දේශබන්දු තෙන්නකොන් මහතාට පොලිස්පතිධුරය ලබාදීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජනබලවේග කණ්ඩායම මුල සිටම විරෝධතා දැක්වූවා. දේශබන්දු තෙන්නකොන් මහතාට පොලිස්පතිධුරය ලබාදීම සම්බන්ධයෙන් වන ඡන්ද විමසීමේදී ව්‍යවස්ථාදායක සභාවේදී විරුද්ධව සහ පක්ෂව සම සමව ඡන්දය හිමි වී ඇති අතර එහිදී කතානායකවරයාගේ ඡන්දයත් භාවිතා කරමින් දේශබන්දු තෙන්නකොන් මහතා පොලිස්පතිධූරයට පත් කළා.

දේශබන්දු තෙන්නකොන් මහතා පොලිස්පතිධූරයේ සිටියානම් ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපති මැතිවරණය සාමකාමීව පැවැත්වීමට සිදුවන්නේ නෑ. ඒ වගේම ආණ්ඩුවට විරුද්ධව සිදුකළ උද්ඝෝෂණ වලට පොලිසිය ම්ලේච්ඡ ආකාරයට පහර දුන්නා. විපක්ෂ නායතුමා ඇතුළු පිරිස සහභාගි වුණ උද්ඝෝෂණයකටත් පොලිසිය ම්ලේච්ඡ ලෙස පහර දුන්නා. ඒ සෑම අවස්ථාවකම පොලිසියට නායකත්වය දුන්නේ දේශබන්දු තෙන්නකොන් මහතා.

දේශබන්දු තෙන්නකොන් මහතා පොලිස් දෙපාර්තමේන්තුවේ දැරූ විවිධ නිලතල වලදී විවිධ ම්ලේච්ඡ කටයුතු වලටත් සම්බන්ධ වෙලා තිබෙනවා. මිනිස්සුන්ගේ මානව අයිතිවාසිකම් කඩවන ආකාරයට ආණ්ඩුවේ කටයුතු කිසිදු පැකිලීමකින් තොරව දේශබන්දු තෙන්නකොන් මහතා ඉටු කරලා තිබෙනවා. එවැනි චෝදනා තිබියදී තමයි දේශබන්දු තෙන්නකොන් මහතාට පොලිස්පතිධූරය ලබාදීමට රජය කටයුතු කරන්නේ.

ශ්‍රේෂ්ඨාධිකරණය දේශබන්දු තෙන්නකොන් මහතාට ලබාදී තිබෙන තීන්දුව අනුව දේශබන්දු තෙන්නකොන් මහතා පොලිස්පත් ධූරය විතරක් නෙවෙයි අහිමිවුණේ. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව කොස්තාපල් ධුරයවත් දරන්න බෑ. නිල වාහන භාවිතා කරන්න බෑ , ආරක්ෂක නිලධාරින් භාවිතා කරන්න බෑ , නිල නිවාසවල සිටින්න බෑ.ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ඔහු සිවිල් පුරවැසියෙක් බවට පත්වෙනවා. රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට වහාම වැඩබලන පොලිස්පතිවරයෙක් පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

පොලිස්පති ධුරය සඳහා දේශබන්දු තෙන්නකොන් මහතා නොසුදුසු පුද්ගලයෙක් බව බොහෝ දෙනෙක් ප්‍රකාශ කරද්දි ඔහු යුක්තිය කියලා බොරු මෙහෙයුමක් ආරම්භ කළා. පොලිස්පති වෙන්න සුදුසුම කෙනා ඔහු බව පෙන්වන්න තමයි මේ දේ සිදුකළේ. වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවේ ඉන්න පුලුවන් රැඳවියන් 200 ට පමණයි. නමුත් වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවේ 500 කට වැඩි කාන්තා රැඳවියන් රඳවලා සිටිනවා. මේ සිද්ධියට මුලික හේතුව වෙලා තිබෙන්නේ යුක්තියේ මෙහෙයුම.මාසයකට නඩු දැමිය යුතු ප්‍රමාණයක් ගැන සෑම පොලිස් ස්ථානයකටම ඉලක්කයක් ලබාදී තිබෙනවා. ඒ ඉලක්කය අනුව වරින් වර එකම පුද්ගලයන් පිරිසක් තමයි බන්ධනාගාර ගත කරන්නේ. ඒ නිසා තමයි බන්ධනාගාර සියල්ල රැදවියන්ගෙන් පිරි ගොස් තිබෙන්නේ. යුක්තියේ මෙහෙයුමෙන් අල්ලලා තිබෙන්නේ එකම පිරිස. අවසානයේ යුක්තියේ මෙහෙයුම අයුක්තියක් බවට පත්වුණා.‘‘

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect