Live 24

Monday
September 16, 2024
loader-image
temperature icon 28°C
broken clouds
Monday
September 16, 2024
Image

දෙවන පෙත්සමත් ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මත වී නොමැති නිසා එය ජනමත විචාරණයකට යොමු කර ඉන් අනුමැතිය ලබා ගන්නා තුරු ජනාධිපතිවරණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන රුපියල් ලක්ෂ 5ක නඩු ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූලි 15) නියෝග කර තිබේ.

ඊට අදාළ නඩු ගාස්තුව ජූලි 31 වන දාට පෙර ගෙවිය යුතු බව එහිදී පෙත්සම්කරුට නියෝග කර තිබේ.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බලා ඇත.

ජූලි 11 වන දා මෙම පෙත්සම නීතිඥවරයෙකු වන අරුණ ලක්සිරි උණවටුන විසින් ඉදිරිපත් කරනු ලැබ තිබේ.

පෙත්සම්කරු සඳහන් කර ඇත්තේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාව සංශෝධනය කර තේරී පත් වන පාර්ලිමේන්තුවක් වසරක් ගෙවී යාමෙන් පසුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා සතු බලය අහිමි කිරීමට කටයුතු කර ඇති බව ය.

එම සංශෝධනය ජනමත විචාරණයකට යොමු කළ යුතු බව ත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් තීන්දු කර තිබුණත් එය ජනමත විචාරණයකින් මේ දක්වා අනුමත වී නොමැති බව ත් පෙත්සම්කරු සඳහන් කර තිබිණි.

එසේ තිබියදී 19 වන සංශෝධනය තවදුරට ත් නීතියක් වශයෙන් පිළිගෙන කටයුතු කිරීම වැරදිසහගත බව ඔහු පෙත්සම මගින් වැඩිදුරට ත් පෙන්වා දී තිබිණි.

මේ අතර, සී.ඩී. ලේනව නමැති ව්‍යාපාරිකයෙකු ද ජනාධිපතිවරණය කල් දාන්නයි ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ අතර එම පෙත්සම ද විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ජූලි 8 වන දා නියෝග කළේ ය.

Releated News

දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් නීති විරෝධී ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම, ආධාර අනුබල දීම හා…

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ 17 වැනි චෝදනාවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා හා චමින්ද රවී ජයනාත්…

Sep 14, 2024
වාහන ආනයන සීමා ගැන රජයේ නවතම තීරණය මෙන්න

2025 වසරේ පෙබවාරි මාසය වනවිට වාහන ආනයනය සඳහා පනවා ඇති සීමා සියල්ල ලිහිල් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර…

Sep 13, 2024
ත්‍රිකුණාමලය දිසා විනිසුරුගේ සේවය අත්හිටුවයි

අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ත්‍රිකුණාමලය දිසා විනිසුරු එම්. ගනේෂ් රාජාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.…

Sep 13, 2024
කුරුණෑගල හිටපු නගරාධිපතිට වසර 7කට ඡන්දය තහනම්

කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතාට එල්ල වී තිබෙන චෝදනා කීපයක් සැලකිල්ලට ගෙන ඔහුට 2024 වසරේ සිට…

Sep 13, 2024
1 Comments Text
  • itsnewsed says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    I have read some excellent stuff here Definitely value bookmarking for revisiting I wonder how much effort you put to make the sort of excellent informative website
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *