Live 24

February 13, 2026
Partly cloudy, 28°C
February 13, 2026
Partly cloudy, 28°C
Image

දෙවන පෙත්සමත් ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මත වී නොමැති නිසා එය ජනමත විචාරණයකට යොමු කර ඉන් අනුමැතිය ලබා ගන්නා තුරු ජනාධිපතිවරණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන රුපියල් ලක්ෂ 5ක නඩු ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූලි 15) නියෝග කර තිබේ.

ඊට අදාළ නඩු ගාස්තුව ජූලි 31 වන දාට පෙර ගෙවිය යුතු බව එහිදී පෙත්සම්කරුට නියෝග කර තිබේ.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බලා ඇත.

ජූලි 11 වන දා මෙම පෙත්සම නීතිඥවරයෙකු වන අරුණ ලක්සිරි උණවටුන විසින් ඉදිරිපත් කරනු ලැබ තිබේ.

පෙත්සම්කරු සඳහන් කර ඇත්තේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාව සංශෝධනය කර තේරී පත් වන පාර්ලිමේන්තුවක් වසරක් ගෙවී යාමෙන් පසුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා සතු බලය අහිමි කිරීමට කටයුතු කර ඇති බව ය.

එම සංශෝධනය ජනමත විචාරණයකට යොමු කළ යුතු බව ත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් තීන්දු කර තිබුණත් එය ජනමත විචාරණයකින් මේ දක්වා අනුමත වී නොමැති බව ත් පෙත්සම්කරු සඳහන් කර තිබිණි.

එසේ තිබියදී 19 වන සංශෝධනය තවදුරට ත් නීතියක් වශයෙන් පිළිගෙන කටයුතු කිරීම වැරදිසහගත බව ඔහු පෙත්සම මගින් වැඩිදුරට ත් පෙන්වා දී තිබිණි.

මේ අතර, සී.ඩී. ලේනව නමැති ව්‍යාපාරිකයෙකු ද ජනාධිපතිවරණය කල් දාන්නයි ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ අතර එම පෙත්සම ද විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ජූලි 8 වන දා නියෝග කළේ ය.

Releated News

හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනයේ 12ක් පෝරකයට

පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා නිට්ටඹුව නගරයේ දී පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ  12…

Feb 11, 2026
කතානායකට අල්ලසෙන් පරීක්ෂණයක්

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව බාරදී ඇති දූෂණ වංචා චෝදනා පිළිබඳ පැමිණිල්ල සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා…

Feb 8, 2026
පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පතට එරෙහි පෙත්සමක්

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් මූලික අයිතිවාසිකම් කඩවන බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත…

Feb 5, 2026
කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026
1 Comments Text
  • itsnewsed says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    I have read some excellent stuff here Definitely value bookmarking for revisiting I wonder how much effort you put to make the sort of excellent informative website
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *