සංදර්ශන කරලා කිසිවකුගේ ප්‍රශංසා ලබාගැනීමට ශ්‍රී ලංකා පොලිසියට කිසිඳු බලාපොරොත්තුවක් නෑ. – පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්

සංදර්ශන කරලා කිසි කෙනෙක්ගෙන් ප්‍රශංසා ලබාගැනීමට ශ්‍රී ලංකා පොලිසියට කිසිඳු බලාපොරොත්තුවක් නෑ. මේ රටේ මහජනතාවට අපරාධ බියෙන් තොරව ජිවත් විය හැකි සාමකාමි සමාජයක් බිහි කිරීම යුක්තියේ මෙහෙයුම මගින් සිදුකරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළ අතර, එතුමන් මෙම අදහස් පළ කලේ  ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති “නීතිගරුක රටක් යන තේමාව යටතේ ඌව පළාත් ප්‍රජා කමිටු සමාජිකයන් බල ගැන්විමේ වැඩසටහනට ඊයේ දින (06) එක් වෙමිණි.

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් පොලිස්පතිතුමන් කියා සිටියේ යුක්තිය මෙහෙයුම මගින් මේ දක්වා මාස 06ක කාලය තුළ සැකකරුවන් 152,470 ක් අත්අඩංගුව ගත් බවත්, එයින් දැඩි ලෙස මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වු 3,765 ක තරුණ පිරිසක් පුනරුත්තාපනය සඳහා යවා ඇති බවත්,  මේ වන විට ඔවුන් යහපත් මිනිසුන් ලෙස සමාජගත කිරීමට හැකි වී ඇති බව සඳහන් කළ පොලිස්පතිතුමන්,

මේ යුක්තියේ මෙහෙයුම ඉදිරියට පවත්වාගෙන  යන විට සමහර දේශීය පුද්ගලයන් මෙන්ම විදේශීය රටවල ජීවත් වන ඇතම් පුද්ගලයින් විවිධ විවේචන සිදු කළ නමුත්, 2023 වසරට සාපේක්ෂව 2024 වර්ෂයේ දී සියයට 24ක් මෙරට අපරාධ අවම වී ඇති බවත්, මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිව විනාශ වෙලා යන තරුණයින්ගේ ජීවිත එයින් බේරගෙන යහපත් මිනිසුන් ලෙස යළිත් සමාජගත කරන බවත්, “යුක්තියේ මෙහෙයුම මගින් මෙරට මත්ද්‍රව්‍ය බියෙන් තොර අපරාධ අවම සමාජයක් බිහිකිරීම සඳහා අඛණ්ඩව ක්‍රියා කරන බව පොලිස්පතිතුමන් වැඩිදුරටත් පැවසීය.

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect