Live 24

Tuesday
October 22, 2024
loader-image
temperature icon 28°C
moderate rain
Tuesday
October 22, 2024
  • Home
  • Blog
  • Street Burger නවතම ශාඛාව නාවලදී විවෘත කෙරේ
Image

Street Burger නවතම ශාඛාව නාවලදී විවෘත කෙරේ

ශ්‍රී ලංකාවේ බර්ගර් කලාවේ අව්‍යාජ රසය කැටිකොටගත් අවන්හල් ජාලයක් වන
‘Street Burger’ සිය නවතම ශාඛාව පසුගියදා නාවල ප්‍රදේශයේදී විවෘත කළේ ය.
දේශීය බර්ගර් ජාලයක් වන Street Burger මේ වනවිට මෙරට පාරිභෝගිකයන්
අතර බෙහෙවින් ජනප්‍රිය වී ඇති අතර, ඒ නිසාම දිවයින පුරා වෙසෙන
පාරිභෝගිකයන්ට නියම බර්ගර් රසය අත්විඳීමට අවස්ථාව සලසා දීමේ අරමුණින්
Street Burger සිය ශාඛා ජාලය පුළුල් කරමින් සිටී.
“දෑතින්ම නිපැයූ අපගේ සුවිශේෂී බර්ගර් රස රැස වැඩි පිරිසක් වෙත සමීප
කරවීමට හැකි වීම අපට මහත් සතුටක්. දැන් නාවල ප්‍රදේශයේ ජනතාවටත් මේ
සුවිශේෂී අත්දැකීම විඳගැනීමට හැකියාව ලැබෙනවා. ශ්‍රී ලංකාවේ බර්ගර් කලාවේ
පෙරළියක් සිදුකිරීමට හැකි වීම අපට මහත් සතුටක්. ඉදිරියටත් නැවුම් අමුද්‍රව්‍ය
යොදා සකස් කළ ප්‍රණීත ආහාරපාන එකතුවක් සමගින් පාරිභෝගිකයන්ට දිගින්
දිගටම විශිෂ්ටතම සේවාවක් ලබාදීම අපගේ ඉලක්කයයි.” Street Burger සම-
නිර්මාතෘ සහ අධ්‍යක්ෂ මසූන් සමූන් මහතා පැවසී ය.


2016 වසරේදී ආහාරපාන අලෙවි කරන කුඩා ට්‍රක් රථයක් ලෙසින් ආරම්භ වූ
Street Burger මේ වනවිට ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන් අතරම ජනප්‍රියම බර්ගර්
අවන්හල් එකතුවක් බවට පත් වී ඇත. Street Burger වෙතින් පාරිභෝගිකයන්ට
ඉහළම ප්‍රමිතියකින් සහ රසයකින් යුත් බර්ගර්, සයිඩ්ස් සහ ෂේක්ස් ඇතුළු
ආහාරපාන වර්ග රැසක් සමගින් විශිෂ්ටතම පාරිභෝගික සේවාවක් හිමි වේ.
එමෙන්ම සිය කාර්ය මණ්ඩලයේ යහපත වෙනුවෙන් Street Burger මේ වනවිට
විධිමත් පුහුණු වැඩසටහන් ඇතුළු වැඩසටහන් රාශියක් හඳුන්වා දී ඇත. මෙය
ආයතනයේ වර්ධනයට මෙන්ම සේවක සේවිකාවන්ගේ වෘත්තීය දියුණුවටද
මහෝපකාරී වී තිබේ.
මේ වනවිට කොළඹ (බම්බලපිටිය), ඇතුල් කෝට්ටේ, ගල්කිස්ස සහ නාවල යන
ප්‍රදේශවල Street Burger ආපනශාලා පිහිටුවා ඇත. ඉදිරියේදී තවත් ශාඛා විවෘත
කිරීමටත් නව ආහාරපාන වර්ග හඳුන්වා දීමටත් Street Burger බලාපොරොත්තු
වෙයි.
Street Burger නාවල විවෘත කළ නව ආපනශාලාව, එහි සන්නාමයේ නව දැක්මට
අනුකූලව, ඉතාමත් අලංකාර හා සුවපහසු ලෙස සැලසුම්කර ඇත. Street Burger

යනු ප්‍රණීත ආහාරපාන පිරිනමන සහ දිගු ගමනක් යාමට බලාපොරොත්තු වන
අවන්හල් ජාලයක් බව ඉන් පැහැදිලිව නිරූපණය වේ.

Releated News

Breaking:රනිල්ගේ පාස්පෝට් කැබිනට් තීරණයකට උසාවි නියෝගයක්

විද්‍යුත් ගමන් බලපත්‍ර මිලියන පහක් සැපයීමට මූලික ප්‍රසම්පාදනයේ කොටසක් ලෙස සමාගම් දෙකකින් N-Series විදේශ ගමන් බලපත්‍ර 750,000ක් මිලදී…

Sep 27, 2024
පාරිලිමේන්තුව විසුරුවා හැරියොත් අනුර ලෝක අමාරුවක

සුළුතරයක් ඇති ජනපති අනුර කුමාර පාරිල්මෙන්තුව විසුරුවා හැරියහොත්චන්දයට මුදල් වෙන් කර නැති හෙයීන් දැවැන්ත අමාරුවකට වැටෙන බව දේශපාලන…

Sep 24, 2024
නිවසක් කොල්ලකෑ පොලීසියේ 4ක් අත්අඩංගුවට

පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු මෝදර පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ 15 ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී නිවැසියන් බියගන්වා රුපියල්…

Sep 18, 2024
අදානි සමග ගිවිසුම්ගත වූ බංග්ලාදේශයේ විදුලිබල අර්බුදයක් ඇතිවීමේ අවධානමක..

විදුලිය සැපයීම සඳහා ගිවිසුම්ගතව සිටින ඉන්දීය අදානි සමාගමට ගෙවිය යුතු ඩොලර් මිලියන 500ක හිඟ මුදලක් ගෙවීමේ ප්‍රමාදය නිසා…

Sep 11, 2024

Leave a Reply

Your email address will not be published. Required fields are marked *