Live 24

February 13, 2026
☁️Overcast, 29°C
February 13, 2026
☁️Overcast, 29°C
  • Home
  • Crime/police
  • හිරුණිකාට නඩු දාන්න මහේස්ත්‍රාත් පොලීසියට නියෝග කරයි
Image

හිරුණිකාට නඩු දාන්න මහේස්ත්‍රාත් පොලීසියට නියෝග කරයි

වීදී නාට්‍යයක් කරමින්, මහජනතාවට පීඩාවක් හා පොලිස් රාජකාරියට බාධා කලේ යැයි කියන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසට එරෙහිව සාක්ෂි ඇත්නම් නඩු පවරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ කුරුඳුවත්ත පොලිසියට අද (10) නියෝග කර තිබෙනවා.

කාන්තා අයිතීන් වෙනුවෙන් වීදි නාට්‍යයක් කිරීමෙන් හිටපු මන්ත්‍රීවරිය ඇතුළු පිරිස මහජනතාවට පීඩාවක් හා පොලිස් රාජකාරියට බාධාවක් කලේ යැයි කියන සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා කුරුඳුවත්ත පොලිසියට මෙලෙස නියෝග කර තිබෙනවා.

මෙම සිද්ධියට අදාළ පමිණිල්ල කැඳවු අවස්ථාවේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුලු කාන්තාවන් 13 දෙනෙකු සහ එක් පුද්ගලයකු අධිකරණයේ පෙනී සිටියා.

පසුගිය 2022 වසරේ නොවැම්බර් 14 වැනිදා හෝ ඊට ආසන්නන දිනයක කුරුඳුවත්ත පොලිස් බල ප්‍රදේශයේ වීදී නාට්‍යයක් කරමින්, මහජනතාවට පීඩාවක් හා පොලිස් රාජකාරියට බාධා කලේ යැයි කියන සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවු අවස්ථාවේදී සිද්ධිය සම්බන්ධයෙන් කරන ලද විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර සාක්ෂි සම්පින්ඩන වාර්තාවක් ඉදිරිපත් කළ කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීහු සිද්ධියට අදාළ විමර්ශ කටයුතු අවසන් කර උධෘත නීතීපතිවරයාට යවා ඇතැයි පවසනු ලැබුවා.

සිද්ධිය වු 2022 නොවැම්බර් 14 වැනිදා රාජකාරියේ නිරතව සිටි කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ගේ සාක්ෂි සම්පින්ඩන වාර්තා අධිකරණයට ඉදිරිපත් කළ නිලධාරීන් ගතයුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් මෙතෙක් නීතීපතිවරයාගේ උපදෙස් ලැබී නැතැයි ද අධිකරණයේදී දැනුම් දුන්නා.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අතුල රණගල කරුණු දක්වමින් සිය සේවාදායිකාව ඇතුළු පිරිස කාන්තා අයිතීන් වෙනුවෙන් එදින වීදි නාට්‍යයක් කර ඇතැත් පොලිස් රාජකාරියට කිසිදු බාධාවක් කර නැතැයි ද පවසනු ලැබු අතර, කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් තම සේවාදායිකාව ඇතුළු පිරිසට කාන්තා අයිතීන් වෙනුවෙන් වීදි නාට්‍ය පෙන්වීමට බාධා කර ඇතැයිද නීතිඥවරයා මෙහිදි අධිකරණයේදී පැවසුවා.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සාක්ෂි ඇත්තම් සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීමට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නඩුව ඔක්තෝබර් 21 වැනිදා යළි කැඳවීමට නියම කළා.

Releated News

පොලිස් ලොක්කෝ හයක මාරු

පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් පස්දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම නියෝග ලබා දී ඇතැයි පොලිස්…

Jan 30, 2026
අනූෂ පැල්පිට අත්අඩංගුවට

හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට…

Jan 23, 2026
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන…

Jun 14, 2025
ගිනි අවි භාර දෙන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි..

ජීවිතාරක්ෂාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර ඇති ගිනි අවි සහ ඔවුන්ට මිලදී ගැනීමට අවසර දුන් රිපීටර් වර්ගයේ ගිනි…

Oct 7, 2024

Leave a Reply

Your email address will not be published. Required fields are marked *