සජිත් ජනපති කිරීමේ සමගි සන්ධාන සටන පොහොටුවේ 1000ක් සමඟ වසන්ත යාපා යටිනුවරින් අරඹයි

සමගි ජන සන්ධානයේ නායක ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමන් ජනාධිපති කරවීමේ මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර ආසනයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන ඊයේ(10) දින කිරිබත්කුඹුරේදී පා.ම. නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහකාගේ සංවිධානයෙන් අති සාර්ථකව පැවැත්විණි.

පසුගිය 2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීමටත්, 2020 මහමැතිවරණයේදී නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතාගේ ජයග්‍රහණය කරවීමටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් ඡන්දය දුන් සහ ක්‍රියාකාරීව කටයුතු කළ පාක්ෂිකයින් 1000 කට අධික ප්‍රමාණයක් ඊයේ දින සමගි ජන සන්ධානයේ ජයග්‍රහණයට සහයෝගය දැක්වීමට එක් කර ගැනීම මෙහිදී සිදුකෙරිණි.

විශේෂයෙන්ම යටිනුවර පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් තිදෙනෙකු සහ කඩුගන්නාව නගර සභාවේ හිටපු විපක්ෂනායකවරයා සහ 2023 පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් නිදහස් ජනතා සන්ධානය(හෙලිකොප්ටරය) යටතේ යටිනුවර ප්‍රාදේශීය සභාවට සහ කඩුගන්නාව නගර සභාවට ඉදිරිපත් කළ අපේක්ෂක අපේක්ෂිකාවන් සියළුම දෙනාද සමගි ජන සන්ධානයේ ජයග්‍රහණයට සහාය දීමට එක් කර ගැනීමද සිදුකෙරිණි.

මෙම අවස්ථාවට ගරු විපක්ෂ නායකතුමන් නියෝජනය කරමින් සමගි බුද්ධි මණ්ඩ⁣පයේ ජ්‍යෙෂ්ඨ සභාපති මහාචාර්ය ආනන්ද ජයවික්‍රම මැතිතුමාද, සමගි ජන බලවේගයේ යටිනුවර ආසන සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ගැමුණු අබේසුන්දර මැතිතුමාද සහභාගී විය.

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect