Live 24

February 13, 2026
☁️Overcast, 28°C
February 13, 2026
☁️Overcast, 28°C
  • Home
  • News
  • සාමාන්‍ය පෙළ ගණිතය විෂය අසමත් වීම නිසා අනාගතය අඳුරු වන්නට ගොස් තවත් පාසලකින් ලැබුණු අවස්ථාවෙන් උසස් පෙළ විභාගයේ මොනරාගල දිස්ත්‍රික් ප්‍රථමයා වන්නට වාසනාව හිමිවූ තිළිණ ධනංජය
Image

සාමාන්‍ය පෙළ ගණිතය විෂය අසමත් වීම නිසා අනාගතය අඳුරු වන්නට ගොස් තවත් පාසලකින් ලැබුණු අවස්ථාවෙන් උසස් පෙළ විභාගයේ මොනරාගල දිස්ත්‍රික් ප්‍රථමයා වන්නට වාසනාව හිමිවූ තිළිණ ධනංජය

සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණිතය විෂය අසමත් වීම නිසා අනාගතය අඳුරු වන්නට ගොස් තවත් පාසලකින් ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන මෙවර උසස් පෙළ විභාගයේ මොනරාගල දිස්ත්‍රික් ප්‍රථමයා වන්නට වාසනාව හිමිවූ තිළිණ ධනංජය ගැනයි මේ පුවත.

මෙරට පවතින අධ්‍යාපන ක්‍රමය තුළ සිසුවෙකුට හෝ සිසුවියකට උසස් පෙළ අධ්‍යාපනයේ විෂය ධාරාව තෝරාගැනීමට සිදුවන්නේ සාමාන්‍ය පෙළ විභාගයේ ඇතැම් විෂයන් අනිවාර්යයෙන් සමත් වුවහොත් පමණි.

ඒ, රීතිය හමුවේ, ප්‍රතික්ෂේප වීම් මත අනාගතය වෙනස් වන්නට ගොස්, ලැබුණු එක් අවස්ථාවක් නිසා ජීවිතය එළිය කරගත් සිසුවෙකි ඩී. එම්. තිළිණ ධනංජය.

මේ සිසුවා මොනරාගල යුදගනාව විද්‍යාලයෙන් අධ්‍යාපන හදාරා 2020 දී අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට තිබුණි.

කෙසේවෙතත්, එහි ප්‍රතිඵල මත උසස් පෙළ අධ්‍යාපනය සඳහා ඔහුට බොහෝ පාසල්වලින් දොර විවර නොවීය.

ඒ අනුව බුත්තල, පැල්වත්ත මහා විද්‍යාලයේ විදුහල්පති ඩබ්ලිව්. එම්. නන්දසේන මහතා ලබා දෙන අවස්ථාවෙන්, තමන් ප්‍රිය කරන ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාව ඔස්සේ උසස් පෙළ හදාරන්නට තිළිණට වරම් හිමිවුණි.

බොහෝ දුෂ්කරතා මැද උනන්දුවෙන් අධ්‍යාපනය හදාරන තිළිණ පසුගියදා නිකුත් වූ 2023 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව ජෛව තාක්ෂණ පද්ධති විෂය ධාරාවේ මොනරාගල දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය හිමි කරගැනීමට සමත් වුණි.

Releated News

හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනයේ 12ක් පෝරකයට

පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා නිට්ටඹුව නගරයේ දී පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ  12…

Feb 11, 2026
කතානායකට අල්ලසෙන් පරීක්ෂණයක්

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව බාරදී ඇති දූෂණ වංචා චෝදනා පිළිබඳ පැමිණිල්ල සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා…

Feb 8, 2026
පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පතට එරෙහි පෙත්සමක්

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් මූලික අයිතිවාසිකම් කඩවන බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත…

Feb 5, 2026
කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *