69 ලක්ෂයේ බලපොරොත්තුව

69 ලක්ෂයේ බලපොරොත්තු බලගන්වන සර්වජන බලය මහා ජන රැළිය හෙට (18 වනදා) නුගේගොඩ එළිමහන් වේදිකාවේදී පැවැත්වීමට නියමිතය.  ඒ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාව අද සර්වජන මුලස්ථානයේදී පැවැත්විණ.

මේ පිලිබඳ ඔබගේ රුපවාහිනී නාලිකාවේ, පුවත්පතේ, වෙබ් අඩවියේ, යූ ටියුබ් නාලිකාවේ ප්‍රචාරය ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

·        ඇත්තටම රටට ආදෙරේ නම් ඔබ හෙට සිටිය යුත්තේ නුගේගොඩ

·        හැටනව ලක්ෂය යනු පුහු ඉලක්කමක් නොව එය රටට ආදරය කරන ජනතාවගේ අපේක්ෂාවන්ගේ සංකේතයක්

·        රනිල් වික්‍රමසිංහ ඇතුළු පොහොට්ටු කල්ලියට  69 ලක්ෂයේ අපේක්ෂාවන් සඵල නොහැකියි

·        වසර 20කට අධික කාලයක් ජාතිකවාදී කඳවුර අඛණ්ඩව නියෝජනය කර ඇත්තේ අප පමණයි.

69 ලක්ෂයේ බලපොරොත්තු බලගන්වන සර්වජන බලය මහා ජන රැළිය හෙට (18 වනදා) නුගේගොඩ එළිමහන් වේදිකාවේදී පැවැත්වීමට නියමිතය.  ඒ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාව අද සර්වජන මුලස්ථානයේදී පැවැත්විණ.

එහිදී අදහස් දැක්වූ මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා හැටනවලක්ෂය යනු පුහු ඉලක්කමක් නොව එය රටට ආදරය කරන සියලු ජනතාවගේ අපේක්ෂාවන්ගේ සංකේතයක් බව ප්‍රකාශ කළේය.  එම අපේක්ෂාවන් සුන් වුයේ රාජපක්ෂවරුන් මත තැබූ විශ්වාසය නිසා බවත් එම අපේක්ෂාවන් වෙනුවන් තමන් ඇතුළු සර්වජන බලය එකමුතුව වග කියනු ලබන බවත් ඔහු එහිදී අවධාරණය කළේය. ඇමරිකානු පුරවැසියෙක් වන බැසිල් රාජපක්ෂ හැටනවලක්ෂයක් ජනතාව විශ්වාස කළ ජාතිකත්වයේ අපේක්ෂාව පාවා දෙන්නේ නම් ඊට එරෙහිව නැගී සිටින බවද දිලිත් ජයවීර මහතා මෙහිදී සදහන් කළේය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ දිලිත් ජයවීර මහතා මෙසේ පැවසිය.

” මේ රටට ආදරය කරන සියලු ජනතාවට කියන නම තමයි හැටනවලක්ෂය කියන්නේ. හැබැයි හැටනවලක්ෂය අවඥාවට ලක් වුණේ සර්ව ජන බලය නොතිබුණු නිසා. වෙන් වෙන්ව සටන් කිරීමට උත්සහ කළ නිසා. එම නිසා තව දුරටත් අපි ඒ හැටනවලක්ෂය අවඥාවට ලක් වීමට සුදානම් නැහැ. හැටනවලක්ෂයේ අපේක්ෂාවන් නියෝජනය කර ගැනීම සදහා ඒ අවස්ථාවේදී තිබුණු යතාර්ථය තුල මහින්ද රාජපක්ෂ අපේ අවශ්‍යතාවය සදහා ඔහු ඉදිරියට ගත්තා. නමුත් මේක කාගේවත් සින්නක්කර අයිතියක් නොවේ. රටේ හැටනවලක්ෂය කියන්නේ මේ රටේ මහජනතාවගේ අපේක්ෂාවන්. හැටනවලක්ෂය කියන්නේ මේ ඡන්ද හැටනවලක්ෂයකට නෙවේ. ඒ නිසා සින්නක්කර ඔප්පුව තියෙන්නේ අපි ගාව. සර්ව ජන බලය ලග තමයි තියෙන්නේ. ” 

මාධ්‍ය අමතමින් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසීය.

එක්සත් ජාතික පක්ෂයෙන් රනිල්, සමගි ජන බලවේගයෙන් සජිත්, ජාතික ජන බලවේගයෙන් අනුර කියලා අපේක්ෂකයින් කිහිපදෙනෙක් ඉදිරිපත් කිරීම සම්පත් නාස්තියක්. ඒ වෙනුවට මේ පක්ෂ තුනේ නම් වෙන වෙනම අරගෙන එකසත් සමගි ජන බලවේගය කියලා සන්ධානයක් හදලා ඉන් එක් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම හොදටම ප්‍රමාණවත්. මොකද මේ තුන්ගොල්ලෝගේම ප්‍රතිපත්තිය එකයි. මේ තුන්ගොල්ලෝගේම ආර්ථික ප්‍රතිපත්තිය වැල් පාලමේ එල්ලීම. මේ තුන්ගොල්ලෝගේම දේශපාලන ප්‍රතිපත්තිය රට, ජාතීන්, ජනවර්ග බෙදලා ජාතිවාදය ඇති කරලා ජාතිවාදී ගිනිදැල් ඇති කරලා එවැනි රටක් බිහි කිරීමයි. ඒ නිසා මේක එකම කැරට් අලයක්. එක්කෙනෙක් සම්බෝලය හදලා දෙනවා, එක්කෙනෙක් කිරට දෙනවා, එක්කෙනෙක් මිරිසට දෙනවා. රනිල් ගුරු පාට බෝතලයේ දාලා දුන්නත්, සජිත් කොළ පාට බෝතලයේ දාලා දුන්නත්, අනුර රතු පාට බෝතලයේ දාලා දුන්නත් ඔය හැම බෝතලයේම තියෙන්නේ එකම රස පානය. බිව්වොත් ලක් මාතාව මැරෙනවා. අද අපිට ඕන ගෝඨාභය මාරු කරලා මාරු කරලා හති වැටිලා ඉන්න ජාතියක අද ඕන බෝතල් මාරු කරනවා වෙනුවට පානය මාරු කරලා වස පානය අයින් කරලා ජය පානය දාගන්න. ඒ නිසා අපිට වැරදුන තැන් නිවැරදි කරගෙන යලි ගමන ආරම්භ කරන්න ඕන. නතර වුන තැනින් ගමන ආරම්භ කරලා ලක්මාතාවගේ සිහිනය මහපොළොවේ පැල කරන්න ඕන. ඔබ ඇත්තටම රටට ආදෙරේ නම් ඔබ හෙට සිටිය යුත්තේ නුගේගොඩ. හැටනවලක්ෂයේ සින්නක්කර ඔප්පුව තියෙන්නේ මහින්ද රාජපක්ෂටවත් ගෝඨාභය රාජපක්ෂ ලගවත් අපි ලගවත් නෙවේ. ඒක තියෙන්නේ මේ රටට ආදරය කරන ජනතාව ළග. ඒ ඔප්පුව කාට පවරලා දෙනවද කියන ගැටලුවට උත්තරය ඔක්තෝම්බර් මාසයේ ජනතාව ලබා දෙයි. 

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ

”තාප්පවල චිත්‍ර ඇන්ද තරුණයන්ගේ අහිංසක බලාපොරොත්තු, රාජපක්ෂ පාලනය මත තබාගෙන සිටි බලාපොරොත්තු කාලයාගේ ඇවෑමෙන් බිද වැටිලා තියෙනවා. එම නිසා එම බලාපොරොත්තු නැවත සපල කිරීම සදහා අපි කැප වෙනවා.  69 ලක්ෂයේ ජනවරමට සම්මාදම් වූ සහ අද වන විට යම් යම් හේතු මත අපේක්‍ෂාභංගත්වයට පත්ව සිටින සියලු ජනතාවට, “එම ජනවරමින් අපේක්ෂා කළ සැබෑ අරමුණු ජයග්‍රහණය කිරීමෙහි මූලාරම්භක අවස්ථාව සේ සලකා” හෙට(18) සවස 2:00ට නුගේගොඩදී ඇරඹෙන “සර්වජන බලය” දේශපාලන එකමුතුවෙහි ප්‍රථම දැවැන්ත ජනරැලියට එක්වන්නැයි ඉල්ලා සිටිනවා.”

”ගෝඨාභය රාජපක්ෂ පාලනය පිළිබඳව තැබූ බලාපොරොත්තු කාලයාගේ ඇවෑමෙන් ක්‍රමානුකූලව බිඳවැටෙන විට එම ජනවරම නිර්මාණය කිරීමට දායක වූ මිනිස්සු අපේක්‍ෂාභංගත්වයට පත්වීමට පටන් ගත්තා. මේ ජනවරම ගොඩනැගීමට විවිධ අයුරින් දායක වූ අපට පැහැරහැරිය නොහැකි වගකීමක් තිබෙනවා. ඒ තමයි ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙනඒමෙන් බලාපොරොත්තු වූ ඒ මහා ජනසන්නිපාතයේ අපේක්ෂාවන් සඵල කිරීමට ඉදිරියට ඒම. ඒ වගේම අපි විශ්වාස කරන්නේ නැහැ, ‘අද මේ රට රැගෙන යන රනිල් වික්‍රමසිංහ ඇතුළු පොහොට්ටු කල්ලියේ වැඩපිළිවෙළට  හෝ එම වැඩපිළිවෙළ නියමින් හෝ අනියමින් අනුමත කරමින් නිහඬව සිටින විපක්ෂ කල්ලිකණ්ඩායම්වලට 69 ලක්ෂයේ ජනවරමේ අපේක්ෂාවන් සඵල කළ හැකියි’ කියා.”

ස්වාධීන මන්ත්‍රී සංසදය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන

ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දේ දුන්න 69 ලක්ෂයක් ජනතාවට අපි තවමත් ස්තුතිවන්ත විය යුතුයි මන්ද විවිධ පාර්ශව සිදු කර තිබෙන සමීක්ෂණ රැසක් අනුව තවමත් සියට 40 ක්  45ක් ක් ජනතාව පවතින යම් දේශපාලන බලවේගයක් කෙරෙහි විශ්වාසය තබා නොමැති බව පැහැදිලියි. අන්න ඒ ජනතාව තමයි ජාතික වාදී දේශප්‍රේමී 69 ලක්ෂයේ බහුතර ජනතාව. විශ්වාස කල හැකි වසර 20කට අධික කාලයක් පුරා ජාතිකවාදී කඳවුර අඛණ්ඩව නියෝජනය කල පිරිසක් අපේ කණ්ඩායමේ නායකත්වය දරනවා. ඒවගේම ව්‍යවසායක රාජ්‍යයක්, සතුටු දැයක් අපි විශ්වාස කරනවා. සෑම පවුලකටම අතිරේක අදායම් මාර්ගයක් සකස් කරනවා. භෞතික දියුණුව සේම අධ්‍යාත්මික දියුණුව ගොඩ නැගීමට කටයුතු කරනවා. මේ නිසා මේ ජාතිකවාදී ජනතාවට නුගේගොඩට එන්න අපි සුදානම් ඉදිරි ගමන ඔබ සමග ගමන් කරන්න කියලා අපි සඳහා කරන්න කැමතියි. ”

සභ්‍යත්ව රාජ්‍යක් වෙනුවෙන් අපි අඛණ්ඩව පෙනී සිටියා. 2015ත් හිටියා 2019ත් හිටියා අදත් එසේම අදත් ඒ ජාතිකත්ව කඳවුර බලගන්වන්න මව්බිමේ අනාගතය නිර්මාණය කිරීමට අපි සියලු දේශප්‍රේමී ජනතාවට අප සමඟ එක්වන ලෙස අරාධනා කරනවා යැයි මෙම මාධ්‍ය සාකච්ඡාවට එක්වූ ‘යුතුකම’ ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ  නියෝජ්‍ය ලේකම් ජී. ඩී. වී. තිලකසිරි යන හිටපු  නැගෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ඇතුළු සර්වජන බලය දේශපාලන එකමුතුවෙහි විධායක සභිකයෝ ද අදහස් දක්වමින් කියා සිටියහ.

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect