Live 24

March 4, 2026
🌤️Mainly clear, 28°C
March 4, 2026
🌤️Mainly clear, 28°C
  • Home
  • Local
  • “2024 ධර්ම රශ්මි” පොසොන් කලාපයේ සමාරම්භක උත්සවය පිටිපන NSBM හරිත සරසවි භූමියේදී ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන්
Image

“2024 ධර්ම රශ්මි” පොසොන් කලාපයේ සමාරම්භක උත්සවය පිටිපන NSBM හරිත සරසවි භූමියේදී ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන්

ප්‍රවාහන,මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව හෝමාගම පුරවරය කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කෙරෙන “2024 ධර්ම රශ්මි” පොසොන් කලාපයේ සමාරම්භක උත්සවය පිටිපන NSBM හරිත සරසවි භූමියේදී ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

පොසොන් කලාපය සමාරම්භ කරමින් NSBM හරිත සරසවියේ සිසුන් සහ කාර්ය මණ්ඩලය එහි සංගීත අංශය සමඟ එක්ව ඉදිරිපත් කරන ලද බැති ගී සරණිය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ගේ ප්‍රධානත්වයෙන්, ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් NSBM හරිත සරසවි පරිශ්‍රයේදී ආරම්භ විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා, ප්‍රවාහන හා මහාමර්ග අමාත්‍යංශ ලේකම් රංජිත් රූබසිංහ මහතා, ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් අනුෂ පැල්පිට මහතා, විදේශ රටවල් රැසක තනාපතිවරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු ආරාධිතයින් විශාල පිරිසක් සමාරම්භක උත්සවයට සහභාගි විය.

Releated News

FBI එකටත් බැරි වුණ එකේ අපිට පාස්කු වළක්වන්න පුළුවන්ද – සුජීව

පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදී හෝටල් සහ පල්ලි වසා දැමීමට පියවර ගත්තේ නම් රටේ විශාල කලබලයක් ඇති…

Feb 27, 2026
අජිත් රෝහණගෙන් ආණ්ඩුවට ක්‍රෙඩිට් එකක්

වර්තමානය වන විට පාර්ලිමෙන්තුව විසින් නිර්මාණය කරපු අතිවිශිෂ්ට නීතිය වන්නේ අපරාධයකින් උත්පාදිත දේපල පිළිබඳ පනත බව ජේෂ්ඨ නියෝජ්‍ය…

Feb 27, 2026
iPhone පරිශීලකයන්ට WhatsApp Web ලොග් වීමේ ගැටළුවක්

වට්ස්ඇප් වෙබ් සඳහා පිවිසීමේ දී ගැටලු මතුවනවා යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ,…

Feb 27, 2026
දිනකට රුපියල් ලක්ෂයක් කප්පම් ගත් ‘හොරා පොලිස්’ අත්අඩංගුවට

උසස් පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින් බිය වද්දා කප්පම් ලබාගත් පුද්ගලයෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට…

Feb 27, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *