13 ගැන පම්පෝරි ගහන නායකයොන්ට තවම පළාත් සභා ඡන්දයවත් හරියට තියාගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

පළාත් සභා ඡන්දයවත් තියන්න බැරි නායකයන් 13 වැනි සංශෝධනය ගැන කතා කරන්නේ කොහොමද කියා සිතා ගත නොහැකි බවත් උතුරු පළාතට පමණක් නොව මුළු රටටම සංහිඳියාව, සහෝදරයත්වය, වගවීම හා වගකීම අවශ්‍ය බැවින් සමගි ජන බලවේග රජයක් තුළ ලබන වසරේ මුල් භාගයේ පළාත් සභා මැතිවරණය පවත්වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (ජුනි 10) යාපනය පේදුරුතුඩුව කොට්ටවට්ටි ඇමෙරිකන් දමිළ මිශ්‍ර පාසලට සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 228 වැනි අදියර යටතේ රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසලේ නර්තන කණ්ඩායම සඳහා අවශ්‍ය ඇඳුම් සපයා ගැනීමට පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාතන් මහතා ද එක්ව සිටි අයුරු දැකගත හැකිවිය.*

*13 වැනි සංශෝධනය කියන්නේ අමුතු දෙයක් නොවේ*

විවිධ නායකයන් යාපනයේ ජනතාව දේශපාලන සංගීත පුටු සෙල්ලමකට ලක් කර ඇති බවත් විවිධ අවස්ථාවල පැමිණ විවිධ දේවල් කරනා බවත් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අමුතු දෙයක් නොව එය අප රටේ නීති පොතේ ඇති දෙයක් බවත් කවුරු ඒ ගැන කුමන කතා කිව්වත් අද 13 වැනි සංශෝධනයෙන් බිහි කළ පළාත් සභා සියල්ල අක්‍රීය වී ඇති බවත් සමගි ජන බලවේග රජයක් තුළ පළාත් සභා ඡන්දය පැවතුනු ආකාරයෙන්ම පැවැත්වීමට කටයුතු කරනා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

*අපේ රජයක් තුළ පළාත් සභා මැතිවරණයත් පවත්වනවා*

මේ වන විට පළාත් සභා නොමැති වුවත් පළාත් සභාවේ සභාපතිවරයා වැටුප් ලබන බවත් නමට පළාත් සභා තිබුණත් මහජන නියෝජිතයන් හරහා පොදුජනතාවට සිදුවිය යුතු සේවාව ඉටු නොවන නිසා පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු ම නීති සම්පාදනය කර පළාත් සභා ක්ෂේත්‍රය හරහා සේවයක් අපේක්ෂා කරනා සියලු දෙනාට සාධාරණයක් ඉටු කරනා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

*සිංහල පමණයි දමිළ පමණයි කිව්වා ඇති*

අප රටට දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැගිය යුතු බවත් ඒ තුළින් සුහුරු රටක් බිහි කළ යුතු බවත් ඒ සඳහා සුහුරු අධ්‍යාපනයක් අවශ්‍ය බවත් එහි දී සිංහල පමණයි දමිළ පමණයි කිය කියා නොසිට ඉංග්‍රීසි භාෂා හා පරිගණක තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය ප්‍රවර්ධනය කළ යුතු බවත් ලෝකයේ ජාත්‍යන්තර ශ්‍රම වෙළෙඳපොළේ ඉල්ලුමට සැපයුම ලබා දෙන විෂය නිර්දේශයක් සකස් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය. එසේම යාපනය දිස්ත්‍රික්කයත් උතුරු පළාතේ සෙසු ප්‍රදේශත් දැනුමේ කේන්ද්‍රස්ථාන බවට පත් කිරීම මහපොළොවේ යථාර්ථයක් බවට පත් කරනා බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

*සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 60කට රුපියල් ලක්ෂ 1832ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 228ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2550ක් වැය කර තිබේ.

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect