හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ඇප ඉල්ලීමට නීතිපතිගේ විරෝධය

බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇප මත මුදාහරින ලෙස කර ඇති ඉල්ලීමට අදාළව විරෝධතා ඉදිරිපත් කරන බව නීතිපතිවරයා අද (ජුලි 4 වැනිදා) කොළඹ මහාධිකරණයට දැනුම් දෙනු ලැබීය.

මෙම ඇප ඉල්ලීම අද කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඉදිරියේ සලකා බැලුණි.

එහිදී විනිසුරුවරයා රජයේ නීතිඥවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම ඇප ඉල්ලීම සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කරන්නේදැයි විමසා සිටියේය.

එහිදී රජයේ නීතිඥවරයා සඳහන් කළේ මෙම ඉල්ලීමට අදාළව විරෝධතා ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා අපේක්ෂා කරන බවත් එම විරෝධතා ලිඛිතව ගොනු කිරීමට අපේක්ෂා කරන බවයි.

මෙම නඩුව මෙහෙයවන රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වෙනත් නඩු විභාගයක් සඳහා ගම්පහ මහාධිකරණයට ගොස් සිටින බැවින් එම විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කල් ලබා දෙන ලෙසත් රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

ඒ අනුව විරෝධතා ඉදිරිපත් කිරීමට නීතිපතිවරයාට කල් ලබා දුන් මහාධිකරණ විනිසුරුවරයා මෙම ඇප ඉල්ලීම යළි ලබන ජුලි 11 වැනිදා කැඳවන ලෙසත් නියෝග කළේය.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අධිකරණයට කළ අභියාචනය

වසර තුනක සිර දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ අතර එහිදී එම අභියාචනා පෙත්සම අභියාචනාධිකරණය වෙත යොමු කිරීම සඳහා කොළඹ මහාධිකරණයට භාරදුන් අතර එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා තමන්ව ඇප මත මුදා හරින ලෙසත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කොළඹ මහාධිකරණය හමුවේ මීට පෙර ඉල්ලීමක් කරන ලදී.

විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නලින්ද ඉන්දතිස්ස අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායිකාවට එරෙහිව නියම කර ඇති දඬුවමට එරෙහිව ඇය විසින් අභියාචනයක් ඉදිරිපත් කර ඇති බව සඳහන් කළේය.

ඇයට නියම වී තිබෙන දඬුවමේ ස්වභාවය හා ඇයට දරුවන් තුන් දෙනෙකු සිටීම යන කරුණු සලකා බලා ඇයව ඇප මත මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect