‘හිතකාමී රටක් සමෘද්ධිමත් හෙටක්’ යන තේමාව පෙරටු කර ගෙන සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරි සංගමය කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී ‘සජිත් සමඟ සමෘද්ධි බලවේගය’ යනුවෙන් විශේෂ සමුළුවක් සංවිධානය කර තිබුණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා මහතා ලේකම් ධුරය දරන මෙම සංගමය (29) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහයා පළ කිරීම මෙහිදී සිදු විය. මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැමිණ සිටි පිරිස ඇමතීය.
