Live 24

February 17, 2026
🌧️Slight rain, 26°C
February 17, 2026
🌧️Slight rain, 26°C
  • Home
  • Local
  • හැඩගැහෙන්න නැත්තම් ඉවත් වෙන්න ජනාධිපති අනුර
Image

හැඩගැහෙන්න නැත්තම් ඉවත් වෙන්න ජනාධිපති අනුර

රාජ්‍ය ආයතන තුළ තවදුරටත් පරණ ඇබ්බැහිවලට ලොල් වූ පුද්ගලයන් සිටින බවට හඳුනාගෙන ඇති බවත් ඔවුන් නව දේශපාලනයට හැඩනොගැසෙන්නේ නම් වහා ම ඉවත්ව යා යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියා.

ඔවුන් ඉවත්ව නොයන්නේ නම් ඉවත් කරන බව පැවැසු ජනපතිවරයා ජනතාවගේ සෑම රුපියලකටම ගරු කරන සාංඝික දේපළක් ලෙස ආරක්ෂා කරන රාජ්‍ය සේවයක් අවශ්‍ය බව පැවසුවා.

මධ්‍යම අධිවේගයේ කඩවත – මීරිගම කොටස ආරම්භ කිරිමේ අවස්ථාවට ඊයේ (17) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

උදාහරණයක් ලෙස පාතාල සන්නද්ධ කල්ලිවලට නීත්‍යනුකූලව පොලිසිය, හමුදාව මෙන් ම තවත් රාජ්‍ය ආයතන කිහිපයකින් රැකවරණ සලසා තිබූ අයුරු පසුගිය කාලය පුරාවට ම දක්නට ලැබූ බවද ඔහු සඳහන් කළා.

ජනාධිපතිවරයා ,

“අපිට මේ මතුපිටින් තිබෙන රාජ්‍ය හා සමාන කළු රාජ්‍යයක් නිර්මාණය කරගෙන තිබෙනවා. ඔවුන්ට අවි ආයුධ ලැබෙනවා. නීත්‍යනුකූල හමුදාවන් විසින් කුඩු ප්‍රවාහනය කරනවා. එය මැඬපැවැත්වීමට ඉන්න පොලිසිය ඔවුන්ට රැකවරණය දෙනවා. දේශපාලන අධිකාරිය විසින් නීතිවිරෝධී පාස්පෝට් හදලා දෙනවා. නීත්‍යනුකූල පාස්පෝට් සෑදීම වැළැක්වීම සඳහා තිබෙන ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් ඔවුන්ට මෝටර් රථ ලියාපදිංචි කරලා දෙනවා. මෝටර් රථ ලියාපදිංචියට තියෙන ආයතන විසින් ඔවුන්ට නීතියේ රැකවරණයත් ලබාදෙනවා. ඒ නිසා මේ මතුපිට තිබෙන රාජ්‍යයට සමාන යටිබිම්ගත රාජ්‍යයක් සංවිධානාත්මක අපරාධ කල්ලි වෙත තිබෙනවා. තැන තැන වෙඩි තැබීම්, මත්ද්‍රව්‍ය ආදී විශාල සමාජ අපරාධවලින් ගහන වූ යටිබිම්ගත රාජ්‍යයක්. මේ යටිබිම්ගත රාජ්‍ය අපි සහතික වශයෙන් ම අවසන් කරනවා.

පරණ ඇබ්බැහිවලට ලොල් වූ රාජ්‍ය යාන්ත්‍රණයේ ඇතැම් පුද්ගලයන් සහ සමහර තැන් අපි හඳුනාගෙන තියෙනවා. අපි නැවත නැවත කියන්නේ අලුත් දේශපාලනයට අනුව හැඩගැසෙන්න අවස්ථාව තියෙනවා. එසේ නොමැති නම් ඔවුන්ට දාලා යන්න පුළුවන්. දාලා යන්නේ නැත්නම් ඔවුන්ව අපි අයින් කරනවා. අපිට අවශ්‍යයි මහජනයාගේ සෑම රුපියලකටම ගරු කරන සාංඝික දේපොළක් වගේ ආරක්ෂා කරන රාජ්‍ය සේවයක් අපිට අවශ්‍යයි.

බිඳවැටුණු රාජ්‍යයක් තොරන් ආර්ථිකයකින් නොව ස්ථාවර ආර්ථිකයකින් ගොඩනඟමින් තිබෙනවා. අපි විශ්වාස කරනවා මේ අවුරුද්ද ලංකා ඉතිහාසයේ, ආර්ථිකය, සමාජ ජීවිතය, දේශපාලන, නීතියේ ආධිපත්‍ය වැදගත් හැරවුමකට භාජන කළ වසරක් බව.අපිට අවශ්‍ය වන්නේ දියුණු දේශපාලනඥයෙක්. දියුණු පුරවැසියෙක්. අපිට කිසිසේත්ම අවශ්‍ය නෑ වන්දනාමාන කරන පුරවැසියෙක්. තම තමන්ගේ වගකීම් ඉටුකරන පුරවැසියන් අපට අවශ්‍යයි. මිනිස්සුන්ව මේ දේශපාලන අධිකාරිය බිය කළා.කොඳු සිඳගත් ජාතියකට දියුණු ජාතියක් වෙන්න බෑ. ප්‍රශ්න කරන, තමන්ගේ අදහස් නිර්භයව කියන, පොදු සාමුහික ක්‍රියාවලට එකතු වන, සහකම්පනයක් ඇති වෙන දියුණු මිනිස්සුගෙන් පමණයි දියුණු ජාතියක් හැදිය හැක්කේ. අපි විශ්වාස කරනවා ලෝකයේ දියුණුතම ජාතිය ලංකාවේ ඇති කිරීමේ අභියෝගය අපි භාරගෙන තියෙනවා. අපිට කළ හැකියි.”

Releated News

හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනයේ 12ක් පෝරකයට

පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා නිට්ටඹුව නගරයේ දී පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ  12…

Feb 11, 2026
කතානායකට අල්ලසෙන් පරීක්ෂණයක්

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව බාරදී ඇති දූෂණ වංචා චෝදනා පිළිබඳ පැමිණිල්ල සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා…

Feb 8, 2026
පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පතට එරෙහි පෙත්සමක්

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් මූලික අයිතිවාසිකම් කඩවන බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත…

Feb 5, 2026
කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026
1 Comments Text
  • anxiety suppression says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    order marijuana online with discreet safe delivery
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *