හාල් මිල පාලනය ඉවත් කරන්න ලෑස්ති නැහැ – නලින්ද ජයතිස්ස

රජය විසින් සහල් සඳහා පනවා ඇති පාලන මිල ඉවත් කිරීමේ කිසිදු සූදානමක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

කැබිනට් තීරණ දැනුම්දීම සඳහා අද (28) කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු ඒ බව කියා සිටියා.

ඒමෙන්ම ඇතැම් තැන්හි පෝලිමක් පැමිණියහොත් පැමිණෙන්නේ නාඩු සහල් වලට නොව රතු කැකුළු සහල් වලට බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ නලින්ද ජයතිස්ස මහතා :

“කොතරම් අය එළියෙදී යෝජනා ඉදිරිපත් කළත් ඒ සහල් මිල පාලනය ඉවත් කරන්න සූදානම් නෑ. සහල්වල ප්‍රශ්නය තියෙන්නේ, ඔය රතු කැකුළුවල ප්‍රශ්නයක් තියෙනවා. ඇතැම් තැනක පෝලිමක් ආවොත් එන්නේ නාඩු සහලවල නෙමයි රතු කැකුළුවලට. ඉතින් රතු කැකුළු ප්‍රශ්නය විසඳන්න මේ කන්නයේ ගොයම් කැපෙනතුරු ඉන්න ඕනේ. සති දෙකකට ආසන්න කාලයක් තුළදී අපි බලාපොරොත්තු වෙනවා මේ රතු කැකුළු ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳෙයි කියලා.

මේ කන්නයේදී  මෙට්‍රික් ටොන් ලක්ෂ 07ක රතු කැකුළු අස්වැන්නක් එයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. නාඩු ප්‍රශ්නයට අපි විසඳුමක් ලබා දුන්නා. මේ ප්‍රශ්නයට ක්‍රමාණුකූල විසඳුමක් දීගෙන යනවා. අනික් පැත්තෙන් මේ අවස්ථාව දඩමීමා කරනගෙන කවුරු හරි අයුතු ලාභයක් ගන්න හදනවානම් පාරිභෝගික කටයතු අධිකාරය හරහා  වැටලීම් කරනවා.”

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect