Live 24

November 22, 2025
☁️Overcast, 27°C
November 22, 2025
☁️Overcast, 27°C
  • Home
  • News
  • හාර කෝටියකට අධික දේපළ තහනම් කරලා
Image

හාර කෝටියකට අධික දේපළ තහනම් කරලා

මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක සහ ඇගේ හිතවතුන් මත්  ජාවාරමෙන් ඉපැයූ මුදල්වලින් මිලදී ගත් බවට සැකකරන රුපියල් හාර කෝටියකට අධික  වටිනාකමින් දේපළ මුදල් විශුද්ධ කරන පනත අනුව තහනමට ලක් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

පොලීසිය පවසන්නේ, මෙම දේපොළවට හිමිකම් කියන හික්කඩුවේ නාලගස්දෙණියේ පදිංචි සැකකාර කාන්තාව මේ වනවිට හොරයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන්  රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි.

එම සැකකාරිය සහ සමීපතමින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදලින් නිවාස ඉඩම් සහ යානවාහන මිලදීගෙන ඇති බවට විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළා.

ඒ අනුව සුදු වැල්ල ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 240 ක් වටිනා දෙමහල් නිවස එම ඉඩමට යාබද පර්චස් 12.72 ඉඩම, කළුපේ ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 40 ක් වටිනා පර්චස් 20 ක ඉඩම , එම ප්‍රදේශයේම පිහිටි රුපියල් ලක්ෂ 10 ක් වටිනා නිවස සහිත පර්චස් 05 ක ඉඩම රත්ගම  පිහිටි රුපියල් ලක්ෂ 20 ක් වටිනා නිවස සහිත පර්චස් 10 ක ඉඩමද කළුපේ ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 20 ක් වටිනා නිවස සහිත හෙක්ටයාර් 0.0373 ඉඩම මෙන්ම රුපියල් ලක්ෂ එකසිය 120 ක් වටිනා සුඛෝභෝගී මෝටර් රථයක් සහ රුපියල් ලක්ෂ 16 ක් වටිනා තීරෝද රථයක් තහනම් කළ දේපෙළවලට අයත් වනවා.

Releated News

ගණේමුල්ලේ සංජීව ඝාතනයට ආධාර කළ නීතිඥවරියක් කඩවත දී අත්අඩංගුවට

ගණේමුල්ල සංජිව ඝාතනයට ආධාර අනුබල දීම මත මහර අධිකරණ සංකීර්ණයේ සේවය කරන නීතිඥවරියක් ඊයෙ සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…

Oct 29, 2025
පුටුව උඩ අවසන් ගමන් ගිය වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති

වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර මහතා පසුගිය පළාත් පාලන ඡන්දයේදී සමගි ජනබලවේගයෙන් තරග…

Oct 22, 2025
බස්නාහිර පළාත් හා අමාත්‍ය ධූරය සඳහා ප්‍රබල මාධ්‍ය හිමිකරුවෙක් තරගයට

ලබන වසරේ අප්‍රේල් මස පැවැත්වීමට නියමිත පළාත් සභා මහ මැතිවරණය සඳහා තරග වැදීමට ප්‍රබල මාධ්‍ය හිමිකරුවෙකු මහා අමාත්‍ය…

Oct 10, 2025
වාර්තාවක් නිසා සජිත් සහ කථානායක පැටලෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කථානායක ජගත් වික්‍රමරත්න මහතා අතර අද (23) පාර්ලිමේන්තුවේදී උණුසුම් සංවාදයක් ඇති වුණා. ආරක්ෂක…

Sep 23, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *