Live 24

December 20, 2025
Partly cloudy, 27°C
December 20, 2025
Partly cloudy, 27°C
  • Home
  • Local
  • හර්ෂ ඉලුක්පිටියට වසර දෙකක සිරදඬුවම්
Image

හර්ෂ ඉලුක්පිටියට වසර දෙකක සිරදඬුවම්

ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අතුරු නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් හර්ෂ ඉලුක්පිටිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණ යට අපහාසයක් සිදු කර ඇති බවට අධිකරණය අද (23) තීන්දු කළා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා සඳහන් කළේ, මෙම ක්‍රියාව තුළින් වග උත්තරකාර හර්ෂ ඉලුක්පිටිය මහතා අධිකරණයට බරපතළ අපහාසයක් සිදුකර තිබෙන බවයි.

ජනක් ද සිල්වා, අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගේ එකඟතාවය මත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළව ශ්‍රෙෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළ බවට ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා චෝදනා ලබා සිටියා.

පසුගිය ආණ්ඩුව සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට ගෙන තිබූ අමාත්‍ය මණ්ඩල තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහත, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන පාඨලී චම්පික රණවක මහතා සහ එම්.ඒ.සුමන්දිරන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා.

පසුව එම මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙමින් අදාළ අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ඉකුත් අගෝස්තු 02 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

අනතුරුව විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පැරණි ක්‍රමය යටතේම සිදු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ආගමන හා විගමන පාලකවරයා වෙත තවත් අතුරු නියෝගයක් නිකුත් කළා.

නමුත් ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා එම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැරහැර තිබූ අතර ඒ අනුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනුකරමින් ඉකුත් වසරේ සැප්තැම්බර් 25 වනදා ඔහුව රක්ෂිත බන්ධනාගාර කෙරුණා. 

Releated News

විපතට පත් ජනතාවගේ සුවදුක් විමසීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යයි

අධික වර්ෂාව සහිත කාලගුණික තත්ත්වයෙන් විපතට පත් ජනතාවගේ සුවදුක් විමසා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද…

Nov 29, 2025
පීඩාවට පත්වූ පවුල් උදෙසා ඉන්දීයානු ආධාර රැගත් ගුවන්යානක් දිවයිනට

පීඩාවට පත්වූ පවුල් උදෙසා ඉන්දීයානු ආධාර රැගත් ගුවන්යානක් දිවයිනටදිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් අවතැන් වී සිටින ජනතාව…

Nov 29, 2025
ගණේමුල්ලේ සංජීව ඝාතනයට ආධාර කළ නීතිඥවරියක් කඩවත දී අත්අඩංගුවට

ගණේමුල්ල සංජිව ඝාතනයට ආධාර අනුබල දීම මත මහර අධිකරණ සංකීර්ණයේ සේවය කරන නීතිඥවරියක් ඊයෙ සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…

Oct 29, 2025
පුටුව උඩ අවසන් ගමන් ගිය වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති

වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර මහතා පසුගිය පළාත් පාලන ඡන්දයේදී සමගි ජනබලවේගයෙන් තරග…

Oct 22, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *