Live 24

October 30, 2025
☁️Overcast, 28°C
October 30, 2025
☁️Overcast, 28°C
  • Home
  • Local
  • සෞඛ්‍ය සේවාවේ ප්‍රශ්නවලට උත්තර සපයන්න බැරුව නලින්ද නැවත නැවත වැඩ තහනම් ලිපියක් එළියට දමමින් තර්ජනය කරමින් සිටිනවා සිටිනවා
Image

සෞඛ්‍ය සේවාවේ ප්‍රශ්නවලට උත්තර සපයන්න බැරුව නලින්ද නැවත නැවත වැඩ තහනම් ලිපියක් එළියට දමමින් තර්ජනය කරමින් සිටිනවා සිටිනවා

*වැඩ තහනම් කරලා කටවල් වැසීම පරණ ක්‍රමයක්. මේ වැඩ තහනම් කරපු ලිපිය නිකුත් කරලා තියෙන විදිහ වැරදියි. මෙය පළිගැනීමේ සහ බිය වෙද්දිවීමේ වුවමනාවක් මත නිකුත් කරපු ලිපියක්. සෞඛ්‍ය සේවාවේ බොහෝ අය මැතිවරණයට තරග කරා. මැතිවරණය ප්‍රකාශයට පත් කරපු කාලයත් මැතිවරණයක් අතර තිබිච්ච පරතරය ඉතා අඩු වූ නිසාත් රාජ්‍ය සේවාවේ සාමාන්‍ය ක්‍රියාත්මක කාලය තුළ ඇති ප්‍රමාදය හේතුවෙනුත් මැතිවරණයට ඉදිරිපත් වූ බොහෝ සෞඛ්‍ය වෘත්තිකයන් අවසර ගත් ආකාරයටම තමයි මමත් අවසර අරන් තියෙන්නේ. එහෙම අවසරයක් දෙන්න බෑ කියලා කොහෙවත් මට කියලා නෑ. හැමෝටම අවසරය දීලා තියෙන්නේ අතරමැදි විදිහට. හැබැයි ආණ්ඩු පක්ෂයේ අයට එය එක විදිහකටත් විපක්ෂයේ අයට එය තව විදිහකටත් ක්‍රියාත්මක වෙනවා.

ආණ්ඩුවේ පක්ෂයේ නොතේරිච්ච අයට නැවත රැකියාවට වාර්තා කරන්න එම අතරමැදි ස්වභාවය පාවිච්චි කරනවා. හැබැයි විපක්ෂ පක්ෂ වලින් ඉල්ලපු අයට අවාසි වෙන විදිහට දෙබිඩි ප්‍රතිපත්තියක් තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය අනුගමනය කරන්නේ.

උදාහරණයට අර්ජුනාවන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට තේරී පත්වුණා. ඔහුට ‘පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙලා නැවත සෞඛ්‍ය සේවාවට එන්න’ කියනවා වගේ බලපෑමක් තමයි මේ වන විට සිදුවෙමින් පවතින්නේ. නමුත් පාර්ලිමේන්තුවට තේරී පත් නොවෙච්ච මාවෙනුවෙන් ඔවුන් ක්‍රියාත්මක කරන්න යන්නේනේ, ‘ඉල්ලපු නිසා ආයෙ රාජ්‍ය සේවාවලට එන්න බෑ’ කියනවා වගේ ප්‍රතිපත්තියක්.

කොහොම වුණත් මේ සියල්ල සිද්ධ වෙන්නේ බලපෑම් කරලා අපේ කටවල් වහන්න. මේ පිළිබඳව නීත්‍යානුකූලව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.

Releated News

ගණේමුල්ලේ සංජීව ඝාතනයට ආධාර කළ නීතිඥවරියක් කඩවත දී අත්අඩංගුවට

ගණේමුල්ල සංජිව ඝාතනයට ආධාර අනුබල දීම මත මහර අධිකරණ සංකීර්ණයේ සේවය කරන නීතිඥවරියක් ඊයෙ සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…

Oct 29, 2025
පුටුව උඩ අවසන් ගමන් ගිය වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති

වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර මහතා පසුගිය පළාත් පාලන ඡන්දයේදී සමගි ජනබලවේගයෙන් තරග…

Oct 22, 2025
බස්නාහිර පළාත් හා අමාත්‍ය ධූරය සඳහා ප්‍රබල මාධ්‍ය හිමිකරුවෙක් තරගයට

ලබන වසරේ අප්‍රේල් මස පැවැත්වීමට නියමිත පළාත් සභා මහ මැතිවරණය සඳහා තරග වැදීමට ප්‍රබල මාධ්‍ය හිමිකරුවෙකු මහා අමාත්‍ය…

Oct 10, 2025
වාර්තාවක් නිසා සජිත් සහ කථානායක පැටලෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කථානායක ජගත් වික්‍රමරත්න මහතා අතර අද (23) පාර්ලිමේන්තුවේදී උණුසුම් සංවාදයක් ඇති වුණා. ආරක්ෂක…

Sep 23, 2025
1 Comments Text
  • tamilblaster says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    I have read some excellent stuff here Definitely value bookmarking for revisiting I wonder how much effort you put to make the sort of excellent informative website
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *