සෞඛ්‍ය සේවාවේ ප්‍රශ්නවලට උත්තර සපයන්න බැරුව නලින්ද නැවත නැවත වැඩ තහනම් ලිපියක් එළියට දමමින් තර්ජනය කරමින් සිටිනවා සිටිනවා

*වැඩ තහනම් කරලා කටවල් වැසීම පරණ ක්‍රමයක්. මේ වැඩ තහනම් කරපු ලිපිය නිකුත් කරලා තියෙන විදිහ වැරදියි. මෙය පළිගැනීමේ සහ බිය වෙද්දිවීමේ වුවමනාවක් මත නිකුත් කරපු ලිපියක්. සෞඛ්‍ය සේවාවේ බොහෝ අය මැතිවරණයට තරග කරා. මැතිවරණය ප්‍රකාශයට පත් කරපු කාලයත් මැතිවරණයක් අතර තිබිච්ච පරතරය ඉතා අඩු වූ නිසාත් රාජ්‍ය සේවාවේ සාමාන්‍ය ක්‍රියාත්මක කාලය තුළ ඇති ප්‍රමාදය හේතුවෙනුත් මැතිවරණයට ඉදිරිපත් වූ බොහෝ සෞඛ්‍ය වෘත්තිකයන් අවසර ගත් ආකාරයටම තමයි මමත් අවසර අරන් තියෙන්නේ. එහෙම අවසරයක් දෙන්න බෑ කියලා කොහෙවත් මට කියලා නෑ. හැමෝටම අවසරය දීලා තියෙන්නේ අතරමැදි විදිහට. හැබැයි ආණ්ඩු පක්ෂයේ අයට එය එක විදිහකටත් විපක්ෂයේ අයට එය තව විදිහකටත් ක්‍රියාත්මක වෙනවා.

ආණ්ඩුවේ පක්ෂයේ නොතේරිච්ච අයට නැවත රැකියාවට වාර්තා කරන්න එම අතරමැදි ස්වභාවය පාවිච්චි කරනවා. හැබැයි විපක්ෂ පක්ෂ වලින් ඉල්ලපු අයට අවාසි වෙන විදිහට දෙබිඩි ප්‍රතිපත්තියක් තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය අනුගමනය කරන්නේ.

උදාහරණයට අර්ජුනාවන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට තේරී පත්වුණා. ඔහුට ‘පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙලා නැවත සෞඛ්‍ය සේවාවට එන්න’ කියනවා වගේ බලපෑමක් තමයි මේ වන විට සිදුවෙමින් පවතින්නේ. නමුත් පාර්ලිමේන්තුවට තේරී පත් නොවෙච්ච මාවෙනුවෙන් ඔවුන් ක්‍රියාත්මක කරන්න යන්නේනේ, ‘ඉල්ලපු නිසා ආයෙ රාජ්‍ය සේවාවලට එන්න බෑ’ කියනවා වගේ ප්‍රතිපත්තියක්.

කොහොම වුණත් මේ සියල්ල සිද්ධ වෙන්නේ බලපෑම් කරලා අපේ කටවල් වහන්න. මේ පිළිබඳව නීත්‍යානුකූලව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect