සැකකරුවන් සොයාගත නොහැකි චමුදිතගේ පැමිණිලි

ප්‍රවීන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා පදිංචි පිළියන්දල වෑවල ක්‍රේම්බිජ් කෝට් නිවාස සංකීර්ණයේ ප්‍රදාන දොරටුව අසලට 20/06/2024 වන දින නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු රාත්‍රීයේ පැමින ඊට ඇතුල් වීමට උත්සහ දැරූ පුද්ගලයින් දෙදෙනා සම්බන්ධයෙන් පොලීසියට පැමිනිලි කල අද වන විට දින 2ට ආසන්න කාලයක් ගත වී තිබේ.

මීට ප්‍රථමද අවුරුදු දෙක හා මාරකට ප්‍රතම මෙම නිවාස සංකීර්ණයටම ඇතුලත් වී ඔහුගේ නිවසට නාදුනන පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කල අතර අද වන තුරු මෙම ප්‍රහාරය සිදු කල පුද්ගලයින් සම්බන්දයෙන් කිසිදු තොරතුරක් පොලීසියට අනාවරණය කර ගැනීමට මෙතෙක් නොහැකි වී ඇත.

මෙම සිද්දිය සැල වූ විගසම පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා ප්‍රකාශ කරේ පිළියන්දල පොලීසිය විසින් පරීක්ෂණ කටයුතු අරභා ඇති බවයි.කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සොයා බැලීමේදී පිළියන්දල පොලීසිය විසින් මෙතෙක් කිසිදු CCTV දර්ශන පරීක්ශා කිරීමක් කර නොමැති බවත් ඔහු පදිංචි නිවාස සංකීර්ණයට ඇතුල් වූ යතුරුපැදිකරු හදුනා ගැනීමට හෝ අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබේ.

ඔහුගේ නිවසට මීට ප්‍රථම ප්‍රහාරය එල්ල වූ අවස්තාවේදීද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරේ පොලිස් කණ්ඩායම් හතරක් විසින් පරීක්ෂණ පවත්වන බවයි.මෙම සිද්දිය වූ අවස්තාවේදීද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කලේ මේ සම්බන්ධව පිලියන්දල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

පලවෙනි පැමිනිල්ලද දෙවනි සිදු වීමද සම්බන්ධයෙන් පොලිස් දෙපාර්ලිමේන්තුව ක්‍රියාකරනු ලබන්නේ අපරාධකරුවන් සොයා ගැනීමට නොව අදාල CCTV දර්ශන වල කාලය ඉකුත් වී මැකී ගිය පසු පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට දැයි සැක සහිතයි.ඇතැම් CCTV දර්ශන ගබඩා කල හැක්කේ දිනක් හෝ දින දෙකක් පමණි. ඒ බව පොලිස් විමර්ශන කණ්ඩායම් ඉතාමත් හොදින් දැන සිටී.

වර්තමාන පොලිස්පතිවරයා වන දේශබන්දු තෙන්නකෝන් මහතාද මාධ්‍යවේදීන් සමග ඉතා සුහදව කටයුතු කරන නිළධාරියෙකු වන ඔහුද මෙම සිදුවීම සම්බන්ධයෙන් තවමත් නිහඬව සිටී.

යුක්තිය මුට්ටිය යන විවිධාකාර නම් වලින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු යොදන පොලීසිය බාර අමාත්‍යවරයා වන ටිරාන් අලස් ද මෙම සිදුවීම සම්බන්ධයෙන් නිහඩව සිටී.

එම නාදුනන පුද්ගලයින් දෙපල ඇතුල් වීමට පෙර දින මානව හිමිකම් ආයතනය කුඩු සල්ලි වලට යට උනාද යන්න ආන්දෝලනාත්මක ප්‍රකාශයක් චමුදිත ප්‍රකාශ කල අතර ගණේමුල්ල සංජීව අත්අඩංගුවට පත්වූයේද චමුදිතගේ වැඩසටහනක ප්‍රතිඵලයක් ලෙස බොහෝ දෙනා දනිති.

කෙසේ වෙතත් කුමන පදනමක් මත පරීක්ෂණ කටයුතු හිතා මතා හෝ නොදනුවත්කමින් යටපත් කිරීමට පිළියන්දල පොලීසිය විසින් උත්සහ දරන බවක් බැලූ බැල්මට පෙනී යයි.

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect