සරත් ෆොන්සේකාට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට අදාළ නඩුව කැඳවයි

කොළඹ යුද හමුදා මූලස්ථානය තුළදී හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ “දුර්ගා” නමැති මරාගෙන මැරෙන බෝම්බකරියට ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා ලබා සිටින LTTE සැකකරුවන් තුන්දෙනෙකුට එරෙහිව චෝදනා 230ක් යටතේ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන නඩුව අද (28) කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගැනුණි.

ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේදී ය.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මාලී කරුණානායක මහත්මියගේ මෙහෙයවීම යටතේ සාක්ෂි සටහන් කරගැනීම සිදුවුණි. 

පසුව නඩුව වැඩිදුර විභාගය හෙට (29) දිනය තෙක් කල් තැබුණි.

සෙල්වරාසා කිරුභාකරන් හෙවත් මොරිස්, ශන්මුගලිංගම් සූරිය කුමාර් සහ තම්බයියා ප්‍රකාශ් හෙවත් ධනුෂ් යන විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබේ.

2006 වසරේ කොළඹ යුද හමුදා මූලස්ථානය තුළදී එවක හමුදාපති සරත් ෆොන්සේකා මහතා වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලකර ඔහුට බරපතළ තුවාල සිදුකිරීම සහ ඔහුගේ ආරක්ෂකයින් තුන් දෙනෙකු මරා දැමීමට ආධාර අනුබලදීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිපරයා විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම නඩුව ගොනු කර ඇත.

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect