සමාජ මාධ්‍ය හරහා ලැබෙන ව්‍යාජ කෙටි පණිවුඩ ගැන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්

සමාජ මාධ්‍ය ජාලා හරහා නිකුත් වන ව්‍යාජ කෙටි පණිවුඩ වෙත සිය පුද්ගලියක තොරතුරු ලබා දීමෙන් වළකින ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.

ජනාධිපතිවරයා විසින් දිළිදු පවුල් සඳහා රුපියල් 50,000ක ආධාර මුදලක් ලබා දෙන බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ කෙටි පණිවුඩ නිකුත් කිරීමක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙමින් පවතින බව එම කොමිෂන් සභාව සඳහන් කළා.

ඒ අනුව අදාළ කෙටි පණිවුඩ සඳහා තමන්ගේ පුද්ගලික තොරතුරු ලබා දීමෙන් වළකින ලෙස විදුලි සංදේශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ මේනකා පතිරණ මහත්මිය සඳහන් කළා.

“විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට, ව්‍යාජ කෙටි පණිවුඩ සම්බන්ධයෙන් විශාල වශයෙන් පැමිණිලි ලැබෙමින් පවතිනවා. ජනාධිපතිතුමා විසින් දුප්පත් පවුල් සඳහා රු 50,000ක ආධාර මුදලක් ලබාදෙන බවට පණිවුඩයක් සමාජ මාධ්‍ය ජාලා හරහා ඉතාමත් වේගයෙන් සංසරණය වෙනවා. මේ සබැඳියන් ඔස්සේ සම්බන්ධ වීමෙන් වැළකී සිටින ලෙස ඉල්ලා සිටිනවා. මේ සබැඳියන් අවහිර කිරීමට අවශ්‍ය කටයුතු දැනටමත් අප යොදා තිබෙනවා. මේවා ව්‍යාජ සබැඳියන් වෙනවා. මේවා ඔස්සේ ඔබගේ පෞද්ගලික තොරතුරු ලබා දුනහොත් ඔබගේ බැංකු ගිණුම්වලට අනවසර ප්‍රවිශ්ඨයන් වීම, ඊමේල් ගිණුම්ට තුන්වන පාර්ශවයක් ඇතුළු වීමෙන් බොහෝ කරදර සිදුවිය හැකියි. එනිසා පෞද්ගලික තොරතුරු ලබානොදෙන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඉල්ලා සිටිනවා.”

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect