සජිත් ලොකු රහසක් හෙළිකරයි

අද වන විට නමට වෙනස් නමුත් අනියම් ආකාරයෙන් එකතු වූ ප්‍රතිවාදීන් දෙන්නෙක් ඇති බවත් පක්ෂ දෙකක් ලෙස සිටියත් රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක එකට එකතු වී රහස් ගණුදෙනුවක් ක්‍රියාත්මක කරන බවත් සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අනුර – රනිල් රහස් ගනුදෙනුව ජනාධිපතිවරයාගේ කටින්ම එළියට ආ බවත් සඳහන් කර සිටි සජිත් ප්‍රේමදාස මහතා, තමා පරාජය වන බැවින් අනුර කුමාරට ඡන්දය දෙන ලෙස ජනාධිපතිවරයා පවසා ඇති බවත් සඳහන් කළේය.

අනුර කුමාර උතුරට ගොස් දකුණේ අය ඔහුට ඡන්දය දෙන නිසා උතුරත් දිය යුතු යැයි පවසන බවත් මේවා දවල් හීන බවත් සඳහන් කරන සජිත් ප්‍රේමදාස මහතා, මුළු රටම මේ වනවිට සාමාන්‍ය ජනතාවට සලකන පොදු ජනතාවට සේවය කරන පොඩි මිනිසා රකින රජයක් වෙනුවෙන් එකට එකතුවී ඇති බවත් ඒ වෙනුවෙන් සමගි ජන බලවේගය කැපවෙන බවත් පැවසීය.

ඊයේ (09) මාවතගම පැවති මෙහි දී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ය.

“දැන් අද බලන්න ප්‍රතිවාදීන් දෙදෙනෙක් ඉන්නවා. නමට වෙනස්. නමුත් අනියම් ආකාරයෙන් එකතුවෙලා. රටට පෙන්වනවා තමන් පක්ෂ දෙකක කියලා. රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක. හැබැයි දැවැන්ත රහස් ගනුදෙනුවක් දැන් ක්‍රියාත්මක වෙනවා. මොකක්ද මේ රහස් ගනුදෙනුව. සජිත් ප්‍රේමදාස ට දිනන්න දෙන්න හොඳ නෑ. මෙච්චරකල් තිබුණු රහස් ගනුදෙනුව රනිල් වික්‍රමසිංහ ගේ කටින් එළියට ආවා. මේ ජනාධිපති අපේක්ෂකයා කියනවා එයා පරදිනවලු. හැබැයි දිනන්නේ අනුර කුමාර දිසානායකලු. අනුර කුමාර දිසානායක උතුරට ගිහිල්ලා කියනවා දකුණේ අය මට ඡන්දය දෙනවා, ඒ නිසා උතුරේ අයත් දෙන්නලු. දවල් හීන.”

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect