සජිත්, මහින්ද, රනිල් එකතු වෙන බවට පැතිර යන කතාවට සජිත් ප්‍රේමදාසගෙ​න් පිලිතුරු

සජිත්, මහින්ද, රනිල් එකතු වෙන බවට පැතිර යන කතා අමූලික පට්ටපල් බොරු බව සමගි ජන බලවේග නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පුත්තලමේ පැවති ජන හමුවකදී ඔහු මේ බව පැවසීය.

සමගි ජන බලවේගය මෙවර පළාත් පාලන මැතිවරණයේ විශිෂ්ට ජයක් ලැබීම වැළැක්වීමට බංකොලොත් දේශපාලන පක්ෂ එකට එකතු වී ව්‍යාජ පුවත් ජනගත කරමින් සිටින බව විපක්ෂ නායකවරයා පවසයි.

එවැනි ප්‍රචාරණයන් අමූලික බොරු බවත් සමගි ජන බලවේගය එවැනි කිසිවකු සමඟ එකතු නොවන බව ත් බොරු ප්‍රචාරණයන්ට හසු නොවන ලෙස ඔහු සඳහන් කළේ ය.

සමගි ජන බලවේගය ප්‍රථම වතාවට පළාත් පාලන මැතිවරණයකට තරග කරන නිසා ඇතැම් අය මෙවැනි ප්‍රවෘත්ති මවන බව විපක්ෂ නායකවරයා චෝදනා කරයි.

බොරුවට, මුසාවට හා මංමුළාවට වැඩි ආයුෂ නැති බවත් පොදුජනවාදී අලු‍ත් ගමනක හැරවුම් ලක්ෂ්‍යය පළාත් පාලන මැතිවරණයේදී සමගි ජන බලවේගයේ ජයග්‍රහණයෙන් සිදුවනු ඇති බවයි ඔහු පවසන්නේ.

එසේ ම, උත්සව සමයක කඩිමුඩියේ මැතිවරණය තියන්නේ රජයට ඇති අප්‍රසාදය එන්න එන්නම වැඩි වෙන නිසා බවත්, මේ අලු‍ත් අවුරුදු සමය තුළ ධාතුන් වහන්සේ ප්‍රදර්ශන, පාස්කු දිනය, රාමසාන් සමය හා වෙසක් උත්සවය තිබියදී මේ අය මැතිවරණයක් තියන බවත් එයට හේතුව රජයට ඇති අප්‍රසාදය වැඩි වීම බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect