Live 24

October 16, 2025
☁️Overcast, 27°C
October 16, 2025
☁️Overcast, 27°C
  • Home
  • News
  • සජිත්, මහින්ද, රනිල් එකතු වෙන බවට පැතිර යන කතාවට සජිත් ප්‍රේමදාසගෙ​න් පිලිතුරු
Image

සජිත්, මහින්ද, රනිල් එකතු වෙන බවට පැතිර යන කතාවට සජිත් ප්‍රේමදාසගෙ​න් පිලිතුරු

සජිත්, මහින්ද, රනිල් එකතු වෙන බවට පැතිර යන කතා අමූලික පට්ටපල් බොරු බව සමගි ජන බලවේග නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පුත්තලමේ පැවති ජන හමුවකදී ඔහු මේ බව පැවසීය.

සමගි ජන බලවේගය මෙවර පළාත් පාලන මැතිවරණයේ විශිෂ්ට ජයක් ලැබීම වැළැක්වීමට බංකොලොත් දේශපාලන පක්ෂ එකට එකතු වී ව්‍යාජ පුවත් ජනගත කරමින් සිටින බව විපක්ෂ නායකවරයා පවසයි.

එවැනි ප්‍රචාරණයන් අමූලික බොරු බවත් සමගි ජන බලවේගය එවැනි කිසිවකු සමඟ එකතු නොවන බව ත් බොරු ප්‍රචාරණයන්ට හසු නොවන ලෙස ඔහු සඳහන් කළේ ය.

සමගි ජන බලවේගය ප්‍රථම වතාවට පළාත් පාලන මැතිවරණයකට තරග කරන නිසා ඇතැම් අය මෙවැනි ප්‍රවෘත්ති මවන බව විපක්ෂ නායකවරයා චෝදනා කරයි.

බොරුවට, මුසාවට හා මංමුළාවට වැඩි ආයුෂ නැති බවත් පොදුජනවාදී අලු‍ත් ගමනක හැරවුම් ලක්ෂ්‍යය පළාත් පාලන මැතිවරණයේදී සමගි ජන බලවේගයේ ජයග්‍රහණයෙන් සිදුවනු ඇති බවයි ඔහු පවසන්නේ.

එසේ ම, උත්සව සමයක කඩිමුඩියේ මැතිවරණය තියන්නේ රජයට ඇති අප්‍රසාදය එන්න එන්නම වැඩි වෙන නිසා බවත්, මේ අලු‍ත් අවුරුදු සමය තුළ ධාතුන් වහන්සේ ප්‍රදර්ශන, පාස්කු දිනය, රාමසාන් සමය හා වෙසක් උත්සවය තිබියදී මේ අය මැතිවරණයක් තියන බවත් එයට හේතුව රජයට ඇති අප්‍රසාදය වැඩි වීම බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.

Releated News

බස්නාහිර පළාත් හා අමාත්‍ය ධූරය සඳහා ප්‍රබල මාධ්‍ය හිමිකරුවෙක් තරගයට

ලබන වසරේ අප්‍රේල් මස පැවැත්වීමට නියමිත පළාත් සභා මහ මැතිවරණය සඳහා තරග වැදීමට ප්‍රබල මාධ්‍ය හිමිකරුවෙකු මහා අමාත්‍ය…

Oct 10, 2025
වාර්තාවක් නිසා සජිත් සහ කථානායක පැටලෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කථානායක ජගත් වික්‍රමරත්න මහතා අතර අද (23) පාර්ලිමේන්තුවේදී උණුසුම් සංවාදයක් ඇති වුණා. ආරක්ෂක…

Sep 23, 2025
මුණුබුරා සමඟ ගල්තලාවක නිදන් හෑරූ හිටපු මන්ත්‍රීනිය අත්අඩංගුවට

මුණුබුරා  සමඟ එක්ව නිවෙස පිටුපස ඓතිහාසික බවක් ඇති බවට සැක කෙරෙන ගල්තලාවක නිදන් හාරමින් සිටි ශ්‍රී ලංකා පොදුජන…

Sep 23, 2025
එක්ස්ප්‍රස් ෆීඩර්ස නැව් සමාගම වන්දි ගෙවන්න බැහැ කියලා

2021 වසරේදී මෙරට දරුණුතම පාරිසරික ව්‍යසනයට හේතු වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධියෙන් ඇතිවූ පාරිසරික මෙන්ම ආර්ථික හානිය…

Sep 23, 2025
1 Comments Text
  • zoritoler imol says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    I have been absent for some time, but now I remember why I used to love this web site. Thanks , I will try and check back more often. How frequently you update your site?
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *