Live 24

February 19, 2026
🌤️Mainly clear, 27°C
February 19, 2026
🌤️Mainly clear, 27°C
  • Home
  • News
  • සජිත් ප්‍රේමදා​ස අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි!
Image

සජිත් ප්‍රේමදා​ස අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදා​ස මහතා සිය අධ්‍යාපන සුදුසුකම් අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ තිබෙනවා.

විපක්ෂ නායකවරයා සඳහන් කළේ ඊයේ (17) නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා මතු කළ කාරණාවක් ඉලක්ක කරගනිමින් මෙම ඉදිරිපත් කිරීම සිදු කරන බවයි.

තමා මෙරට සාමාන්‍ය පෙළ විභායට පෙනී නොසිටි බවත් තමා සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන්නේ එංගලන්තයේදී බවත් සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පැහැදිලි කළා.

තමා සාමාන්‍ය පෙළ විභාගය අසමත් වූ බව ව්‍යාජ පුවතක් බවත් එය සමාජ ගත කිරීම සම්බන්ධයෙන් කණගාටුවට පත් වන බවත් ඔහු තවදුරටත් සඳහන් කළා.

මම ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය පෙර පාසල් අධ්‍යාපනය ලැබුවාප්‍රාථමික අධ්‍යාපනය ශාන්ත තෝමස් විද්‍යාලයෙනුත්, ද්විතීයික අධ්‍යාපනය රාජකීය විද්‍යාලයෙනු ලබා ගත්තාමම මේ රටේ සාමාන්‍ය පෙළ විභාගය කළේ නැහැ, මම ඉදිරිපත් කරන්න කැමති පාසලේ ප්‍රගති වාර්තාව. කාලයක් කණිෂ්ඨ ශිෂ්‍ය නායකයෙක් විදියට මෙන්ම 13න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ හිටියා ඒ සහතිකත් මම ඉදිරිපත් කර තිබෙනවා.අනතුරුව මම එංගලන්තයේ මිල්හෙල් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවා. 83/84 කාල වකවානුවේ මම The Oxford and Cambridge Schools Examination Board යටතේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිමින් A2 B2 C 3 වශයෙන් ප්‍රතිඵල ලබා ගෙන සමත් වුණා.

යනුවෙන් ඔහු සිය අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

Releated News

හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනයේ 12ක් පෝරකයට

පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා නිට්ටඹුව නගරයේ දී පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ  12…

Feb 11, 2026
කතානායකට අල්ලසෙන් පරීක්ෂණයක්

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව බාරදී ඇති දූෂණ වංචා චෝදනා පිළිබඳ පැමිණිල්ල සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා…

Feb 8, 2026
පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පතට එරෙහි පෙත්සමක්

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් මූලික අයිතිවාසිකම් කඩවන බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත…

Feb 5, 2026
කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *