Live 24

March 11, 2026
🌤️Mainly clear, 27°C
March 11, 2026
🌤️Mainly clear, 27°C
  • Home
  • Sinhala
  • සජබ – එජාප තවත් සාකච්ඡාවක් අද රාත්‍රියේදී
Image

සජබ – එජාප තවත් සාකච්ඡාවක් අද රාත්‍රියේදී

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වෙන සාකච්ඡා වටයේ තවත් සාකච්ඡාවක් අද (28) පැවැත්වීමට නියමිතව තිබේ.

අද රාත්‍රියේ මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබුණද මේ දක්වාත් අදාළ සාකච්ඡාව පැවැත්වෙන ස්ථානය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම ප්‍රකාශයට පත් කර නොමැත.

එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව තරග කළ යුතු බවට සංවාදයක් මතුවීමත් සමග දෙපාර්ශ්වය සමග මෙම සාකච්ඡා ආරම්භ වී ඇත.

ඒ අනුව අදාළ සාකච්ඡා වටයේ තුන්වන සාකච්ඡා වටය අද දිනයේ පැවැත්වීමට සැලසුම් කර ඇත.

මෙහිදී මීට පෙර සාකච්ඡාවලදී යෝජනා වූ තීරණ පිළිබඳව පක්ෂ දෙකේ නායකයින් සමග සාකච්ඡා කර ඔවුන්ගේ අදහස් පිළිබඳව අද පැවැත්වෙන සාකච්ඡාවේදී අවධානය යොමු කිරීමට නියමිත බවත් වාර්තා වේ.

සමගි ජන බලවේගයේ කණ්ඩායම අද පස්වරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රෙමදාස මහතා සමග අදාළ යෝජනා සම්බන්ධව සාකච්ඡා කිරීමට නියමිතව තිබේ. 

Releated News

FBI එකටත් බැරි වුණ එකේ අපිට පාස්කු වළක්වන්න පුළුවන්ද – සුජීව

පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදී හෝටල් සහ පල්ලි වසා දැමීමට පියවර ගත්තේ නම් රටේ විශාල කලබලයක් ඇති…

Feb 27, 2026
අජිත් රෝහණගෙන් ආණ්ඩුවට ක්‍රෙඩිට් එකක්

වර්තමානය වන විට පාර්ලිමෙන්තුව විසින් නිර්මාණය කරපු අතිවිශිෂ්ට නීතිය වන්නේ අපරාධයකින් උත්පාදිත දේපල පිළිබඳ පනත බව ජේෂ්ඨ නියෝජ්‍ය…

Feb 27, 2026
iPhone පරිශීලකයන්ට WhatsApp Web ලොග් වීමේ ගැටළුවක්

වට්ස්ඇප් වෙබ් සඳහා පිවිසීමේ දී ගැටලු මතුවනවා යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ,…

Feb 27, 2026
දිනකට රුපියල් ලක්ෂයක් කප්පම් ගත් ‘හොරා පොලිස්’ අත්අඩංගුවට

උසස් පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින් බිය වද්දා කප්පම් ලබාගත් පුද්ගලයෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට…

Feb 27, 2026
1 Comments Text
  • panama cpi says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Your blog post was a much-needed reminder to slow down and appreciate the little things in life. Thank you for the dose of positivity!
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *