Live 24

Saturday
September 7, 2024
loader-image
temperature icon 28°C
overcast clouds
Saturday
September 7, 2024
  • Home
  • Crime/police
  • සංදර්ශන කරලා කිසිවකුගේ ප්‍රශංසා ලබාගැනීමට ශ්‍රී ලංකා පොලිසියට කිසිඳු බලාපොරොත්තුවක් නෑ. – පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්
Image

සංදර්ශන කරලා කිසිවකුගේ ප්‍රශංසා ලබාගැනීමට ශ්‍රී ලංකා පොලිසියට කිසිඳු බලාපොරොත්තුවක් නෑ. – පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්

සංදර්ශන කරලා කිසි කෙනෙක්ගෙන් ප්‍රශංසා ලබාගැනීමට ශ්‍රී ලංකා පොලිසියට කිසිඳු බලාපොරොත්තුවක් නෑ. මේ රටේ මහජනතාවට අපරාධ බියෙන් තොරව ජිවත් විය හැකි සාමකාමි සමාජයක් බිහි කිරීම යුක්තියේ මෙහෙයුම මගින් සිදුකරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළ අතර, එතුමන් මෙම අදහස් පළ කලේ  ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති “නීතිගරුක රටක් යන තේමාව යටතේ ඌව පළාත් ප්‍රජා කමිටු සමාජිකයන් බල ගැන්විමේ වැඩසටහනට ඊයේ දින (06) එක් වෙමිණි.

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් පොලිස්පතිතුමන් කියා සිටියේ යුක්තිය මෙහෙයුම මගින් මේ දක්වා මාස 06ක කාලය තුළ සැකකරුවන් 152,470 ක් අත්අඩංගුව ගත් බවත්, එයින් දැඩි ලෙස මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වු 3,765 ක තරුණ පිරිසක් පුනරුත්තාපනය සඳහා යවා ඇති බවත්,  මේ වන විට ඔවුන් යහපත් මිනිසුන් ලෙස සමාජගත කිරීමට හැකි වී ඇති බව සඳහන් කළ පොලිස්පතිතුමන්,

මේ යුක්තියේ මෙහෙයුම ඉදිරියට පවත්වාගෙන  යන විට සමහර දේශීය පුද්ගලයන් මෙන්ම විදේශීය රටවල ජීවත් වන ඇතම් පුද්ගලයින් විවිධ විවේචන සිදු කළ නමුත්, 2023 වසරට සාපේක්ෂව 2024 වර්ෂයේ දී සියයට 24ක් මෙරට අපරාධ අවම වී ඇති බවත්, මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිව විනාශ වෙලා යන තරුණයින්ගේ ජීවිත එයින් බේරගෙන යහපත් මිනිසුන් ලෙස යළිත් සමාජගත කරන බවත්, “යුක්තියේ මෙහෙයුම මගින් මෙරට මත්ද්‍රව්‍ය බියෙන් තොර අපරාධ අවම සමාජයක් බිහිකිරීම සඳහා අඛණ්ඩව ක්‍රියා කරන බව පොලිස්පතිතුමන් වැඩිදුරටත් පැවසීය.

Releated News

කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ හිටපු නඩු භාණ්ඩ භාර­කරු දින 7ක් රඳවා ප්‍රශ්න කරන්න අව­සර

කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ නඩු භාණ්ඩ කාම­රයේ ගබඩා කර තිබූ රුපි­යල් කෝටි 24ක් වටිනා හෙරො­යින් කිලෝ 12ක් අතු­රු­දන්…

Aug 31, 2024
දේශබන්දු හිටියොත් මැතිවරණය සාමකාමිව තියන්න වෙන්නේ නෑ‘‘ – හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

දේශබන්දු තෙන්නකොන් මහතා පොලිස්පතිධූරයේ සිටියානම් ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපති මැතිවරණය සාමකාමීව පැවැත්වීමට සිදු නොවන බවත් දේශබන්දු තෙන්නකොන් මහතා පොලිස්…

Jul 25, 2024
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට ලාල් කාන්ත සහ වසන්තගෙන් බිය වැදීමක් 

චමුදිත විසින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ලාල් කාන්ත වෙනත් වැඩසටහනකදී ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කළේ, චමුදිත විසින් සිදු…

Jul 22, 2024
අතුරුගිරියේ වෙඩි තැබීමක්

ක්ලබ් වසන්ත මිය යයි, කේ.සුජීවාට තුවාල ! අතුරුගිරියේ සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ 6 දෙනෙක් හෝමාගම රෝහලට ඇතුළත්…

Jul 8, 2024
1 Comments Text
  • latestsession says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    My brother suggested I might like this website He was totally right This post actually made my day You cannt imagine just how much time I had spent for this information Thanks
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *