ශ්‍රී ලංකාව ලොව ඉදිරියේ සම-තරගකරුවෙකු කිරීම රජයේ අපේක්ෂාවයි

නවෝත්පාදන ක්ෂේත්‍රයේ සම-තරගකරුවෙක් නොවන ශ්‍රී ලංකාව,  අනෙකුත් රාජ්‍ය හා සම-තරගකරුවෙකු බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා පැවසුවේ මෙම ඉලක්කය සපුරා ගැනීමේදී ඩිජිටල්කරණය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බවත් ඒ වෙනුවෙන් නවෝත්පාදන ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් සිදු කළ යුතුව තිබෙන බවය.

‍ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ කොළඹ ITC රත්නදීප හෝටලයේ ඊයේ (20) පැවති The Innovation Island Summit – 2025 සමුළුව අමතමිනි. 

The Innovation Island Summit – 2025 සමුළුව ශ්‍රී ලංකාව තුළ පැවැත්වීම ඔස්සේ පිළිඹිබු වන්නේ මෙරට නවෝත්පාදනය කෙරෙහි නව ව්‍යවසායකත්වය තුළ පවතින උනන්දුව සහ අපේක්ෂාව බව පැවසූ ජනාධිපතිවරයා  මානව ශිෂ්ටාචාරයේ විවිධ අදියර අප හඳුනාගෙන තිබෙන බවත්, එම මානව ශිෂ්ටාචාරයේ සෑම අලුත් පරිච්ඡේදයක්ම ලියැවෙන්නේ නවෝත්පාදන හරහා බවත් සඳහන් කළේය.

සෑම විටම මිනිස් ශිෂ්ටාචාරය නව අදියරකට ඔසවා තබන්නට නවෝත්පාදන සිදු කළ කාර්යභාරය ඉතා වැදගත් බවත් පෙන්වාදුන් ජනාධිපතිවරයා මිනිසුන්ගේ අවශ්‍යතා වෙනස් නොවන නමුත් අවශ්‍යතාවය සපුරා ගන්නා ආකාරය වෙනස් වී ඇති බවත් පෙන්වා දුන්නේය. 

අලුත් අවශ්‍යතා සපුරා ගන්නා මාලිදිය විසින් වෙළෙඳපොළ නිර්මාණය කරන බවත්, නව වෙළෙද පොළක් ඇති වන්නේ අවශ්‍යතා සපුරා ගැනීමේ මාදිලිය වෙනස් වුවහොත් පමණක් බවත් සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝකයේ රටවල් ජයග්‍රහණ අත්පත් කරගෙන තිබෙන්නේ ඔවුන් වෙනස් වන මාදිලිය  හඳුනාගෙන එය අත්පත් කර ගැනීම නිසා බවත්, අසල්වාසී ඉන්දියාව ඊට හොදම නිදර්ශනයක් බවත් පැවසීය.

රටේ නවෝත්පාදන සඳහා විශාල අවස්ථා තිබෙන බවත් ශ්‍රී ලංකාව 2030 වසර වන විට ඩිජිටල්කරණයේ නව මාවතක් කරා ගෙන යෑමට අපේක්ෂා කරන බවද පැවසීය.

නවෝත්පාදන සඳහා මෙවර අයවැයෙන් ප්‍රමුඛතාවක් ලබා දී ඇති බවත් නව සොයා ගැනීම් වාණිජකරණය වෙනුවෙන් යොදාගත යුතුව තිබෙන බවද පෙන්වා දුන්නේය.

මේ වසරේ ඩොලර් බිලියන 19ක අපනයන ආදායමක් අපේක්ෂා කරන බවත්, එම අපනයන ආදායම සාක්ෂාත් කර ගැනීමට නම් නවෝත්පාදන ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් සිදු කළ යුතුව තිබෙන බවද ජනාධිපතිවරයා පැවසීය. 

නවෝත්පාදනයේ ප්‍රතිලාභ සමස්ත ජනතාව වෙත රැගෙන යෑමේ පරිසරය නිර්මාණය කිරීම රජයේ වගකීම බවත් රජය  අපේක්ෂා කරන අරමුණු රැසක් නවෝත්පාදනය හා බැදී පවතින බවත් පැවසීය. 

ගෝලීය ආර්ථික තරගයේදී ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග මෙන්ම ඩිජිටල්කරණය සහ නවෝත්පාදනයේ අවශ්‍යතාවයද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා  ඒ සඳහා ජාත්‍යන්තර හවුල්කරුවන්ට සහ ආයෝජකයින්ට මෙරටට පැමිණෙන ලෙස ආරාධනා කළ අතර, නව ආයෝජන ශ්‍රී ලංකාවට ගෙන එන ලෙසද ඉල්ලීමක් කළේය.

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect