වීසාවලින් ඩොලර් බිලියන 1.2ක් හොරා කෑ අයට එරෙහිව අධිකරණය තීන්දුවක් ගන්න අපි සමත් වුණා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

දැවැන්ත මූල්‍ය වංචාවකට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රමුඛ හොර නඩය VFS ආයතනයට රටේ වීසා නිකුත් කිරීම ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් තොරව ලබා දීම නිසා ඩොලර් බිලියන 1.2ක් පාඩු වූ බවත් මේ හොර මගඩිය හෙළිදරව් කලෙ තමා බවත් මේ හොර මගඩිය ගැන රවුෆ් හකීම්, සුමන්තිරන්, චම්පික රණවක, රංජිත් මද්දුම බණ්ඩාර, අශෝක් අබේසිංහ, සමගි ජන බලවේගයේ නීතිඥ කණ්ඩායම එකට එකතු වී මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීම නිසා මේ මගඩිය තහනම් කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් ලබා දුන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ සමගි ජන බලවේගය විපක්ෂයේ සිටම හොරු ඇල්ලු දෙවැනි අවස්ථාව බවත් කයිය නායකයෝ මේ ගැන කතා නොකළත් සමගි ජන බලවේගය ඒ වෙනුවෙන් පෙනී සිටි බවත් ෆයිල් පෙන්ව පෙන්ව කයිය ගහන කයිය නායකයෝ මෙහි දී කට වහන් සිටි බවත් මේ බොරුකාරයන්ට නොරැවටෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ගම්පහ පැවැති දසවැනි දිවිදෙන රණවිරු බලවේගයේ සමුළුව අමතමිනි.*

සමගි ජන බලවේගය ළග බොරු වැඩ නොමැති බවත් ක්‍රියාවෙන් වැඩ පෙන්වන බවත් VFS ගනුදෙනු නිසා රටට අහිමි වූ මුදල්වලින් පාසල් සංවර්ධනය කරන්න හැකි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

*දෙවැනි මානුෂීය මෙහෙයුමට එක්වන්න*

මානුෂීය මෙහෙයුමක් හරහා මෙරට ත්‍රස්තවාදීන්ගෙන් මුදවා ගත්තත් මේ වන විට රට මූල්‍ය ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බවත් බංකොලොත් රටේ පාලකයෝ ජනතා දේපල තමන්ගේ පෞද්ගලික දේපල මෙන් භාවිත කරන බවත් හොරකම මැරකම දූෂණය නිසා රට මූල්‍ය ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බැවින් ඒ මානුෂීය මෙහෙයුමේ දෙවැනි පියවර ආරම්භ කර මූල්‍ය ත්‍රස්තවාදීන් නීතිය හමුවට ගෙනවිත් එම සොරා කැ මුදල් නැවත රටට ලබා ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ දෙවැනි මානුෂීය මෙහෙයුමෙන් පවුල් වාදී හොර පවුල්වල අය නීතිය හමුවට ගෙනවිත් යුක්තිය සාධාරණත්වය ඉටු කර නැවත රටෙන් සොරා කැ සම්පත් ලබා ගත යුතු බවත් ඒ ඉලක්කය කරා යාමට සහාය අවශ්‍ය බවත් ඊට අදාළ පදනම මේ වන විටත් තබා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

*රට බංකොලොත් කළ හොරු ඇල්ලුවෙත් අපි*

සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානයේ නීති⁣ඥයෝ සහ විශේෂඥයන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් විනිසුරුවන් 1/4ක තීන්දුවක් ලබා ගෙන ගොඨාභය, මහින්ද, බැසිල ප්‍රමුඛ පිරිස රට බංකොලොත් කළ බවට තීන්දුවත් ගත් බවත් මූලික අයිතිවාසිකම් කඩ කළ බවට තහවුරු වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

*පාලකයෝ මූලික අයිතිවාසිකම් තීන්දු පවා විවේචනය කරනව*

මේ වන විට රටේ මූලික අයිතිවාසිකම් තින්දු පවා අවලංගු තීන්දු ලෙස සලකන රාජ්‍ය පාලනයක් ඇති බවත් මොවුන් මෙවැනි ප්‍රකාශ කරන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට සැගවී වුවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු විවේචනය කරන සියලු දෙනාම එම තීන්දුවට අදාළ වරදේ හවුල් කරුවන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය දේශපාලන දඩයම් නොකරණ බවත් නීතිය උත්තරීතර කර නීතිය නිවැරදිව ක්‍රියාත්මක කරණ බවත් දඩයම් දේශපාලනය නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ආරක්ෂක අංශ දේශපාලනඥයන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බවත් එය මැර දේශපාලනයේ කොටසක් බැවින් ඒ සංස්කෘතිය වෙනස් කරන බවත් කුඩු ජාවාරම මත්ද්‍රව්‍ය ජාවාරම ආදිය මිනිමැරුම් දූෂණ වංචා සොයා ගැනීම සඳහා නව තාක්ෂණය යොදා ගන්නා බවත් මේ සදහා අප රටේ ඇත්තේ ප්‍රමාදකාරී ක්‍රමවේදයක් නිසා එමගින් යුත්තිය හා සාධාරණත්වය ඉටු නොවීමේ ගැටලුව ද විසදන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මේ වන විට ලෝකයේ යුද තාක්ෂණය පවා දියුණු වී අපරාධ කරුවන් අල්ලා ගැනීමේ තාක්ෂණය පවා දියුණු වී ඇති නිසා ඒ සදහා අප ද යොමු විය යුතු බවත් මේ ක්ෂේත්‍රයේ වැඩ කරන අයට ඉහළ වේතනයක් ලබා දිය යුතු බවත් එවිට ඔවුන්ට ස්වාධීනව වැඩ කිරීමේ හැකියාව ලැබෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect