විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕනෙ

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සංවාදය ඉදිරියට ගත යුතු බව ඉඩම් හා කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩි. ලාල්කාන්ත මහතා පවසනවා.

අද (16) මාධ්‍ය කළ විමසීමකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට තමන් පොරොන්දුවක් දී ඇති බවත්, එම සාකච්ඡාව ඉදිරියට ගත යුතු බවයි.

එමෙන්ම අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ වත්කම් පිළිබද ඔහුගෙන් කළ විමසීමකදී ලාල්කාන්ත මහතා සදහන් කළේ, නීතිය සියලුදෙනාටම සමාන බවයි.

“වත්කම් බැරකම් නිත්‍යානුකූලව බාර දෙනවානේ. ඊට පස්සේ ඒවා වැරදිනම් හරි ඒවා සම්බන්ධයෙන් කටයුතු කරන්න පුලුවන් ඕනෑම කෙනෙකුට. කිසිම ප්‍රශ්නයක් නෑ. කාටත් නිතිය එකයි. ජාතික ජන බලවේගයේ ඇමති වුණත්, ජාතික ජන බලවේගයේ අගමැති වුණත්, ජාතික ජන බලවේගයේ මන්ත්‍රී වුණත්, පාර්ලිමේන්තුවේ නොවුණත් ප්‍රාදේශීය සභාවල නගර සභාවල වුණත් කාටත් නීතිය එකයි. මටත් එකයි කාටත් එකයි. ඒ අනුව රටේ කටයුතු සිද්ධ වෙනවා.

මං හිතන්නේ මෙහෙමයි. ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් යම්කිසි නිශ්චිත චෝදනාවක් තියෙනවනා නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නත් නීතිමය ආයතන බැ‍දිලා ඉන්නවා. ඒවාට කිසිම බාධාවක් නෑ”

මේ අතර හිටපු ජනාධිපතිවරුන්ගේ පහසුකම් ඉවත් කිරීම පිළිබ‍දවත් ඔහු අදහස් දැක්වුවා.

එහිදී ලාල්කාන්ත මහතා සඳහන් කළේ, එය සමස්ත දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ මහජන ඉල්ලීමක් සහ තම පක්ෂයේ පොරොන්දුවක් බවයි.

“රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕනෑ කියන එක මහජන ඉල්ලීමක්. ඒක අපි දීපු පොරොන්දුවක්. දේශපාලනය කඩාවැටුණා. ආර්ථිකය කඩාවැටුණා. සමාජ සංස්කෘතිය කඩාවැටුණා. ආර්ථිකය හා සමාජ සංස්කෘතිය කඩාවැටුණේ දේශපාලන සංස්කෘතියේ කඩාවැටීම එක්කයි. දේශපාලන සංස්කෘතිය සකස් කිරීම අපි මූලධර්මයක් හැටියට පිළිගන්නවා. ඒ නිසා තමයි ජනාධිපතිලා ජනතාවට නැති වරප්‍රසාද ලබමින් හිටියා. ඒක වෙනස් කරන්න අපි ආණ්ඩුවක් හැටියට තීරණය කළා. අපි ඒක නිත්‍යානුකූලව වෙනස් කළා. ඒක මහින්ද රාජපක්ෂ හෝ චන්ද්‍රිකා කුමාරතුංග හරි වෙනත් පුද්ගලයෙක් ඉලක්ක කරගෙන කරපු දෙයක් නෙවෙයි.

ජනාධිපතිකම දිගට ගෙනියනවාද නැද්ද කියලා ප්‍රශ්නයක් වෙනම තියෙනවා. අපි දීපු පොරොන්දුවක් තියෙනවා විධායක ජනාධිපතිකම මේ රටට ඕනෑ නැහැ කියලා. ඒ සාකච්ඡාවත් අපි ඉදිරියට ගන්න ඕනෑ. ඒකත් ගත යුතුයි. නිර් ප්‍රජාතන්ත්‍රවාදයක් තමයි රටේ තිබුණේ. ඒක ප්‍රජාතන්ත්‍රවාදය පැත්තට ධනාත්මකව ගෙනියන වැඩපිළිවෙලක් තියෙන්නේ. ඒකට ජනතාව සහයෝගය දෙනවා. සමහරුන්ට රිදෙනවා.කරන්න දෙයක් නෑ”

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect