‘‘ජනාධිපතිවරයාගේ කතාව හොදින් අසා සිටියා. අපි එක
දෙයකට එකඟ වෙනවා. කාර්යයේ අසිරු බව අපි අවබෝධ
කරගෙන සිටිනවා. එය ලේසි පහසු කාර්යයක් නෙවෙයි. එය
අසීරු කාර්යයක්. අසිරු කාර්යය ක්‍රියාත්මක කිරිමේදී
අතිශයින් වැදගත් වෙනවා අපි විශ්වාස කරන ආකාරයට
රටේ ජනතාව සත්‍ය අවබෝධ කරගත යුතුයි.
ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව සහ ගිවිසුම් පිළිබඳව
ප්‍රකාශ ගණනාවක් ඉදිරිපත් වෙලා තිබෙනවා. එක වෙලාවක
ප්‍රකාශ කළා ලංකාව අනෙකුත් රටවල් වලට වඩා ඉතා
ඉක්මනින් ණය ප්‍රතිව්‍යුහගතකරණය කළේ කියලා. එය
සත්‍යයෙන් තොර ප්‍රකාශයක්. ඝානාව, ආජන්ටිනාව,
ඉක්වදෝරය, මොංගෝලියා, බෙලීස්, බාබේඩෝස් මෙවැනි
රටවල් අපේ රටට පෙර සිමා සමිති කාල වකවානුවක් තුළ
ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරිමේ ගිවිසුම් ක්‍රියාත්මක
කරන්න සමත් වුණා.
ඝානාව ණය ප්‍රතිව්‍යුහගතකරණය ආරම්භ කළේ 2023
ජනවාරි මාසයේ. sovereign bonds තිබුණා ඩොලර් බිලියන 13
ක්. 2023 මාර්තු මාසයේ creditor committee දුන්නා final
assurances.2024 මාර්තු ගානාව bilateral creditors අත්සන් කළා
MOU එක. 2024 ජුනි මාසයේ ඝානාව එකඟතාවයකට ආවා
principal bond holders සමඟ. ඒ වගේම ඝානාවට හැකියාව
ලැබුණා තමන්ගේ පොලිය සහ ණය සියයට 37 ක් අඩු
කරගන්න.
2019 දී දෙසැම්බර් මාසයේ අර්ජන්ටිනාව ණය සාකච්ඡා
ආරම්භ කළා. death exchange එක ක්‍රියාත්මක වුණා 2021
සැප්තැම්බර් මාසයේ. මේ සියලු දේ සිද්ධ වෙලත්
ආර්ජන්ටිනාවට හැකිවුණා net present value haircut එක පදනම්
කරගෙන සියයට 36 ක ණය අඩු කරගැනීමක් සිදුකර ගන්න.
Market value haircut එක සියයට 56 ක් ලබාගත්තා.
ඉක්වදෝරය ණය සාකච්ඡා ආරම්භ කලේ 2020 මාර්තු
මාසයේ. Death exchange එක ක්‍රියාත්මක කළේ 2020
සැප්තැම්බර් මාසයේ. ඉක්වදෝරයට හැකිවුණා සියයට 42.2
ක net present value haircut එකක් ලබාගන්න.
ශ්‍රි ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව සංඛ්‍යා
ලේඛන , දත්ත අපිට දැන ගන්න ලැබිලා නෑ. අපි
බලාපොරොත්තුවෙන් හිටියා ජනාධිපතිවරයා ජාතිය
ඇමැතීමේදී , රැස්වීම් ආමන්ත්‍රණයේදී , පාර්ලිමේන්තුවේදී මේ
සම්බන්ධයෙන් සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරයි කියලා.
නමුත් හදිස්සියේ පාර්ලිමේන්තු පක්ෂ නායකයින්ගේ
රැස්වීමක් කැඳවලා දින දෙකක් විවාදය කරන බවට සැලසුම්
කරලා එය හදිසියේම නතර කරලා තිබෙනවා. ශ්‍රි ලංකාව
ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් අංග සම්පුර්ණ
ගිවිසුමකට එළඹිලා නෑ. අපි බලාපොරොත්තු වෙනවා
ආර්ජන්ටිනාව, ඝානාව, ඉක්වදෝරය ලබාගත්ත ණය අඩු
කිරිම ශ්‍රී ලංකා රජයත් ඒ හා සමාන හෝ ඊට වැඩිය ණය
අඩු කරගැනීමකට හැකියාවක් ලැබිලා තිබෙනවද කියන
කාරණය පිළිබඳව අපි බලාගෙන සිටිනවා.
නැවත ණය ගෙවීමේ කාර්යය 2028 සිට ක්‍රියාත්මක කිරිම
ගිවිසුම් ගත වුණ බව ජනාධිපතිවරයා ජාතිය අමතා සිදුකළ
කතාවේදී කිව්වා. නමුත් 2023 මාර්තු මාසයේ ජාත්‍යන්තර
මුල්‍ය අරමුදල සිදුකළ death sustainability වාර්තාවේ තිබෙනවා
නැවත ණය ගෙවීම සිදුකරන්න පුලුවන් 2033 සිට බව. 2033
සිට
ණය ගෙවීමේ ක්‍රියාවලිය ආරම්භ වන්නට තිබියදී ඇයි රජයට
බැරිවුණේ ඒ වසරේදීම එය ක්‍රියාත්මක කරන්න
ගිවිසුම් ගත වෙන්න. 2033 දැන් 2028 බවට පත් වෙලා. ණය
ගෙවිමේ කටයුතු 2033 සිදුකරන ලෙස ජාත්‍යන්තර මුල්‍ය
අරමුදල ප්‍රකාශ කරද්දි රජය ණය ගෙවිම 2028 දක්වා
ක්‍රියාත්මක කිරිමට ගිවිසුම් ගතවීම සිදුවුණේ රජය සිදුකළ
සාකච්ඡාවල දුර්වලතා නිසා.
ඒ වගේම ජනාධිපතිවරයා කිව්වා Chinese Exim bank debt එක
ඩොලර් බිලියන 3.9 ක් සඳහ එකඟ වුණ බවත් නමුත්
ඩොලර් මිලියන 13.8 ක Chinese government det එක ගැන
කිසිදු සඳහනක් නෑ. Chinese development bank debt එක
ඩොලර් මිලියන 538 යි. ඒ ගැනත් සඳහන් නෑ. යම් යම්
තොරතුරු කරුණු කාරනා රටට අනාවරණය කරන්නේ
නැතිව තමයි ජනාධිපතිවරයා ණය ප්‍රතිව්‍යුහගතකරණය
සාර්ථකත්වය ගැන කතාකරන්නේ.
ඒ වගේම අපිට පෙනී යනවා වර්තමාන රජය දේශීය ණය
ප්‍රතිව්‍යුහගතකරණය කිරිමේදී අනුගමනය කළ ක්‍රියාවලියත් ,
විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක වන
අවස්ථාවේ ඇත්තටම ජාත්‍යන්තර බැදුම්කර ණය
හිමිකරුවන්ට යටත්වෙලා කටයුතු කරන බව පේනවා.
2022 දී රජය ප්‍රකාශ කළා දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය
කිරිමක් සිදුවන්නේ නෑ කියලා. නමුත් international sovereign
bond holders තර්ජනය කරන කොට දේශීය ණය
ප්‍රතිව්‍යුහගතකරණය ක්‍රියාත්මක කළා. ඒ හරහා සිදුකළේ
primary bond dealers සුපිරි පෝසතුන්ට අත් නොතියා රටේ
වැඩකරන ජනතාවගේ විශ්‍රාමික අරමුදල් වලට පික් පොකට්
ගහන්න කටයුතු කළා.
2023 ඔක්තොම්බර් මාසයේ රජය කිව්වා value recovery
instrument ක්‍රියාත්මක කරන්නේ නෑ කියලා. නමුත් international
sovereign bond holders ට macrolink bond වැඩපිළිවෙළ
ක්‍රියාත්මක කරන්න රජය එකඟ වුණා. ණය අඩු කිරිම තින්දු
වන්නේ GDP එක අනුව. gdp recovery වන විට ණය අඩු කිරිම
සිමා කරන්න රජය macrolink bond හරහා එකඟ වෙලා
තිබෙනවා. එය රටට අසුභවාදි දෙයක්.
Domestic bond holders ට විනිවිධව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන
බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තිබෙනවා. සමබර
ආකාරයට පීඩනය බෙදා ගන්නා බව ප්‍රකාශ කරලා
තිබෙනවා. නමුත් මේ ගැන රජය කතා කළත් රජය
අනුගමනය කරලා තිබෙන්නේ ද්විත්ව ප්‍රතිපත්තියක්.
ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරුවන් සම්බන්ධයෙන් එක්
ප්‍රතිපත්තියක් සහ වැඩකරන ජනතාවගේ විශ්‍රාම වැටුපට
පික් පොකට් ගසමින් රටේ ජනතාවට වෙනස් ප්‍රතිපත්තියක්
ක්‍රියාත්මක කරලා තිබෙනවා.
ජැමෙයිකාව value recovery and insulation head bonds domestic
death restructuring වල ක්‍රියාත්මක කරලා රටට ජනතාවට වාසි
වන ආකාරය Value recovery වන ආකාරයට ක්‍රියාත්මක
කරන්න ජැමෙයිකාවට හැකියාව ලැබිලා තිබෙනවා. නමුත්
එය වර්තමාන රජයට නොහැකිවෙලා තිබෙනවා. වර්තමාන
රජය වැඩ කරන ජනතාවගේ සම්පත් කප්පාදු කිරිමක් තමයි
සිදුකළේ.
ජාත්‍යන්තර බැදුම්කර හිමියන් සමඟ සාකච්ඡා ක්‍රියාත්මක
කිරිම ප්‍රසස්ත ආකාරයට ක්‍රියාත්මක වුණා කියලා
ජනාධිපතිවරයා විශ්වාස කරනවාද ? එය ක්‍රියාත්මක වුණා
නම් ස්වෛරී බැදුම්කරුවන් නියෝජනය කරන කණ්ඩායම්
කියන්නේ නෑ ඔවුන්ගේ ගමනේ ප්‍රගතිය ක්‍රියාත්මක වීම
පිළිබඳව. ශ්‍රී ලංකා රජයේ උනන්දුවක් නැති වීම පිලීබඳව
ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර හිමියන් 2024 ජනවාරි 31
වැනිදා පැහැදිලි විස්තරයක් ඉදිරිපත් කරලා තිබෙනවා.
සියයට 37 ක ණය කප්පාදුවක් ගන්න ගානාවට හැකිවුණේ
ගානාවේ මොහොමඩ් අමීන් අඩන් මුදල් ඇමැතිවරයා
ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර හිමියන් සමඟ සෘජුව
කතාකරලා විශ්වාසය දිනාගෙන රට වෙනුවෙන් සියයට 37
ක ණය කප්පාදුවක් ලබාගත්තා.
විදේශ සංචාර රැසක විරත වුණ ජනාධිපතිවරයාට තිබුණා
ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර හිමියන් සමඟ සෘජුව
කතාකරලා රට වෙනුවෙන් වාසි දායක ගිවිසුමක ප්‍රවේශ
වෙන්න.
ආර්ජන්ටිනාවේ මුදල් ඇමැතිවරයා 2021 දී මුදල් ඇමැතිවරයා
ලෙස ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර හිමියන් සමඟ සෘජුව
කතාකරලා ආර්ජන්ටිනාව වෙනුවෙන් ණය කප්පාදුවක්
ලබාගන්න පුලුවන් වුණා.
ඉක්වදෝරයේ මුදල් ඇමැතිවරයා ජාත්‍යන්තර ස්වෛරී
බැදුම්කර හිමියන් සමඟ සෘජුව කතාකරලා ඔහුට පුලුවන්
වුණා ඉක්වදෝරය වෙනුවෙන් විශාල ණය කප්පාදුවක්
ලබාගන්න.
මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයාට විදෙස් සංචාර
ගණනාවක නිරත වන අවස්ථාවේදී ඔබතුමාට හැකියාව
තිබුණා ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර හිමියන් සමඟ සෘජුව
කතාකරලා රට වෙනුවෙන් විශ්වාසය දිනාගෙන ඒ විශ්වාසය
මත හොදම ගිවිසුම ලබාගන්න තිබුණා. නමුත්
ජනාධිපතිවරයා එම කාර්යයේදී අසමත වුණා.
ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තිබෙනවා ජාත්‍යන්තර මුල්‍ය
අරමුදල සිදුකරලා තිබෙන තාක්ෂණික වාර්තා
පාර්ලිමේන්තුවට ලබාදෙනවා කියලා. නමුත් කිසිදු වාර්තාවක්
පාර්ලිමේන්තුට ලබාදිලා නෑ. ජනාධිපතිවරයා විපක්ෂයේ
සිටින විට බැසිල් රාජපක්ෂ මුදල් ඇමැතිවරයාට චෝදනා
කළා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සිදුකරන සියලු
වාර්තා පාර්ලිමේන්තුවට ලබාදෙන්න කියලා.
ජනාධිපතිවරයාට දැන් අවස්ථාව තිබෙන ජාත්‍යන්තර මුල්‍ය
අරමුදල සිදුකරලා තිබෙන තාක්ෂණික වාර්තා
පාර්ලිමේන්තුවට ලබාදෙන්න. එවිට එම වාර්තා පරිශිලනය
කරලා ඒ පිළිබඳව අදහස් යෝජනා ඉදිරිපත් කරන්න අපිටත්
පුලුවන්.
ණය ප්‍රතිව්‍යුගතකරණය ඉතාම විශිෂ්ඨ ක්‍රියාදාමයක් ලෙස
ජනාධිපතිවරයා හැදින්වුවා. ජනාධිපතිවරයා මුල්‍ය විනිය
පිලිබඳව කතා කළා. මුල්‍ය විනය පවත්වාගෙන යාම
සම්බන්ධයෙන් කතා කරද්දි පුනකරී ව්‍යාපෘතිය ගැන
ජනාධිපතිවරයා කතා කළා. නමුත් අවසානයේ
විනිවිධභාවයක් නැති යෝජනාවක් හරහා එම ව්‍යාපෘතිය
ලබාදිලා තිබෙන්නේ සෝලා පැනල distribute කරන
ආයතනයක. ඒ පර්මිට් එක අරගෙන ඒ පුද්ගලයින්ට
අවස්ථාව ලබාදිලා තිබෙනවා ඒ පර්මිට් එක විකුණාගෙන
කන්න. එයද මුල්‍ය විනය.
ඒ වගේම විනිවිධභාවයක් නැති මෙගාවොට් 500 ක සුළං
විදුලි බලාගාර ව්‍යාපෘතියක් සිදුකරනවා. ඒවගේම
මෙගාවොට් 50 ක සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියක්
සිදුකරනවා ලංකා විදුලි බල මණ්ඩලය ක්‍රියාත්මක කරනවා
ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ. ලංකා විදුලි බල මණ්ඩලය
ක්‍රියාත්මක සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය හරහා සුළං විදුලි
ඒකකයක් ශත 4.8 කට ක්‍රියාත්මක කරන්නත් මෙගාවොට්
500 ක සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය හරහා සුළං විදුලි
ඒකකයක් ශත 8.2 ක්. මෙයද මුල්‍ය විනය.
හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයාට ජනාධිපතිවරයා දුරකථන
ඇමැතුමක් ලබාදීලා යෝජනා කරලා තිබෙනවා සදුදා දිනයේ
මුදල් කමිටුව කැඳවලා කොහොම හරි ණය
ප්‍රතිව්‍යුගතකරණය කිරිමේ යෝජනාව මුදල් කමිටුව හරහා
අනුමත කරලා දෙන්න කියලා. හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා
ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරලා තිබෙනවා ඒ ගැන
සාකච්ඡා කරන්න පුලුවන් කරුණාකරලා ණය
ප්‍රතිව්‍යුගතකරණය සම්බන්ධයෙන් ගිවිසුම ලබාදෙන්න
කියලා. ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තිබෙනවා ජාත්‍යන්තර
ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟ සාකච්ඡා තිබෙන නිසා buy
lateral credits එක්ක ඇති කරගත්ත ගිවිසුම ලබාදෙන්න බෑ
කියලා. හදිසියේ පක්ෂ නායකයින්ගේ රැස්විමක්
අගමැතිවරයා කැදවා ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන
පාර්ලිමේන්තුවේදි දෙදින විවාදයක් කරන බව පවසලා
තිබෙන අවස්ථාවක අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය
දැනගෙන හිටියේ නැද්ද ණය ප්‍රතිව්‍යුහගතකරණය
සම්බන්ධයෙන් වන ගිවිසුම් සම්පුර්ණයෙන් අවසන් කළේ
නැති බව.
රජයේ මධ්‍යම ස්නායු පද්ධය වැඩ කරන්නේ නෑ.
ජනාධිපතිතුමනි මන්දපෝෂණය වැඩිවිම සුබද අසුබද ,
රැකියා අහිමි වීම සුබද අසුබද, රටේ උගතුන් රට හැරයාම
සුබද අසුබද, දුප්පත්කම වැඩිවිම සුබද අසුබද , කුඩා මධ්‍ය
කර්මාන්ත වැසී යාම සුබද අසුබද , ව්‍යවසායකයින්
ව්‍යාපාරවලින් ඉවත් වීම සුබද අසුබද , ඉදිකිරිම් කර්මාන්තය
කඩාගෙන වැටෙන කොට සුබද අසුබද , ආහාර වෙල්
තුනෙන් එකක් හෝ ජනතාව ගන්නේ නැති කොට සුබද
අසුබද.
ස්වෛරී බැදුම්කර හිමියන් සමඟ සාකච්ඡා යන අතර තුර
ජනාධිපතිවරයාට අපි අවසර දෙන්නම් ගිහින් ස්වෛරී
බැදුම්කර හිමියන් හමුවෙන්න. ස්වෛරී බැදුම්කර හිමියන්
සමඟ සාකච්ඡා කරලා ඉක්වදෝරය , ආර්ජන්ටිනාව ,
ගානාවේ මුදල් ඇමැතිවරු රට වෙනුවෙන් ලබාගත් සහනය ,
ණය කප්පාදුව ලබාගන්න කටයුතු කරලා ඒ සම්බන්ධයෙන්
සාකච්ඡා පවත්වලා සාකච්ඡා සාර්ථක කරගන්න කටයුතු
කරන්න. ණය ප්‍රතිව්‍යුගතකරණය දේශපාලනීකරණය
කරගන්න එපා කියලා ජනාධිපතිවරයාට ප්‍රකාශ කරනවා.
ජනාධිපතිවරයාගේ දේශපාලන න්‍යාය පත්‍ර අනුව රටේ
ජනතාව බිල්ලට තියන්න එපා. දේශපාලන කාලසටහන
අනුව කටයුතු කරන්න ගිහින් නරක ගිවිසුමකට එළඹෙන්න
එපා කියලා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා‘‘