වාහන සඳහා ලබා දෙන ණය සීමාවන් ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්

මෝටර් රථ සඳහා ලබා දෙණ ණය වටිනාකම් සීමා කිරීමට ගෙන ඇති තීරණය අද සිට (25) බලාත්මක වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒ අනුව වාණිජ වාහන සඳහා ලබා දෙන ණය සීමාව 60% දක්වා පහත හෙළීමට මහ බැංකුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මෙතෙක් පැවැති වාහනයක් මිලදී ගැනීම සඳහා දිය හැකි උපරිම ණය සීමාව වාහනයේ වටිනාකමින් 70%ක අගය 60% දක්වා 10%කින් පහත දමා තිබුණා.

එමෙන්ම මෝටර් රථ, එස්.යූ.වී, වෑන්රථ සහ ත්‍රීරෝද රථ ඇතුළු පුද්ගලික වාහන මිලදී ගැනීම සඳහා ණය පහසුකම් සැපයීමේදී ඒ සඳහා දිය හැකි උපරිම ණය සීමාව මෙතෙක් පැවැති 50% සිට 40% දක්වා 10%කින්ද ද අඩු කර තිබෙනවා.

මින් පෙර 2025 වසරේදී ද මෙම ණය සීමාවන් පහත දැමීමටද මහ බැංකුව තීරණය කර තිබුණා.

ඒ අනුව පසුගිය වසරේ ජූලි මස 17 වැනි දින මේ සම්බන්ධව පැවැති අගයන් වූයේ වාණිජ වාහන  සඳහා 80%ක් සහ මෝටර් රථ සහ වෑන් රථ සඳහා උපරිම ණය සීමාව 60%ක් දක්වා.

පවතින තත්ත්වයන් තුළ එම අගයන් සංශෝධනය කරමින් 2025 නොවැම්බර් 7 වැනි දින මෙම අගයන් තවත් පහළ හෙළීමට මහ බැංකුව තීරණය කළා.

ඒ අනුව වාණිජ වාහන සඳහා උපරිම ණය සීමාව 70%ක් දක්වාත් මෝටර් රථ, වෑන්, ත්‍රීවිල් සහ අනෙකුත් වාහන සඳහා ණය සීමාව 50% දක්වාත් පහළ දැමීමට මහ බැංකුව කටයුතු කෙරුණා.

පවතින තත්ත්වයන් තුළ නැවතත් එම අගයන් සංශෝධනය කරමින් මහ බැංකුව විසින් අද සිට බලාත්මක වන පරිදි වාණිජ වාහන සඳහා උපරිම ණය සීමාව 60%ක් දක්වා සහ මෝටර් රථ, වෑන්, ත්‍රීවිල් සහ අනෙකුත් වාහන සඳහා 40%ක උපරිම ණය සීමාවන් පැනවීමට මහ බැංකුව තීරණය කර තිබෙනවා.

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect